ස්ටෙෆනි සිරිවර්ධන බන්ධනාගාරයේ යම් නිරීක්ෂණ ධූරයකට පත් කරලා කියල ගොසිප් එකක් සෝෂල් මීඩියාවල යනවා.
ඒක ඇත්ත නම් මේ රජය පැත්තෙන් ගත්ත ඉතාම හොඳ තීන්දුවක්. ඇත්තටම මේ ආන්ඩුවට මගේ තියෙන ප්‍රධානතම චෝදනාවක් වෙන්නෙ රටේ ජීවිතවලින් ශෘංගාරය අහිමි කිරීම කියන කාරණය. මේ පත්කිරීම ගැන කතාව මාව පුදුමයට පත්කලේ ඒ හින්දමයි.
බොහෝ පැරණි අදහස්ධාරීන් මෙතනදි ස්ටෙෆනිගෙ අධ්‍යාපන සුදුසුකම් ගැනයි, ඇගේ බිකිනිය ගැනයි ප්‍රශ්න කරනවා දකින්න තියෙනවා. ඇත්තටම ඒ හේතූන්ම තමයි ස්ටෙෆනි වගේ වසගකාරී ගැහැණියක් සිරගෙදර නිරීක්ෂණයට සුදුසුම. ඇත්තටම ඒක ඇත්ත නම් රැඩිකල් පත්කිරීමක්.

හිරගෙයක් කියන්නෙ හරිම ආතතිකාරී පරිසරයක්. විශේෂයෙන් පිරිමි රැදෙවියන් සිටින කොටස් බලය, ශක්තිය මත දිවෙන අසහනකාරී කලාප. හිර කුටියක යමෙක් කූඩු කිරීම හරහා අපි කරන්නෙ නිල වශයෙන් ආශාව නැතහොත් ජීවිතයේ ශෘංගාර කලාපය තහනම් කිරීම. සෙක්ස් කියන එක බලහත්කාරීව අත්හිටුවනවා. විෂමලිංගික දැක්මකින් නිර්මාණය වුනු මේ දඩුවම් කඳවුරු සංකල්පයේදී සමලිංගිකත්වය ගැන සවිඥානකත්වයක් තිබුනෙ නෑ. ඒ නිසා ස්වභාවයෙන්ම සමලිංගික අය වගේම වෙනත් විකල්පයක් නොමැති තැනදි සමලිංගික වෙන අය වශයෙන් සමස්තර හිරගෙවල් ආකෘතියම සමලිංගිකත්වයට නතු වෙනවා. බලය පිළිබඳ ප්‍රකාශනයක් විදිහටත් මේ සමලිංගික රමණය/දූෂනය පවතිනවා.
ස්ටෙෆනි කියන්නෙ අනුරාගික ස්ත්‍රියක්. වසගයක්. ආශාවක්. සෙලිබ්‍රිටි කෙනෙක් නොහොත් අතිරික්තයක්. මේ වගේ කෙනෙක් හිරගෙයක් නිරීක්ෂණයට යනවා කියන්නෙම අතිශය හිගය පවතින තැනක විශාල වෙනසක් ඇති කරන තත්වයක් වෙනවා. බලය වෙනුවට වසගය පාවිච්චි කිරීමක් වෙනවා.
පිරිමි සිරගෙවල් විශේෂයෙන් සැලකුවොත් ස්ටෙෆනි කියන්නෙම ලිංගික ආතතිය සමනය කරන්නක් වෙනවා. අනුරාගික ස්ත්‍රීන් හමුවේ පිරිමින් මෘදු වෙනවා. ප්‍රචන්ඩත්වය අවම වෙනවා. ඒ වගේම පොදු කාරණයක් විදිහට මෙවන් තරු පංතියේ කාන්තාවක් තමන්ගේ ජීවිතය නිරීක්ෂණය කිරීම ගැන ඒ අයට වටිනාකමක් දැනෙනවා. මෙච්චර කාලයක් නිල ඇදුම්, නිලධාරි බලය, අධිකාරිය, පාලනය මත මෙහෙයවුනු බන්ධනාගාරය සාමාන්‍ය සමාජයේ ආකර්ශනීය, ආදරනීය කාන්තාවකගේ නිරික්ෂණයට ලක්වෙනවා.

