leader s

ඔලිම්පික් සහ ලෝක ශූරයන් අභිබවා යමින් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ කිරුළ දිනාගනී


ලෝක මලල ක්‍රීඩා 'අල්ටිමේට්' ශූරතාවලියේදී මීටර් 4.91ක දැවැන්ත පරතරයකින් ප්‍රතිවාදීන් පරදවයි


හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවති සමාරම්භක ලෝක මලල ක්‍රීඩා 'අල්ටිමේට්' ශූරතාවලියේ (World Athletics Ultimate Championship) පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ඊයේ (13) රාත්‍රියේ සමත් විය. ලොව ප්‍රමුඛතම ක්‍රීඩකයන් අට දෙනෙකු අතර පැවති මෙම තියුණු තරගයේදී ඔහු වාර්තා කළ දුර මීටර් 91.09කි.  

ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ දැවැන්තයින් සහභාගී වූ මෙම තරගයේදී දෙවන ස්ථානයට පත් දෙවරක් ලෝක ශූරතාව දිනූ ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ට වඩා මීටර් 4.91ක පැහැදිලි පරතරයක් රඳවා ගැනීමට රුමේෂ් සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

 



ආරම්භක පීඩනය බිඳ දැමූ සිව්වන උත්සාහය  

තරගය ආරම්භයේදී පළමු උත්සාහයෙන් මීටර් 75.89ක සාමාන්‍ය දුරක් සටහන් කළද, ක්‍රමයෙන් තරග රටාවට අවතීර්ණ වූ රුමේෂ් සිය තුන්වන උත්සාහයේදී මීටර් 87.11ක් වාර්තා කරමින් පෙරමුණ ගත්තේය. අනතුරුව සිව්වන හා අවසන් උත්සාහයේදී මීටර් 91.09ක ප්‍රබල විසි කිරීමක් සටහන් කරමින් ඔහු ජයග්‍රහණය ස්ථිර කර ගත්තේය.  

මෙම ඉසව්වේ දෙවන ස්ථානය මීටර් 86.18ක් වාර්තා කළ ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් හිමිකර ගත් අතර, මීටර් 85.89ක දුරක් විසි කළ ජර්මනියේ ජුලියන් වෙබර් තෙවන ස්ථානයට පත්විය. 2024 පැරිස් ඔලිම්පික් රන් පදක්කම්ලාභී පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් මීටර් 81.49ක දක්ෂතාවක් දක්වමින් මෙවර තරගයේ පස්වන ස්ථානයට පත්වීම විශේෂත්වයකි.  

තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ රුමේෂ් තරංග සඳහන් කළේ, "මගේ පළමු විසි කිරීම මීටර් 75 සීමාවේ රැඳුණු නිසා යම් පීඩනයක් දැනුණා. නමුත් සිත ඒකාග්‍ර කරගනිමින් සැලසුම් කළ ඉලක්කය සපුරා ගැනීමට හැකි වීම ගැන සතුටු වන බව" යි.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ තහවුරු වීම

rumesh 23

23 හැවිරිදි රුමේෂ් තරංග මෙම වසර තුළ දැක්වූ අඛණ්ඩ දක්ෂතා අතරට මෙම ජයග්‍රහණය ද එක්වේ. 2026 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම මෙන්ම ඩයමන්ඩ් ලීග් අවසන් වටයේ ශූරතාව ද දිනාගත් ඔහු, වසර තුළ මීටර් 90 සීමාව ඉක්මවා ගිය තෙවන අවස්ථාව මෙය ලෙස සටහන් වේ. ඉකුත් ජුනි මාසයේ රෝමයේදී ඔහු පිහිටුවූ මීටර් 92.62ක ශ්‍රී ලංකා ජාතික වාර්තාව තවමත් මෙවසරේ ලොව හොඳම දක්ෂතාව ලෙස පවතී.  

ඔලිම්පික් ශූරයන්, ලෝක ශූරයන් සහ වසරේ ඉහළම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් පමණක් එක් කරමින් ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් පළමු වරට සංවිධානය කළ මෙම 'අල්ටිමේට්' ශූරතාවලිය ජයග්‍රහණය කිරීම, ඉදිරි ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළින්ම සටහන් වූ තීරණාත්මක සංධිස්ථානයක් ලෙස ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති.

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්