පැය කිහිපයක් තුළ වැඩිම රැළි ගණනක් අමතා 2024 මැයි දින කොස් කොළ තොප්පිය දිනා ගත් අනුර කුමාර, අධිවේගී මාර්ග පද්ධතිය නො තිබුණා නම් ඒ ප්‍රාතිහාර්ය පානවා බොරුය. 


විසි වෙනි සියවස ලංකාව මිස් වුණා කියා විලාප දෙන තඹුත්තේගමින් පැමිණ කැලණි සරසවියෙන් උපාධිය ගත් අනුර කුමාර පැමිණි බර කරත්තය අධිවේගි මාර්ගයට ඇතුල් කිරීමට ඉඩ නො දීම නිසා ණයට ඉල්ලා ගත් රෝද හතරේ පික් මී යට පෝලිම් නො තිබුණ 2019දී නම් පැට්‍රල් ලීටරයක් රුපියල් 117කට ලබා ගත හැකිව තිබිණ. 

2022දී නම් රාත්‍රී දෙකක් පෝලිමේ ලැග්ගත් පැට්‍රල් ලීටරයක් රුපියල් 1000කටවත් ලබා ගනු සුම්මාය. 2024දි පෝලිම් නැතිව ෆුල් ටෑන්ක් ඉන්ධන ලබා හැකි වුණේ කලිසම බුරුල්වූ රනිල්ගේ පාලන හැකියාව නිසාය. බංකොලොත් රටේ එක දින පැවති වැඩිම මැයි රැළි ප්‍රමාණයක් පැවැත්වීමෙන් තහවුරු වන්නේ බිඳ වැටී තිබුණ රට භාරගත් තනි පාලකයා ලබාදුන් ජයග්‍රහණ අනෙක් රට්ටුන් සමග මාලිමා කට්ටියත් නැහැමින් භූක්ති විඳින බවය.  

සම්පත් විනාසයක් මිස සත පහක ආර්ථීක වාසියක් නො ලැඛෙන මැයි දින ප(ජ)ම්බෝරිය 2024දී මහ ඉහළින් සැමරුවාට 2022 මැයි පළවෙනි ඉරිදා රටේ පැවති තත්වය මාලිමා කාරයන් අමතක කළාට රටේ බත් කන බහුතරයකට හොඳින් මතකය, ඉතිහාසය පුරා මැයි රැළි, විරෝධතා, වර්ජන, මිනිස් ඝාතන මංකොල්ලකෑම් පිළිබඳව කප් ගසා සිටින, ජවිපෙට තිස්සමහාරාම ප්‍රාදේශීය සභා ජනතාව දුන් කනේ පාරෙන් තහවුරු වන්නේ වැඩබැරිදාසලාට මැතිවරණ කොමසාරිස් නිකුත් කළ හැක්කේ හරහා 3%ක කතිර සහතිකයක් පමණක් බවය. විලි වසා ගන්නා ඇඳුමත් කොම්පැනි වලින් කප්පම් ලෙස ගන්නා, පුස්සන්ට 51% රටේ බහුතරයක් කිසිදාක පෙළ ගැසෙන්නේ නැත.

 



දේශීය විදේශීය සංචාරකයන් රිසි සේ රට පුරා ඇවිදිමින් සිත් සේ කන බොන සතුටුවන පරිසරය 2022-2024 පාලනය දුන් සමාජ ප්‍රතිලාභයකි. එහෙව් පසුබිමක මාලිමාව රටේ බලයට පත්වූ වහාම, ගමෙන් ගමට නීති හදා ක්‍රියාත්මක කිරීම බාර දෙන බවට ලාල්කාන්ත කළ මැයි දින ප්‍රකාශය, 1970දී තුනෙන් දෙකකින් බලයට පත් තුන් හවුල රට පුරා ඇති කළ ජනතා කො(මි)ටි අත්දැකීම මෙන්ම, 88-89 කාලයේ මිනි මැරූ හැටි සිහි ගන්වයි. පෝස්ටර් ගහන මිනී මරණ කප්පම් ගන්නා ජවිපේ සෙල්ලම් දන්නා කිසිවෙකු නීතිය ගමට ගෙන යාමට කැමති වන්නේ නැත. එහි බරපතලකම කොපමණද යත් දෙරණ ඒ ගැන ප්‍රශ්න කළ විට, අනුර කුමාරට බුරුල් වූ කලිසම ඉනෙන් පහළට වැටි ඇතිදැයි වරින් වර අතගා බල්නනට සිදු විය.  

මාලිමාවට ජයවේවා කියන්නේ රටේ මිනිසුන් කාලා ඇඳලා සතුටෙන් ජීවත්වීම ඉවසිය නොහැකි 3%නුත්, අතලොස්සකි. ඔවුන්ට අවශ්‍ය කැමති ගේකට පැන යමක් උදුරා ගැනීමේ 88-89 තක්කඩි අවසරය රටේ බවට පත් කරන බව ලාල්කාන්ත මැයි දින සපත කළේය. කරඳගොල්ලේ නාය යාමට උමා ඔය ව්‍යාපෘතියේ බලපෑමක් නැත කී මහාචාර්ය අතුල සේනාරත්නට නැවත තමා එසේ නොකී කියන්ට සිදුවෙතැයි මාලිමා සමාජ මාධ්‍ය අනතුරු ඇඟවීය.

 

 

මාලිමාවේ කැමැත්ත උමාඔය ව්‍යාපෘතිය පුපුරා විනාස වී ගොස් මිනිසුන් දහස් ගණනක් මිහිදන් වී බණ්ඩාරවෙල පළාතම හැඳි ගෑවී යන විනාසයක් මිස රටට විදුලිය, ගොවිපොළට ජලය ලැඛෙන සාර්ථක ව්‍යාපෘතියක් නම් නොවේ. කවදත් මානව සංහතියට වෛර කරන ජවිපෙය ගැන අවබෝධ වූ සැනින් ව්‍යාපාරය අත් හැර යාම රටේ ජන ගහනය වැඩි වුණාට 3% වැඩි නො වීමේ ඇත්ත කතාවය.

නවසිය හැට හයේ ජනවාරි 8 වෙනිදා ජාති වාදය වපුරමින් දහවල් වමේ නායකයන් කොළඹ කළ අරගලය ගැන එදා හැන්දෑවේ විද්‍යාලංකාර සරසවියේ සිසූන් කිහිප දෙනෙකු එක් බියර් බෝතලයක් ඛෙදා ගෙන බොමින් කතා කළහ. වෙරිවී සිටි එක් සිසුවෙක් පාරේ දැල්වෙමින් තිබුණ විදුලි බුබුලක් ගලක් ගසා කඩා දැමීමෙන් කෝපයට පත් සරසවි මිතුරෙක් මොකක්ද යකෝ අර කළ වැඩේ කියා ඇසී ය. 

''මචං විප්ලවේ කියන්නේ ඒකට. මේ ලයිට් එක පත්තු වෙලා තිබුණාම කාටවත් කළුවර බව දැනෙන්නේ නෑ. දැන් පාරේ යන එවුන් දැන ගනියි ලයිට් නෑ කරුවලයි කියලා. අපට පුළුවන් පාරවල් කළුවරේ මිනිසුන් අනතුරේ කියලා පෙළපාලි යන්න. දියුණුව ආලෝකය උත්සාහය තියෙන රටක විප්ලවීය ජයග්‍රහණ ලබන්න බැහැ'' මිතුරාගේ උත්තරයෙන් කුපිතවූ ගමන් සගයා, ඈ යකෝ ලෙනින්ද එහෙම කිව්වේ.. යයි ඇසූ විට විදුලි බුබුල බිඳ දැමූ විප්ලව වාදියා කළේ ලාවට සිනාසීම පමණකි. ගලක් ගසා බල්බය බිඳ පාර කළුවර කළ ඒ විප්ලවවාදියා පසු කලෙක එජාපයට එක්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්විය. 

ලක්ෂ හැට හැත්තෑ ගණන් ජනතාවගේ ඡන්ද ලබා ගෙන ලංකාවේ ආණ්ඩු පිහිටුවීමට ප්‍රධාන පක්ෂ දෙකට පමණක් ශක්තිය ලැඛෙන්නේ විප්ලවයේ එකී ගතික ස්වභාවය නිසාය. 

 


88-89 කාලයේත් විවිධ බාධක මැද රට කළුවරේ තබා ජනතාව බියපත් කරමින්, ඡන්ද පොළට එන මුල් දස දෙනාට වෙඩි තැබූ මරා දැමූ කිරි දරුවන් ඉදිරිපිට ආදරණීය පියවරුන් මරා දැමූ ඝතනය කළ සමහර වැඩිහිටියන්ගේ මස් රස්නය යාමට පෙර බලෙන් දරුවන්ට කැවූ පසුබිමක පවා ඒ ප්‍රධාන දේශපාලන ධාරා අඩපන නො වන්නේ ප්‍රජාතන්ත්‍රවාදි රටක මිනිස්සු මිනි මරු කාලකන්නියන්ට කැමති නැති නිසාය. 

මැයි රැළි උද්දාමයෙන් පිනා ගිය වුන් මේ දිනවල මාලිමාවට ජයවේවා හෝ රනිල් දිනන්නේ නෑ කියා නො කියති. ආඩම්බරයෙන් අහන්නේ මැයි දිනය කොහොමද කියාය. දැන් මාලිමාවට අභියෝග කෝටියකි. මැයි මෝස්තරය ජනාධිපති මැතිවරණය තෙක් ඇද ගෙන යාම සෙල්ලමක් නොවේ. ආණ්ඩුව බඩු මිල අඩු කරමින් හාල් ඛෙදමින් ජනතාවට දැනෙන සහන සැලසීමට යුහුසුළුව ක්‍රියා කරමින් සිටින්නාහ. රැළි හරහා ජොලිය මිස බඩගින්න නො නිවෙන බව දන්නා මාලිමාව වර්ජන රැල්ලක් හරහා රටේ මිනිසුන් දඬු කඳේ ගසන්නට තැත් කරමින් සිටිති. වැඩියෙන්ම වර්ජන සඳහා යොදා ගන්නේ සෞඛ්‍ය හා ගුරු සේවය හෙවත් රෝගීන් සහ දරුවන්ය. 

සටන් කරන්නේ දෙන්ට බැරි වැඩි පඩිය. නැති රස්සාය. වැඩි පහසුකම්ය. අති කාලය. බෝනස් ය. අතුරු දීමනාය. යහ පාලනය යටතේ රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබා ගත් රාජ්‍ය සේවකයන් බොම්බ සද්දෙට වශීවී එදා තමන්ට කළ හතුරුකම් කළ බව දන්නා වර්තමාන පාලකයන් වර්ජන ගර්ජන යනු ජන මතය නොවන හෙයින් සාමාන්‍ය මිනිසාට යහපත සලසා 2020 දී මෙන් ගෙදර යාම අනාගතයට කරන ආයෝජනයක් බව වටහාගෙන සිටින්නාහ. 

තවම ගුරුවරු පෙළ ගැසුණේ නැත. ඔවුන් සටනට එන්නේ අපොස සා පෙළ පිළිතුරු පත් පරීක්ෂාව ආරම්භ කළ පසුවය. ගුරුවරු ලවා ආණ්ඩුවට රිද්දන්නේ පාසල් වසා දරුවන්ගේ විභාග ප්‍රමාද කරලාය. ඒ මානසිකත්වය 1966 ගලක් ගසා බල්බ් එක කැඩුවා වාගේය. 88-89 කලයේ කරන රස්සා වලින් ඉවත් වීමට දුන් නියෝග පිළි නො ගත් දරු පවුල් රැක්ක තාත්තලා කී දහසක් වෙඩි තබා මැරුවාද කියා දන්නා පරපුරක මිනිස්සු තවමත් මේ රටේ ජීවත් වෙති. අද ජීවත් වෙන්න පඩි මදි කියා රජයේ සේවකයන් උසි ගන්වන ජෙප්පන් 88-89 දී තුවක්කුව පෙන්නා රස්සාවෙන් අස් වෙන්න කීවේ රට ඇල්ලීමටය. එය හරියටම ජවිපෙ බලයට එන තෙක් ලංකාවට ඩොලර් එවන්ට එපා කීවාට සමානය. උමාඔයේ හිලක් කියා ව්‍යෘපෘතියට වින කැටුවාට සමානය. 


මේ පෙළ ගැසෙන මාලිමාව යනු ආණ්ඩු බලය අල්ලන කෙමනක් බව රටේ වැටුප් නො ලබන බහුතරය දනිති. උතුරු මැද පළාත් සභාව වටලා රස්සා ඉල්ලූවේ උපාධිධාරින්ය. ගෝඨාත් 2019 දුන් පොරොන්දු අනුව රස්සා හැට පන් දහසක් ඇබෑර්තු නැති රාජ්‍ය සේවයට රිංගවීය. රට මෙතනට වැටුණේ එහෙමය. 2001දී කඩා වැටී තිබුණ රටේ බලයට පත් රනිල් ආර්ථීකය යහපත් වන තෙක් වසර දෙකක් රස්සා නොදෙන බව කීවේ රට ගැන මිස ඡන්ද ගැන හිතලා නොවේ. බදු නො ගසා රස්සා දී ගෝඨා රටට කළ හරිය 2022දී රටම අත් වින්දාහ. නවසිය තිස් ගණන්වල ගොවි ජනපදවලට ගිය ගොවීන් දේශපාලකයන්ට නො රැවටුණ නිසා අදත් රටේ මිනිස්සු දෙවේලට බත් කති. 56ට පසුව වර්ජන නිසා ලංකාවට සම්පතක් වූ දකුණු ආසියාවේ ශක්තිමත්ම වරාය විනාස කළහ. ලී ක්වාන් යූගේ චරිකාපදානයේ එදා බිස්නස් අකුලා ගෙන ලංකාවෙන් පිටව ගිය ජාත්‍යන්තර ව්‍යවසායිකයන් කැඳවා සිංගප්පූරුව දියුණු කළ හැටි විස්තර වේ.  

