ජාත්‍යන්තර සම්මේලන තුනක රටවල් එක්වූ ඓතිහාසික තරගාවලියෙන් මෙරට පාපන්දුවේ යටිතල පහසුකම් සහ ගෝලීය අවස්ථා පුළුල් වෙයි.
FIFA Forward සහයෝගයෙන් කොළඹදී පැවති මංගල තරගාවලිය, නැගී එන රටවලට ලෝක වේදිකාව විවර කර දුන් හැටි පාපන්දු සභාපති හෙළි කරයි.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් හඳුන්වා දුන් FIFA Series තරගමාලාවට ස්තූතිවන්ත වන්නට ශ්‍රී ලංකා පාපන්දුව වැදගත් පියවරක් ඉදිරියට තබා ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමාර් පවසනවා.
ශ්‍රී ලංකාව 2024 වසරේ මාර්තුවේ කොළඹදී මංගල FIFA තරගමාලාවට සත්කාරකත්වය දැක්වූයේ වෙනස් පාපන්දු සම්මේලන තුනක රටවල් හතරක් එක් කරමින්. මෙය ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වීමට වඩා ඔබ්බට ගිය කාර්යයක් බව FFSL පෙන්වා දෙනවා.

තුරඟ තරග පිටියේ පැවැත්වූ එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම භූතානය, මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව හා පැපුවා නිව් ගිණියාව යන කණ්ඩායම් කොළඹදී සාදරයෙන් පිළිගත්තා. එම ක්‍රීඩාංගණය රටේ පාපන්දු සංවර්ධනය සඳහා FIFA ලබා දෙමින් සිටින සහයෝගයේ එක් ඉතාමත්ම පැහැදිලි උදාහරණයක් වී තිබුණා.
ජාත්‍යන්තර තරග පැවැත්වීම සඳහා එම ක්‍රීඩාංගණය අලුත්වැඩියා කර සූදානම් කර තිබුණේ FIFA Forward වැඩසටහනේ සහායෙන්. මෙය FIFA හි සාමාජික රටවල් හරහා සිදු කරමින් පවතින යටිතල පහසුකම් හා ක්‍රීඩාංගණ ධාරිතාව ගොඩනැගීම සඳහා වන ව්‍යාපෘතියක්.

“මංගල FIFA තරගමාලාවට 2024 මාර්තු මාසයේ කොළඹදී සත්කාරකත්වය දැක්වීමේ කාර්යයේදී ජාත්‍යන්තර තරගාවලියක් ඉදිරිපත් කිරීමට වඩා එහා ගිය වැදගත්කමක් එහි තියෙනවා. ශ්‍රී ලංකාව ට එය වැදගත් වන්නේ එය අපේ පාපන්දුව ගෝලීය වේදිකාවට අයිති බව හා තමන්ගේ පාපන්දු ක්‍රීඩාවේ ශක්තිය තවමත් ගොඩනගමින් සිටින රටවල් තරග කිරීමට, ඉගෙන ගැනීමට හා සිහින මැවීම සඳහා තේරුමක් ඇති අවස්ථාවන් ලැබීමට සුදුසු බවට කරන ලද ප්‍රබල ප්‍රකාශනයක් ද වීම නිසායි” FFSL සභාපති ජස්වර් උමාර් පෙන්වා දෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු








