leader s

ස්පා වටලන්න. ගණිකා සේවය ලබාදෙන තැන් වසා දමන්න.


ඇමති වසන්ත සමරසිංහ නියෝග කරලා තිබුන. ඒ ගැන ලිංගික නිදහස ගැන කතා කරන, ලිංගික ශ්‍රමික වෘත්තිය නීතිගත කළ යුතු යැයි පෙනී සිටින චින්තන ධර්මදාස තමන්ගේ ෆේස් බුක් පිටුවෙ සටහනක් යොදා තිබුන.

''අභිසාරි ෆිල්ම් එක පෙන්නපු දවසෙ විදර්ශන මගෙන් මෙහෙම ප්‍රස්නයක් ඇහුවා.''

"මේ ගැටලුවෙදි වර්තමාන ආන්ඩුව ඉන්න ස්තාවරය ගැන උඹට සතුටු නැද්ද?"

මං කිව්වා, "පිස්සුද මචං. මුන්ට එහෙම කොන්දක් නෑ " කියල.

මං කියපු කතාවට හේතුව මේ ලින්ක් එකේ තියෙනවා. 

 

spaPhoto: ceylon wire News
ඊට පිළිතුරු දෙමින් විදර්ශන කන්නංගර කමෙන්ටුවක් පළ කර තිබුනා.

වැරදියි..එදා මම ඇහුවෙ ගණිකා වෘත්තිය නීතිගත කිරීමේ කතිකාව සම්බන්දයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ගැනයි..'ඔයා කිව්වෙ මුන් ඕවා කරන්නෙ නැහැ..හැබැයි අනුරලා විරුද්ධ නැති වෙයි කියල'...මම ඊට පස්සෙ අහපු ප්‍රශ්නය සම්බන්දයෙන් ඔයාම ඊට පස්සෙ කිව්ව උත්තරය මෙතන ඔයා දැනුවත්වම මගහැරල තියෙනව...ඒ තමයි රනිල් 'මේ අයිතීන් නීතිගත කිරීම් වලට පැහැදිලිවම විරුද්ධයි' කියල ඔයා දීපු උත්තරය.
සංක්ෂිප්තව ඔයා එදා කිව්වෙ මේ ලිංගික අයිතීන්ට (ඒවා ක්‍රියාත්මක කරන්න මැදිහත් නොවුනත්) අනුර විරුද්ධ නැහැ..හැබැයි රනිල් පැහැදිලිවම විරුද්ධයි කියල..
තොරතුරු වල තමන්ට ඕන කෑලි විතරක් ලියන එක ඔයාගෙ පුරුද්දක්

ඊට චින්තන ධර්මදාස නැවත පිළිතුරු දී තිබුනෙ මෙහෙමයි.
 
LGBTQ 240214

'' රනිල් විරුද්ධ බව කියන්න මං මොකටද මැලිවෙන්නෙ? එයා කන්ස්වෙටිව් නායකයෙක්නෙ කොහොමත්. මෙතන ප්‍රස්නෙ උඹලා ඇතුලු ප්‍රගතිශීලීන් හිතනවා මේ ආන්ඩුව ලිංගික ප්‍රස්නවලදි ඉදිරිගමීයි කියල. එහෙම නෑ. මේ ආන්ඩුව රනිල්ට හපන්. රනිල්ගෙ ආන්ඩුව කාලෙ අඩු ගානෙ සමලිංගිකත්වය අපරාධයක් නොවේ කියන්න නීති අරං ආවා. මේ ආන්ඩුවට ඒක සරල බහුතරයකින් සම්මත කරගන්න බැරි වුනා.

අනුර කියන්නෙ පුද්ගලයෙක්. එයා පුද්ගලිකව කැමති අකමැති ඒවා ආන්ඩුවෙ කරන්න බෑ. ආන්ඩුව කියන්නෙ ජවිපෙ. ඒක වික්ටෝරියානු සිංහල බෞද්ද පක්සයක්.''

විදර්ශන දීර්ඝව ඊට පිලිතුරු දුන්නා.

''ලිංගිකත්වය ඇතුළු සංස්කෘතික කාරණා සම්බන්දයෙන් ජවිපෙ ඉදිරිගාමී ප්‍රවේශයක නැහැ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනෙ..ඊට අපේ තියෙන විරෝධතාවයන් නිසා තමයි ජවිපෙ පැරණි දේශපාලන භාවිතයන් සමග අපිට අතීත සම්බන්දතා නොතිබුණේ..

හැබැයි එන්පීපී ඒකරාශී වීම තුළ ජවිපෙ නොවන මානයක් තියෙනවා නම් ඒ තමයි සංස්කෘතික ක්ෂේත්‍රයන්ට අදාළව දක්වන විවෘත හා ප්‍රගතිශීලී ආමන්ත්‍රණය.

ජවිපෙ එන්පීපී ලෙස ක්‍රියාත්මක වීම තුළ මේ සංස්කෘතික මානයන් අන්තර් හුවමාරු වෙනවා..දේශපාලනයේ හැටි එහෙමයි..'සමලිංගිකත්වය ලෙඩක්' කියල කියපු ජවිපෙ නලින්දටලාට පසුව එවැනි ප්‍රකාශයන්ගෙන් ප්‍රවේශම් වීමට බලකෙරෙන්නෙත් ලිංගික අයිතීන් පිළිබද සංවේදී එන්පීපී නියෝජනයන් නිසයි..අනුරත් ආකල්පමය හා සිතුම් පැතුම් වශයෙන් ‍යම් ලිබරල් හැඩහුරුවක් ගැනීමට මේ අන්තර් විනිවිදීම් හේතුවෙනවා..
 
report gavin newsoms prostitution shield law creates sex v0 uq3ZYzO8dfSdS CjrwOqBVuvxXcsivIj7R3MVHnjYQc

ලිංගික අයිතීන් නීතිගත කිරීම මූලික අවශ්‍යතාවයක් කරගත්ත පිරිසක් මේ වනවිටත් ආණ්ඩුවේ ඉන්නව..ඔවුනගෙන් කිහිප දෙනෙක් මැති ඇමතිවරුන්..ආණ්ඩුකරණයේ බලය අභියෝගයට ලක් වෙයි කියන චකිතය නිසා එවැනි ක්‍රියාමාර්ගයන් ගැනීමේ දෙගිඩියාවක මේ පිරිස ඉන්නව..ඒ සම්බන්දයෙන් 'කොන්දක් ඇතුව මැදිහත්වීමක්' දක්නට නොලැබෙන්නෙ ඒකයි...යම් උත්සාහයන් දැරුවත් විපක්ෂ බලපෑම් නිසා නැවත අඩි පස්සට ගැනීමේ දියාරු ගතියක් පේන්නෙ ඒකයි..ආණ්ඩුවේ ඒ ස්වාභාවය පැහැදිළිවම විවේචනයට ලක් වෙන්න ඕනෙ..
හැබැයි මට කියන්න වුවමනා වුනේ ලිංගික අයිතීන් නීතිගත විය යුතුයි කියල ස්ථාවරය එන්පීපී එකේ සැලකිය යුතු පිරිසක් දරනව කියන එකයි..හැබැයි කොළඹ කේන්ද්‍රීය එජාප හිතවාදී හා ලිබරල් වේශධාරී බහුතරය ලිංගික අයිතීන් සම්බන්දයෙන් තමන්ගේ අභ්‍යන්තර ආකල්පයන් තුළ දරන්නේ පසුගාමී ගතානුගතික මානසිකත්වයක්..එතනදි අනුරලා ලිංගිකත්වයේ සමානතා අයිතිය මූලධාර්මිකව පිළිගන්නා අයයි..
(ඊට ක්‍රියාකාරී නොවීම සම්බන්දයෙන් පැහැදිළිවම ආණ්ඩුවේ පාර්ශවයන්ට ලක් විය යුතුයි)

චින්තන ධර්මදාස ඒ සංවාදය අවසන් කර තිබුනේ මෙහෙමයි.

''එහෙම නං වසන්තගේ මෙයාකාර නියෝග ගැන මාලිමාවෙ ස්තාවරය දකින්න ලැබේවි කියා හිතනවා. මේ වැටලීම් කොයිතරම් කාන්තාවන් අසීරුතාවයන්ට පත්කරන බලහත්කාරයන්ද කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. කාන්තා දින සතියෙම ආන්ඩුවෙ ක්‍රියාකාරීත්වය මෙහෙමයි''

මේ ගැන අපි චින්තන ධර්මදාසගෙන් කරුණු විමසීමක් කළ විට ඔහු පැවසුවේ,

''පුහු සදාචාරයට වඩා කාන්තාවන් ගැන සංවේදීබවක් ඇති රජයක් නම් ක්‍රියා කළ යුත්තේ ඔහොම නෙමෙයි. එහෙම ආන්ඩුවක ඇමති කෙනෙක් නම් මෙහෙම කියයි.
 
spa 260305
ස්පාවල ප්‍රමිතිය සහ තත්වය පිළිබඳ සොයා බලන්න. කාන්තාවන් බලහත්කාරයෙන් යොදාගැනීමක් හෝ වධ හිංසනයක් සිදුවේ නම් ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්න. කිසිම විදිහකින් අත්අඩංගුවට ගැනීම් සිදු කරමින්, මාධ්‍යවලට මුදා හරිමින් ඒ කාන්තාවන් දුෂ්කරතාවලට බදුන් කරන්න එපා. ඒ මිනිස්සුන්ට මිනිස්සු විදිහට සලකන්න..''

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

නවතම පුවත්