leader s

එප්ස්ටීන්ගේ භූමිකාව අද ක්‍රියා කරන්නේ හෙළිදරව් කිරීමක් ලෙස නොව පාලනය කිරීමක් ලෙසයි.

 

සියලු අපහාස සහ අපයෝජන එක “භයානක පුද්ගලයෙකු” වෙත එල්ල කරමින් (scapegoat කිරීමෙන්), එවැනි දූෂණ සහ මිනිස් වෙළඳාම දිගටම පවත්වාගෙන යාමට ඉඩ දෙන විශාල ව්‍යුහමය තත්ත්වයන්ගෙන් අවධානය වෙනතකට යොමු කරයි. සැබෑ හෙලිදරව්ව යනු එප්ස්ටීන් නොව, නීතියේ ආරක්ෂාව බිදවැටීම, ආර්ථික බලහත්කාරය, විශේෂිත කණ්ඩායම් සඳහා නීති ක්‍රියාත්මක නොවීම, සහ  ආයතනික අසාර්ථකත්වය යන ඒවාය.

 

ශිෂෙක් (Žižek) අපට පෙන්වා දෙන්නේ දෘෂ්ටිවාදය (ideology) විසින් මෙබඳු ප්‍රචන්ඩත්වයන් “විශේෂ අවස්ථාවක්” ලෙස පෙන්වමින් සත්‍ය සගවන බවයි. පද්ධතිමය අපයෝජනය, පද්ධතියේ මූලික තර්කයක් ලෙස තේරුම් ගැනීම බැහැර කරමින්, අසමාන්‍ය පුද්ගලයෙකුගේ තනි අපරාධයක් ලෙස විදහා පෑමට උත්සාහ කරයි.

මිනිස් වෙළඳාම අමුතු හෝ දුර්ලභ දෙයක් නොවේ. එය සාමාන්‍ය, ව්‍යුහමය ලෙස පවතින නමුත් බොහෝවිට නොපෙනෙන කොටසකි—විශේෂයෙන් දු ප්පත්, ලේඛන රහිත, හෝ සමාජයෙන් පහළට තල්ලු කරන ලද ජනතාවට එය බලපාන විට එය කිසිවෙකුගේ අවධානය යොමු වන කාරණයක් නොවේ.

 

එප්ස්ටීන් ගැන පමණක් අවධානය යොමු කිරීම පද්ධතිය හෙළිදරව් කිරීමක් නොව, එය ආරක්ෂා කිරීමකි. ඔහු පද්ධතියේ සත්‍යය නොව, එහි scapegoat එකකි. අපයෝජනය එකම “දැඩි දූෂිත පුද්ගලයෙකු”ගේ පුද්ගලික අපචාරයක් බවට පත්කිරීමෙන්, සූරාකෑමට ඉඩ දෙන විශාල ව්‍යුහය ගැන අවධානය වෙනතක යොමු කරයි.

(ස්ලැවොයි ශීෂෙක්)

උපුටා ගැනීම - facultyofsex

සබැඳි ලිපි :

එප්ස්ටීන්- අපේ ආශාවේ වස්තුව | Faculty Of Sex

සම්මුති-විසම්මුති : ළමා අපයෝජක ජෙෆ්රි එප්ස්ටයින් : බලය, ධනය, දණ්ඩ මුක්තිය ගැන ඇමෙරිකානු පාඩමක් | සුනන්ද දේශප්‍රිය

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

නවතම පුවත්