ස්ටෙෆනි වගේ කෙනෙකුගේ පිටස්තරභාවය නිසාම, එයාගෙ අතිරික්ත ජීවිතය නිසාම හිරගෙදරක හිරවුනු මිනිස්සුන්ගෙ අවුල ගැන සංවේදීබවත් වැඩිවෙන්න පුළුවන්. එයාගෙ නිරීක්ෂණය අනිවාර්යෙන්ම බන්ධනාගාරවල පුහුණු අධිකාරීන්ට වඩා වෙනස්. වැදගත් කාරණය වන්නේ මේ නිරීක්ෂණයට රැදෙවියන් වගේම නිලධාරීනුත් අයිති වෙනවා. තමන්ව මෙවන් තරු ගැහැණියක් විසින් නිරීක්ෂණය කරනවා කියන හැගීම ඒ අයගෙ නිලධරවාදී ආකෘතියට අභියෝග කරන ආශාවාදී එළඹුමක් වෙනවා. එතනදි ස්ටෙෆනි කියන්නෙ අනුරාග අවියක්.

සිහිතබා ගත යුතු කාරණය වන්නේ මේ නිරීක්ෂණයක් මිස අධීක්ෂණයක් නොවන වගයි. නිරීක්ෂණයකදි වඩා වැදගත් වන්නේ උපරිම නිදහස්භාවයකින්, සංවේදීබවකින් දේවල් දැකීමයි. එතනදි පුහුණු කෙනෙකුට වඩා නුපුහුණු කෙනෙකුගේ දැක්ම විවෘතයි.
ස්ටෙෆනීගේ පත්වීම ප්‍රශ්න කරන සාම්ප්‍රදායික අය බොහොමයක් මතු කරන්නෙ ප්‍රධාන කාරණා තුනක්. තාර්කිකත්වය, සහතිකලත්භාවය, සහ පද්ධතිය නොහොත් ක්‍රියාවලිය කියල කියන්න පුළුවන්. නමුත් මෙතනදි ස්ටෙෆනි යොදාගැනීම මේ සාම්ප්‍රදායික එළඹුමට සහමුලින්ම විකල්ප එළඹුමක් යෝජනා කරනවා. ඒ තමයි ආශාව, කැරිස්මාව, ශරීරය සහ බලපෑම කියන කාරණා. ඒක පාලනයේ ආකෘතිය වෙනස් කරන යෝජනාවක්.
ඉතින් අහන්න තියෙන්නෙ ස්ටෙෆනි නරකද කියලා නෙමෙයි,
ඇයි ස්ටෙෆනිට බයද?
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -facultyofsex.com)
Faculty Of Sex සාමාජිකයන්ට පමණයි- ගෲපය ඇරඹෙයි!
තරුණියකට නිරපරාදේ කරන චරිතය ඝාතනයක්
මේ අතර සිට ස්ටෙෆනිගේ බාප්පා වන Champika Siriwardhana සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමින්, නිරපරාදේ තරුණියකගේ චරිතය ඝාතනය වන ලෙසට අදහස් ඉදිරිපත් කිරීමෙන් වළකින්නැයි කාරුණික ඉල්ලීමක් කර ඇත.
එම සටහන මතු පළවේ.
'' Stephanie Siriwardhana මාගේ සහෝදරයාගේ දියණියයි. මෙම පත් කිරීමට වසර දහයකටත් පෙර සිට ඇය බන්ධනාගාර කොමසාරිස් වරුන් හමුවී බන්ධනාගාර ගත වී සිටින කාන්තාවන්ගේ මානසිකත්වය ඉහල නැංවීමට සහ ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ විශේෂයෙන්ම සනිපාරක්ෂක තුවා, රැඳවියන්ට වෘත්තීය පුහුණුව සඳහා උපකරණ ආදිය බන්ධනාගාර වලට ගොස් ලබාදුන් දියණියකි.
තවද ඔවුන් වෙනුවෙන් සංගීතමය වැඩසටහන් පවා සංවිධානය කළ අයෙකී.
තවද සුළු වැරදි කර මුදල් ගෙවා ගත නොහැකිව බන්ධනාගාර ගත වී සිටි අසරණ කාන්තාවන් නිදහස් කර ගැනීමට තමන්ගේ පෞද්ගලික ධනය වියදම් කර ඔවුන්ට නිදහස ලබා දුන් අයෙකි.
මෙම පත්කිරීම සම්බන්ධව විවිධ මත පළ වී තිබුණත් විශේෂයෙන්ම බන්ධනාගාර ගත වී සිටින කාන්තාවන් සම්බන්ධව සොයා බලා එම ගැටලු බලධාරීන් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට ස්වෙච්ඡාවෙන් කටයුතු කළ අයෙකි.
එවැනි අයෙක් මෙවැනි තනතුරකට පත්කිරීම සුදුසුද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතුය. අපක්ෂපාතී විය යුතුය දේශපාලනයෙන් තොර විය යුතුය.
නිරපරාදේ තරුණියකගේ චරිතය ඝාතනය වන ලෙසට අදහස් ඉදිරිපත් කිරීමෙන් වළකින මෙන් ඉල්ලා සිටිමි. ''
මම stephanie ගේ බාප්පා.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන



