The Leader News
BREAKING
විදේශ අමාත්‍යාංශයේ ඓතිහාසික සිතුවම අතුරුදන්: පසුබිමේ ඇත්තේ ව්‍යාජයක්●'වමට සිග්නල් දමා දකුණට යන මාලිමාවේ ආර්ථිකය' - සජිත්ගේ විග්‍රහයක්●එක රටක පොලිස් ඝාතන ගැන උතුරේත් දකුණේත් නීති දෙකක්?●අජිත් අමරසිංහගේ අලුත්ම පෘතුගීසි පර්යේෂණ කෘතිය එළිදකී●තුන්වැනි අයවැයේ පච ගණන් කරන්න අපි ලෑස්තියි: නාමල්●උතුරු ආණ්ඩුකාර වේදනායගම්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්●බෙහෙත් නඩුවේදී කෙහෙළියගෙන් විත්ති කූඩුවේ හෙළිදරව්වක්●පාපන්දු ලෝකය කම්පා වෙයි: ගෝල් රකින්නා සමග ගැටුණු ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩකයා මිය යයි!●Diginote : අයවැය අතිරික්තයක් වාර්තා වෙයි: ප්‍රාග්ධන වියදම් හිරවේ●LAUGFS ඇදවැටීම: රට යළිත් ගෑස් අර්බුදයක?●
Top Ad
ක්‍රීඩා

පාපන්දු ලෝකය කම්පා වෙයි: ගෝල් රකින්නා සමග ගැටුණු ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩකයා මිය යයි!

ස්පාඤ්ඤයේ දෙවැනි කොටසේ තරගයක් අතරතුර ගෝල් රකින්නා සමග ඇතිවූ ඝට්ටනයෙන් පසුව මිය ගිය 30 හැවිරිදි හිසුස් ඩෙ මිගෙල් (Jesus de Miguel) ක්‍රීඩකයා පිළිබඳව යුරෝපීය පාපන්දුව ශෝක වෙද්දී නොසිතාමතා කළ මිනීමැරුමක් පිළිබඳව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Pasan

Pasan

November 4, 2026 • 7:50 PM

පාපන්දු ලෝකය කම්පා වෙයි: ගෝල් රකින්නා සමග ගැටුණු ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩකයා මිය යයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ සිද්ධිය ඇතිවූයේ Heliodoro Rodriguez Lopez ක්‍රීඩාංගණයේදී ටෙනෙරීෆේ (CD Tenerife) සහ ඇන්ඩෝරා (FC Andorra) කණ්ඩායම් අතර පැවති තරගයේ.
  • ඔහුට හෘදයාබාධයක් හටගෙන තිබුණත් වෛද්‍ය ප්‍රතිකාරවලින් ඔහු යළි සිහිය ලැබූ බව වාර්තා වනවා.
  • (AP Photo) ඔහුගේ තත්ත්වය මුලදී ‘ස්ථාවර නමුත් බරපතල’ තත්ත්වයේ තිබුණත් පසු දින උදෑසන ඔහුගේ ස්නායු තත්ත්වය නරක අතට හැරෙමින් අඟහරුවාදා පෙරවරු 8.00 ට ඔහු මිය ගියා.
  • පොලිස් පරීක්ෂණයක් ඇරඹේ මේ සිද්ධිය නොසිතාමතා කරනු ලැබූ මනුෂ්‍ය ඝාතනයක් ලෙස සලකමින් ස්පාඤ්ඤ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර ඊට නීතිඥවරුන් ද සම්බන්ධ වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ සිද්ධිය ඇතිවූයේ Heliodoro Rodriguez Lopez ක්‍රීඩාංගණයේදී ටෙනෙරීෆේ (CD Tenerife) සහ ඇන්ඩෝරා (FC Andorra) කණ්ඩායම් අතර පැවති තරගයේ. තරගය අවසානයට ළඟා වෙමින් තිබියදී දුර සිට ගුවනේ පැමිණි පන්දුව අල්ලා ගැනීමට පිටියේ මැද කවය කරා දිව එමින් සිටි ඇන්ඩෝරා ගෝල් රකින්නා වන හිසුස් ඕවානෝගේ (Jesus Owono) දණහිස මිගෙල්ගේ හිස හා පපුවේ වේගයෙන් වැදුනා.

