leader s

ආජන්ටිනාවේ රිවර් ප්ලේට් පිල 1930 ගණන්වල තැබූ තරග 93ක වාර්තාව අබිබවා යමින්, අල්-හම්ඩාන් ලැබූ තීරණාත්මක ගෝලයත් සමඟ අල්-නස්ර් පිල පිට පිට 94 වැනි ලීග් තරගයේදීත් ගෝල් ලබා ගනී.


රොනාල්ඩෝගේ කණ්ඩායමෙන් පාපන්දු ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක්: දශක නවයකට ආසන්න කාලයක් නොසැලී තිබූ ලෝක වාර්තාව බිඳ හෙලූ නොකඩවා ගෝල් ලැබූ 94 වැනි තරගය!


ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ අල්-නස්ර් කණ්ඩායම ඉහළම පෙළේ ලීග් පාපන්දුවේ දීර්ඝතම අඛණ්ඩ ගෝල් ලබා ගැනීම සටහන් කරමින් වසර 87ක් පැරණි ලෝක වාර්තාවක් බිඳ දමා තිබෙන්නේ පාපන්දු ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්.

මේ සන්ධිස්ථානයට පැමිණි ආකාරය අනපේක්ෂිත එකක් වන්නේ එය රොනාල්ඩෝ හරහා සිදු නොවුනු නිසාවෙන්.

මේ වාර්තා බිඳ හෙලුනු ගෝලය ලබා ගත්තේ ආදේශ ක්‍රීඩක අබ්දුල්ලා අල්-හම්ඩාන්. පසුගිය සෙනසුරාදා පැවති තරගයේදී අල්-ඛලීජ් කණ්ඩායම කලින්ම ගෝලයක් ලබා ගෙන අත්කර ගෙන සිටි පෙරමුණ අහෝසි කරමින් අබ්දුල්ලා දෙවැනි භාගයේදී මේ ගෝලය ලබා ගත් අතර තරගය ගෝල් 1-1ක් ලෙස අවසන් වුණා.

Cristiano Ronaldo Al Nassr Al Ain

 

මේ ගෝලයත් සමග සෞදි වෘත්තීය ලීගයේ අල්-නස්ර් කණ්ඩායමේ නොකඩවා ගෝල් ලබා ගැනීම තරග 94ක් දක්වා දීර්ඝ කෙරුණේ කලින් තිබූ එදා මෙදා තුර වාර්තාවට වඩා එක් තරගයක් වැඩියෙන් සටහන් වෙමින්.

ඒ වාර්තාව වසර 1930 යුගයේ සිට නොමැකී පැවති අතර එය පිහිටුවා තිබුණේ 1936 සැප්තැම්ර් සිට 1939 ජූනි දක්වා පිට පිට ලීග් තරග 93කදී ගෝල් ලබා ගත් ආජන්ටිනාවේ දැවැන්තයින් වන රිවර් ප්ලේට් (River Plate) කණ්ඩායම. අල්-නස්ර්ගේ ගමන 2023 වසරේ දෙසැම්බර් මස 8 වැනිදා අල්-රියාද් කණ්ඩායමට එරෙහිව වාර්තා කළ ගෝල් 4-1ක ජයග්‍රහණය දක්වා ආපසු දිව යනවා. ඒ ජයග්‍රහණයට පෙර අල්-නසර් ගෝල් 3-0කින් අල්-හිලාල් කණ්ඩායමට පරාජය වූ අතර ලීගයේ ගෝලයක් ලබා ගැනීමට අල්-නස්ර් අසමත් වූ අවසාන තරගය එය වනවා.

එතැන් සිට, රොනාල්ඩෝ සහ කණ්ඩායම ඔවුන් ක්‍රීඩා කළ සෑම සෞදි වෘත්තීය ලීග් තරගයකදී ම ගෝලයක් ලබා ගැනීමට ක්‍රම සොයාගෙන තිබෙන්නේ රිවර් ප්ලේට් කණ්ඩායමේ දශක නවයකට ආසන්න පැරණි වාර්තාව සමග කරට කර පැමිණ අවසානයේදී එය අභිභවා යාමට ද සමත් වෙමින්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්