මානවම්ම නාමය ඉතිහාසය විසින් ශේෂ කළ මහා චරිතයකි.
එය එසේ වුවත් මානවම්ම රජ තෙමේ සිංහල රාජාවලියෙහි තුළ ජනප්‍රිය චරිතයක් නොවන්නේය.
නමුත් ඔහු තරමට කෘතහස්ත වු ද පරිණත වු ද රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සිංහල ඉතිහාසයෙහි සොයා ගැනීම උකහටය.
මානවම්ම ඉවසීම අතරින් අගපත් සිංහල පාලකයා යැයි පැවසීම අතිශෝක්තියක් නොවන්නේය.
ඔහුට දෙවරක්ම ලද සිංහල රජ පදවිය කෙටි කාලයකින් අහිමි වුයේය. නැවත සිරිලක රජ පදවිය ලබන්නට ඉමහත්සංයමයක් මෙන්ම ඉවසිමක් ද දිගු දුර දක්නා බැල්මක් ද ඔහු තුළ විය.
මානවම්ම කුමරු තමන්ට රජ පදවිය අහිමි වීමෙන් පසු හුදකලාව විසිතුන් වසරක් අනෙකෙකු රජ පදවි දරන්නට දී තම වාරය එළඹෙනතෙක් උපරිමයෙන් ඉවසා සිටියේය.
රාජ පුත්‍රයෙකු ද, කිරුළෙහි උරුම වුවද තම දැක්මට සුදුසු පරිසරය සහ කාලය ද සඟයන් ද යුගය විසින් නිර්මාණය කර දෙන තුරු තමන් ගොඩනැගෙමින් ගත කල ඔහුගේ දිවි සිරිත ඒ නිසාම ඓතිහාසික මුලාශ්‍රයන් තුල සඳහන්ව නැත. ඒ නිසාම මානවම්ම හුදකලා චරිතයක් වැනිය.
අතීතයට වැද මානවම්ම සමඟ ජීවන භාවනාවකට බොහෝ ඉතිහාස ලෝලීහු මනාප නොවෙති. සිංහලයේ ජනකාන්ත ඉතිහාස කථිකයන් ලේඛකයන් මානවම්ම තම කතිකා රචනා වලින් බැහැර කර තිබීමෙන් එය සනාත වෙයි.
කෙසේ නමුත් පාලි සහසංස්කෘත මූල භාෂා කොට ගෙන පවතින සිංහලයන්ගේ ඉතිහාස වාර්තාතත්වාරෝපිතව අවබෝධ කර ගැනිමට එම ද්විභාෂා ප්‍රවීණත්වය ඇවැසිවේ.
මානවම්ම පිළිබඳ තොරතුරු සොය යෑමට ගැඹුරු සිංහල බස ද, පාළි සංස්කෘත භාෂා වල මද අවබෝධයක් ලබා තිබිය යුතුය. මේ භාෂා ඉවුරු අතරින් පැන යන කල ‘මහාවංශ ටිකාව‘ එහිලා වැදගත් මුලාශ්‍රයයකි.
මහාවංශයට අර්ථ වන්නාවක් වූ ‘මහාවංශ ටීකාව‘ ලියවුණු කාලය පිළිබඳ ශාස්ත්‍රීය ලෝකයා අතර එගඟත්වයක් නොමැත. නමුත් එහි කර්තෘ වරයා ආර්ථිකය සරුසාර වු ද, විදේශ ජනයා බහුලව සරන්නා වු ද, පරදේශ බිය සහිත ප්‍රබෝධමත් සමාජ සමයකතමා මහාවංශ ටීකාව රචනා කල බව සඳහන් කරයි.
එකී කරුණ මහාවංශ ටීකාව රචිත කාලය සොයා ගැනිමේ නිමිත්ත ද වේ.
ඒ අනුව සියවසින් 08, 09, අතර ‘මහාවංශ ටීකාව‘ ලියවුණු බව පොදු වියත් පිලිගැනිමයි. නමුත් මහාවංස ටීකා කර්තෘ පවසන ලෙස මෙම එකදු සමයකවත් විදේශ ආක්‍රමණ බියක් තබා එවැනි අක්‍රමණයක අංශූ මාත්‍ර සේයාවක් ලක් ඉතිහාසය තුල දර්ශනය නොවේ.
මහාවංස සත්‍යදැයි පසක් කරවන එහි අරුත් කෘතිය වූ මහාවංශ ටීකාවට මිත්‍යාමත පැතිරවීමේ වුවමනාවක් තිබිය නොහැකිය. සම්මත චීරාගත ඉතිහාස වාර්තා රචකයන් ද සමකාලීනව මානවම්ම රාජ සමය වී දේශ ගැති පාලනයක් ලෙස හඳුන්වා ඇත.
ලක්දිව පූර්ණ විවෘත ආර්ථිකයකට දොරටු හැර විවෘත කල පුරෝගාමියා මානවම් රජුය. එලෙසම බටහිර ලෝකයට සිරිලක පුරා අයෝජන දොරටු ඔහු විවෘත කළේය. තාක්‍ෂණික ජන වර්ගයන් වු පල්ලවයන්ගෙන් මෙන්ම ග්‍රීක සුමේරියන්වරුන්ගෙන් එකළ අනුරාධපුර නගරය පිරී පැවතුණු බව සඳහන් වේ. ආර්ථික සමෘද්ධියේන් රට ප්‍රබෝධමත් විය. විදේශිකයන් බහුලව අගනගරයේ සරී සැරූ හෙයින් එය පරදේශ බිය ලෙස මහාවංශ ටීකාව ලියු රචකයා පවසන්නේ මානවම්මගේ ලංකා සමය ගැනය.
සිරිලක රජ පදවිය දෙවරක් අහිමි වූ මානවම්ම විසිතුන් වසරක් නා නා දේශ අතරසැරිසරමින් සිට භාරත රාජ්‍යය තුලින් නැග එන නව රාජ්‍ය පාලන සම්ප්‍රදායක නිර්මාණයට දායක විය.
එනම් පල්ලව සමය හෙවත් “පල්ලව රාජධානියේ “ නිර්මාණයටය. පල්ලව යුගය, පල්ලව දේශපාලනය, පල්ලව කලා සම්ප්‍රදාය ලෙස උසුරු වන වදන් අපට හුරු පුරුදු වුව ද එකී සම්ප්‍රදායෙහි කර්තෘ කාර්යභාරය පසු පස මානවම්ම හිටි බව අපි නොදන්නෙමු. භාරතය පල්ලවයන් දිග් විජය කල සැනින් මානවම්ම යළි සිරිලකට විත් කිරුළ දිග් විජය කළේය.
ඒ තැනින් ඇරඹුණ මානවම්ම යුගය පිළිබඳ ඉතිහාස කතා කරුවන් නිහඬ වුව ද අතීත සම්භාවය ඉතිහාස තතු විත්ති අතර, ඒ තෙදවත් දාර්ශනික රාජ්‍ය තන්ත්‍රික සිංහල රාජ්‍ය පාලකයා දැකිය හැකිය.
ඔහු තෙමේ රණ කාමය මත ද, විදේශ ජන වර්ග විරෝධ මත ද, ගැට ගැසි වේලී බැඳී ගෙති පවතින ජනකාන්ත ඉතිහාස මතවාදය සමඟ සමාන නොවන්නේය එබැවින් රණ කාමය සහ විදේශ බිය බැහැර කල ඉතිහාස දැකීමකින් අතීතයට එබී බලන විටදි පමණක් මානවම්ම දැක ගත හැකිය.
ඉතිහාස තතු විත්ති මතයන් සසදා ගලපා ගත් කල මානවම්ම රාජ සමය ආර්ථික වශයෙන් පුර්ණ තෘප්ත සමයකි. බාහිර ආක්‍රමණික හෝ අභ්‍යන්තර වියවුල් සහමුලින්ම තොරවූ යුගයකි. වර්ග ගැටුම්, ගෝත්‍ර බෙදීම් දක්නට නොහැකි සමයකි. නමුත් සම්භාව්‍ය ඉතිහාසය ද ඔහුගේ සමය විදේශ ගැති පාලනයක් සේ අරුත් ගන්වයි. නිදහස් ලංකාවේ කොතලාවල, ජයවර්ධන, වික්‍රමසිංහ වැනි පාලන සමයන් පිළිබඳ ගොඩනැඟුණු මතයට එය බෙහෙවින්ම සමාන බැවින් අතීත ඉතිහාස තතු ගලපා ගත් කල්හි පෙනී යන්නේ පුදුමාකාර සමානත්වයකි.
කෙසේ නමුත් මානවම් ගොඩ නැඟු ස්ථාවර සමාජ රිද්මය සියවස් දෙකකට ආසන්න කාලයක් ගලා ගිය අපුරුව ද විශ්මය ජනකය.
ඔහුගේ විසිහත් වසරක දිගු පාලන කාලය අභියෝග විරහිත වුව ද එකල්හි දේශප්‍රේමින්ගේ වීරෝධයක් පැවති බව ‘මාහාවංශ ටීකා‘ කරුගේ පුද්ගල මතයෙන් පවා සනාථ වේ.
මෙම සියල්ල අතරින් මානවම්ම රජුගේ කාර්ය-භාරය ඉතිහාසයට සිමා විය නොහැකි ප්‍රවාහයක් බව සඳහන් කළ යුතුය.
ඔහුගේ රාජ දර්ශනය විටින් විට සිරිලක පුරා පණ පෙවී නැගී සිටි යථාර්ථයක් බවට පත් විය.
පසු කලෙක ධනවාදී ලිබරල් වාදය විවෘත ආර්ථික ක්‍රමය ලෙස බටහිරින් අරුත් ගැන් වු ගන්නා මතවාදයෙහි මූලාරම්භය මානවම්ම රජුගේ පාලනය සමඟ බැදී පවතියි.
මේ අනුව සංයමය ඉවසීම දුරදක්නා බව මෙන්ම ගෝලීය සමාජ රටාව වෙත ස්ථානගත වීම මෙන්ම ආර්ථීක පූනර්වාදය තුළින් සංතෘප්ත ජන සමාජයක් උදා කිරිfමි ඉතිහාස පරමාදර්ශය මානවම්ම රජ සමය වේ.
එලෙසම ඔහුගේ පාලන රිද්මය දැඩි චීරාගතවාදී දේශමාපකයක් අතින් විරෝධයට ලක් වීමේ ප්‍රබලතාව ‘මහාවංශ ටීකා‘ කර්තෘ වැනි ප්‍රමාණික වියත් මහාතෙර නමකගේ ප්‍රකාශනයෙන් පවා සනාථ වේ.
ඒ අනුව මානවම්ම රජතුමා මෙම දේශමාමකයන් අතින් ඉතිහාස කතාබහේ අහුමුල්ලකට තල්ලු වී ගියේය. නමුත් වර්තමානය නිරතුරුවම නව රිද්මයක් අතීතයෙන් පාදා ගනී. එහෙයින් මානවම්ම රිද්මයනුතන ගත කරන සමය නෙත්මානයේ දිස්වෙමින් තිබේ.
(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
වායාම පසුගිය ලිපි 34 මෙතනින්