leader s

ලන්ඩනයේ ආධුනික ක්‍රීඩා පිටියෙන් උගන්ඩාවේ ටෝරො රාජධානියේ අභිෂේකය දක්වා යන ගෝල රකින්නා ජෝර්ජ් කමුරාසිගේ ඇදහිය නොහැකි ඉරණම.


ඔයෝ රජුගේ අභාවයෙන් හිස් වූ සිංහාසනයට එංගලන්තයේ South East Dons කණ්ඩායමේ නායකයා නම් කෙරෙන ලකුණු.




ආධුනික ගෝල්රකින්නෙක්....උගන්ඩා රාජධානියේ හිස්වූ සිංහාසනයක්... අලුත් රජෙකු සෙවීමක්...

මේ පාපන්දු තරග වාරයේ වඩාත්ම සිත්ගන්නා අන්දරය ද මේ?

එංගලන්තයේ තිබෙන වැඩිම ජනප්‍රියතාවයකින් යුත් ආධුනික පාපන්දු ක්‍රීඩා සමාජවලින් එකකි South East Dons. එහි වර්තමාන නායක හා ගෝල්රකින්නා වන ජෝර්ජ් ඩෙස්මන්ඩ් කමුරාසි (George Desmond Kamurasi) වටා මතුව තිබෙන තත්ත්වයට අනුව එම ජනප්‍රියතාව ළඟදී වෙනස් වන්නේ නැහැ.

එළඹෙන සතිඅන්තයට පෙර සිදුවනු ඇතැයි අපේක්ෂිත ඔයෝ නයිම්බා කාබම්බා ඊගූරූ රූකීඩී (Oyo Nyimba Kabamba Iguru Rukidi IV) රජුගේ අවමංගල්‍යයට සහභාගි වීම පිණිස කමුරාසි දැන් උගන්ඩාව ට ගොස් සිටිනවා. එහි සම්ප්‍රදායට අනුව ඒ රජතුමාගේ භූමදානයට පෙර ඔහුගේ අනුප්‍රාප්තිකයා නම් කෙරෙන අතර නව රජ ලෙස කමුරාසි තෝරා ගනු ඇතැයි බොහෝ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

උගන්ඩාව පාලනය කරන්නේ තෝරා ගනු ලැබූ ජනාධිපතිවරයෙක් හා පාර්ලිමේන්තුවක් මගින් වූව ද, දේශපාලනික බලයක් නැතත් සැලකිය යුතු මට්ටමේ සංස්කෘතික බලපෑමක් නොකඩවා පවත්වා ගෙන යන සාම්ප්‍රදායික රාජධානි කිහිපයක් තවමත් එහි තිබෙනවා.

 

kamu7
බටහිර උගන්ඩාවේ ටෝරො (Tooro) රාජධානිය 1995 වසරේ සිට පාලනය කළේ ඔයෝ  මහරජ යි. ඔහු 34 වැනි වියේ පසුවෙමින් සිටියදී අමෙරිකාවේදී පසුගිය සතියේ මිය ගියේ බරපතල පිළිකාවකට ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුවයි.

36 හැවිරිදි කමුරාසි Babiito නමැති ගෝත්‍රික වංශයෙන් කෙළින්ම පැවත එන්නෙක් සහ හිටපු ඔ්යෝ රජුගේ ඥාති සොහොයුරා ද වනවා.

පාපන්දු ක්‍රීඩාවේ ඉනිමග නැගීමේ SE Dons කණ්ඩායමේ උත්සාහයේ ප්‍රධානතම සාමාජිකයෙකි කමුරාසි. එම සමාජය එෆ්.ඒ. කුසලාන සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයට පිවිසෙමින් මෑතකදී අවධානයට ලක්වුණා. ඔවුන් සැප්තැම්බර් 19 වැනි සෙනසුරාදා චිචෙස්ට සිටි කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි.

වයස අවුරුදු තුනක්ව තිබියදී සිහසුනට පිවිසි ඕයෝ  රජ ලෝකයේ ළාබාලතම අධිරාජයාව සිටියා. උගන්ඩාවේ ටෝරො රාජධානියේ පුරප්පාඩුව තිබෙන රාජාසනය බොහෝ කුමන්ත්‍රණ හා අනුමාන කිරීම්වලට ලක්ව තිබෙනවා.

නව රජතුමා ස්ථිර කිරීමේ කාර්යය පැවරී ඇති රාජකීය තේරීම් කමිටුව ලේ නෑකමෙන් එන පෙළපත පමණක් නොව මිය ගිය අධිරාජයාගේ ඥාතීන් ද ඇතුළත් වන අවසාන කෙටි ලේඛනයක් පළමුව නිර්මාණය කළ යුතුව තිබෙනවා.

 

800x800y7
සම්ප්‍රදායට අනුව, ඔයෝ  රජුගේ මිනීපෙට්ටිය ඔහුගේ අනුප්‍රාප්තිකයා සහ සමීපතම ඥාතීන් ස්වල්ප දෙනෙකු පිරිවරා ගෙන රාජකීය භූමදාන පිටියට ගෙන යනවා. අවමංගල්‍ය උත්සවයේදී ඔ්යෝ රජ මිහිදන් කරන පොළොවට නව රාජයා කෝපි ඇට නවයක් විසි කරනවා.

විශේෂයෙන් තෝරා ගනු ලැබූ පුද්ගලයෙක් විසින් පිසින ලද විශේෂ ආහාරයක් භුක්ති විඳීම සඳහා රජ මාලිගය වෙත යාමට පෙර නව රාජයා සිහසුන වෙනුවෙන් තවත් කෙනෙකු සමග සටන් කිරීම ද අපෙක්ෂා කෙරෙනවා.

අතීතයේදී, රාජධානියේ සියලුම පාලකයන් ඒ පළාතේ ම ජීවත්ව සිටි අතර ටෝරො රාජධානි ඉතිහාසයේ කිසිම කෙනෙක් සිංහාසනය බාර ගැනීම මෙතෙක් ප්‍රතික්ෂේප කර නැහැ.

එවන් තත්ත්වයක් මතු වුවහොත්, අනුප්‍රාප්තිකයෙක් සිහසුන පිළිගන්නා තෙක් රාජකීය තේරීම් කමිටුව නැවත රැස්වී ඊළඟට සුදුසුකම් තිබෙන යෝජිතයා තෝරා ගන්නවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්