හිසේ හා පපුවේ බරපතල තුවාල ලැබූ මිගෙල් පිටියේ නොසෙල්වී වැතිර සිටියා. වෛද්‍ය කාර්ය මණ්ඩලය වහාම පැමිණ ඔහුව රෝහලට ගෙන ගියා. ඔහුට හෘදයාබාධයක් හටගෙන තිබුණත් වෛද්‍ය ප්‍රතිකාරවලින් ඔහු යළි සිහිය ලැබූ බව වාර්තා වනවා.

Tenerife player dead after on-field collision in second-division match -  Sportsnet.ca

(AP Photo)

ඔහුගේ තත්ත්වය මුලදී ‘ස්ථාවර නමුත් බරපතල’ තත්ත්වයේ තිබුණත් පසු දින උදෑසන ඔහුගේ ස්නායු තත්ත්වය නරක අතට හැරෙමින් අඟහරුවාදා පෙරවරු 8.00 ට ඔහු මිය ගියා.

සිද්ධියෙන් පසුව තරගය අහෝසි කරමින් ඔ්වොනෝ ට කෙළින්ම රතු කාඩ්පත නිකුත් කෙරුණා.

පොලිස් පරීක්ෂණයක් ඇරඹේ

මේ සිද්ධිය නොසිතාමතා කරනු ලැබූ මනුෂ්‍ය ඝාතනයක් ලෙස සලකමින් ස්පාඤ්ඤ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර ඊට නීතිඥවරුන් ද සම්බන්ධ වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ටෙනෙරීෆේ කණ්ඩායම සමග එක්වීමට පෙර මිගෙල් පහළ කොටසේ තරග කරන ස්පාඤ්ඤ පාපන්දු සමාජ කිහිපයක ට ම ක්‍රීඩා කර තිබෙනවා. ඔහු ටෙනෙරීෆේ ට පසුගිය තරග වාරයේදී Segunda කොටසට උසස් වීමක් ලබා ගැනීමට උපකාරී වුණා.

මිගෙල්ගේ මරණයෙන් කම්පාවට පත්ව සිටින යුරෝපීය පාපන්දු පාලක මණ්ඩලය (UEFA) මේ සතියේ පැවැත්වෙන ඔවුන්ගේ සියලු තරගවලදී මිගෙල්ගේ මතකය වෙනුවෙන් මොහොතක නිශ්ශබ්දතාවයක් පවත්වන බවට නිවේදනය කර තිබෙනවා.

Jesús Owono considers retiring after Jesus de Miguel death

(AP Photo)

ගෝල් රකින්නා යාච්ඤා කරමින් වැලපෙයි

මේ අතර, මිගෙල් ට කළ මාරක අභියෝගයෙන් පසුව ශෝකයෙන් සිත කැළඹුණු 25 හැවිරිදි ඔ්වොනෝ ක්‍රීඩකයින් ඇඳුම් අඳින කාමරයේදී යාච්ඤා කරමින් හඬා වැලපෙමින් සිටි බව වාර්තා වනවා.

මිගෙල් නිශ්චලව බිම වැතිර සිටියදී සමහර ක්‍රීඩකයින්ගේ දෑස් කඳුලින් පිරී තිබුණා.

මිගෙල් මිය ගිය පුවත දැනගැනීමටත් පෙර සිට ම ඔහුගේ පවුලේ අයගෙන් පෞද්ගලිකව සමාව අයැදීමට ඔ්වොනෝ අදහස් කර සිටි බව පැවසෙනවා.

ඔහු සාපරාධී දඬුවම්වලින් ගැලවෙනු ඇතැයි අපේක්ෂා කෙරුණත් ඔහුට ක්‍රීඩාමය දඬුවමක් නියම වීමට ඉඩ තිබෙනවා.

මිගේල්ගේ මරණය සම්බන්ධයෙන් විනිශ්චයකාරවරයෙක් පරීක්ෂණයක් ආරම්භ කරනු ඇතැයි අධිකරණ නිලධාරීන් ප්‍රකාශ කරනවා.

මිගෙල්ගේ ජීවන සහකාරිය වන මරියා සහ එක් අවුරුදු දියණිය කාලා මේ අනතුර සිදුවනු ක්‍රීඩා මණ්ඩපයේ සිට දැක තිබෙන බව පැවසෙනවා.

ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් පාපන්දු පිටියේ සිදුවූ මේ මරණය පිළිබඳව ඔවුන්ගේ දැඩි ශෝකය පළ කර තිබෙනවා.

(සටහන - වර්නන් ගුණසේකර)

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...