වසර තුනකට පසු සබලින්කා නිව්යෝර්ක් පිටියේ ලැබූ පළමු පරාජයත් සමග රිබකීනා සිය තෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වාර්තා කරයි.
සති 99ක සබලින්කාගේ ආධිපත්‍යය බිඳ දමමින් ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල දිනාගත් රිබකීනාගෙන් නව වාර්තාවක්.
කසකස්තානයේ එලේනා රිබකීනා අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේදී බෙලරුසියාවේ අරීනා සබලින්කා පරාජය කරමින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ඉතිහාසයේ ලොකුම ත්‍යාග මුදල වූ පවුම් මිලියන හතරක් දිනා ගත්තේ ලෝක අංක 1 තත්ත්වය ද හිමිකර ගනිමින්.
කසකස්තානයේ 27 හැවිරිදි ටෙනිස් තාරකාව US Open අවසාන තරගයට පිවිසියේ මේ සතියේදී ඇය ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුදුනේ සබලින්කාගේ තැන ගනිමින් ලොව දක්ෂතම ටෙනිස් ක්‍රීඩිකාව වන බවට අවබෝධ කරගෙනයි.
රිබකීනා දැන් 28 වියැති සබලින්කාගේ තුවාල තවත් පාරමින් ඇගේ අමෙරිකානු විවෘත කිරුළත් උදුරා ගෙන තිබෙනවා.
Arthur Ashe ක්‍රීඩාංගණයේදී ලැබූ 6-4, 5-7, 6-2ක සටන්කාමී ජයග්‍රහණයෙන් රිබකීනාගේ ක්‍රීඩා දිවියේ ඇගේ තෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වාර්තා වුනේ ඇයගේ බැංකු ගිණුමේ ශේෂය ද පවුම් මිලියන 4.1කින් වැඩි කරමින්.
මෙය අමෙරිකානු විවෘත ටෙනිස් පිටියේ සබලින්කා වසර තුනකින් ලැබූ පළමු පරාජය වූ අතර මේ හේතුවෙන් ඇයට විවෘත ටෙනිස් යුගයේ ක්‍රිස් එවර්ට් හා සෙරීනා විලියම්ස් ට පසුව නිව්යෝක් තරග බිමේ පිට පිට ශූරතා තුනක් දිනා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගියා.
රිබකීනා විසින් මේ වසරේ ප්‍රධාන අවසාන තරගයකදී සබලින්කා පරාජය කරනු ලැබුවේ දෙවැනි වතාවටයි. මීට මාස අටකට ඉහත මෙල්බර්න් හි පැවති ඔස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ ජයග්‍රාහිකාව වූයේත් රිබකීනා යි.
2000 වසරෙන් පසුව ලෝක අංක 1 හා ලෝක අංක 2 ස්ථාන අතර අමෙරිකානු විවෘත කාන්තා තනි අවසාන මහා තරගයක් ක්‍රීඩා කර තිබෙන්නේ තෙවතාවක් පමණයි.
තෙවැනි අවස්ථාවේ ප්‍රතිඵලය කුමක් වුවත්, මේ දෙදෙන ඔවුන්ගේ ශ්‍රේණිගත ස්ථාන හුවමාරු කරගැනීමට නියමිත තිබුණේ රිබකීනා ඒ වනවිටත් ලෝක අංක 1 පදවි දරන්නියව සිටි සබලින්කා අභිභවා ගොස් සිටි බැවින්. ලෝක ටෙනිස් සංගම් ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානයේ සති 99ක කාලයක් රැඳී සිටීමට සබලින්කා සමත් වුණා.
හැකි නම් ඒ දක්ෂතාව අභිභවා යන ලෙසට සබලින්කා තරගයෙන් පසුව රිබකීනා ට අභියෝග කළා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු








