leader s

ජාතික ජන බලවේග රජයේ කථානායක ඇතුළු සියලු මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන්ගේ මහාචාර්ය තනතුරු, ආචාර්ය උපාධි, ඉංජිනේරු, වෛද්‍ය ආදී තනතුරු නාම ඇතුළු සියලු අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණයකට එළඹ ඇතැයි වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමාන් විසින් අදාල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (සිලින්ඩරය) මන්ත්‍රීවරුන්ගේ සහය පලවී ඇතැයි ද පැවසේ. 

කථානායක අශෝක රන්වල ගේ ආචාර්ය උපාධිය මෙන්ම තවත් අමාත්‍යවරයකුගේ ඉංජිනේරු තනතුර සම්බන්ධයෙන් දැනට මතු වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සැලකීමට ගෙන එම ගැටලු නිරාකරණය කර ගැනීමේ අරමුණින් මෙම තේරීම් කාරක සභාව පත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බව වාර්තාවේ.

කථානායක අශෝක රන්වල ගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදයට කථානායකවරයාගෙන් හෝ ජාතික ජන බලවේග රජයෙන් පිළිගත හැකි පිළිතුරක් මේ වන තෙක් ලැබී නොමැති හෙයින් අදාල තේරීම් කාරක සභාව පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද එජාප ආරංචිමාර්ග සඳහන් කරයි.

එළඹෙන පාර්ලිමේන්තුවේ වාරයේදී මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සොයා බැලීම සදහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටින්නැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගෙන් මිට දින කිහිපයකට පෙර ඉල්ලා තිබිණ. 

කෙසේවුවද කතානායකවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙනඒමට සමගි ජන බලවේගය මේවන විට තීරණය කර ඇත. 

සබැඳි පුවතක් :
සජබ මන්ත්‍රීන් දෙදෙනෙකුට රනිල්ගෙන් උපදෙස්!

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්