ds dudlyසමසමාජයෙන් පටන් ගෙන මාලිමාව ලෙස විකෘති වෙමින් පවත්නා ලංකාවේ සමාජවාදය හැමදාම කළේ උපන් රටට උගුල් ඇදීමය. ගොවි ජනපද ව්‍යාපාරයට අකුල් හෙළුවද, ඩී.එස්.සේනානායක ඊට වඩා ශක්තිමත් විය. එහි දෙවැන්න වූ හර්තාලය විසින් දේශපාලනය එපා කරවූ ඩඩ්ලි ජනතාව විසින් 1960 යළි කැඳවා දෙවරක් රටේ අගමැති කරවීය. වමේ බලපෑමෙන් ඇති කළ ජනසතු ව්‍යාපාර තුළ පැටව් ගසන වෘත්තීය සමිති අද ලංවිම, ඛනිජ තෙල් සංස්ථා ආදි රාජ්‍ය ආයතන විනාසයට වගකිව යුතුවේ. ඉරිදා අතිකාල සඳහා පැය අසූවක් ගෙවන වරායේ වර්ජන වී ගොවියාට තෙල් පොහොර නිසි කලට ලබා ගැනීමට බාධා කරමින් සිටියි. 

2004 චන්ද්‍රිකාට එක්ව ජවිපෙ පරිවාස ගසා එළවා ගත්, 2005 ප්‍රභාකරන් සමග එක්ව ජවිපෙය පරාද කළ, පාස්කු බෝම්බ පුපුරුවා යහ පාලනය සමග බලයෙන් පහ කළ, 2020දීත් බිංදුවට දමා ගෙදර යැවූ රනිල් වික්‍රමසිංහ 2024දී සකල විපක්ෂයටම අභියෝගයක් වි සිටින්නේ යථාර්ථය ජනප්‍රිය දේශපාලනය නොවන නිසාය. 

2020 අගෝස්තුවේ ගෙදර ගිය රනිල් ඔක්තෝබරයේ දවසක මහනුවර නගරාධිපති නිවහනේදී නීතිඥයන් හමුවූ අවස්ථාවේ කීවේ රටේ ජනතාව සතුටු කිරිමෙන් රටක් ගොඩ නැගිය නොහැකි නිසා මැතිවරණ ප්‍රතිපල ගැන උනන්දු නොවන නමුත් 2022දී රටේ තත්වය ගැන කතා කිරිමට යළි මහනුවරදීම හමු වෙමු කියා ය. පොරොන්දු වූ ආකාරයටම රනිල්  2022 ජූලියේ මහනුවර නගරාධිපති නිවහනේදීම මහනුවර නිතිඥ සගයන් හමුවුණේ රටේ විධායක ජනාධිපති හැටියටය. 2020දීත් රටේ ජනතාව සතුටු කිරිමෙන් රටක් ගොඩ නැගිය නොහැකි බව කී රනිල් 2023 අප්‍රේල් 23 දින මම ඉන්නේ හරි දේ කිරීමට මිස ජනප්‍රිය දේ කිරීමට නොවන බව කීය. 

 

ජනාධිපති ගෙන් විශේෂ ප්‍රකාශයක්

මේ උදාවී ඇත්තේ ලාංකේය දේශපාලනය උඩුගම් බලා යන හෙවත් රනිල්ගේ දේශපාලන සද්භාවය විමසා බැලෙන නිමේෂයයි. මැයි රැළි, වර්ජන, උද්ඝෝෂණ, අඩෝ රනිල් වැනි අවලාද කියා ඒ සද්භාවය කනපිට පෙරළුවොත් වැටෙන්නේ රට මිස රනිල් වික්‍රමසිංහ හෝ එජාපය නම් නොවේ. 2019දී රුපියල් 117ති තිබූ පැට්‍රල් ලීටරය 2022දී රුපියල් 1000කටත් ලබා ගත නො හැකි විය. නැවත 2024දී රුපියල් 400ක් වී තිබේ. එය නැවත රුපියල් 117ට මිල දී ගැනීමට 2025දී හැකිවනු ඇත. 

1970 තුනෙන් දෙකකින් ගෙදර යැවූ එජාප පාලනය 1977දී පහෙන් දෙකක ශක්තියෙන් යළි කැඳවන ලද්දේ ජනතාව විසිනි. 2020දී ජනතාව විසින්  බිංදුවට දවා දැමූ එජාප ආර්ථීක දැක්ම 2024දී රටට සහ ජනතාව දෙන වටිනාකම 1977ට සමපාත වේද නැද්ද යන්න තීරණය කිරීමට වමේ දේශපාලනය සමත් නොවනු ඇත. 

අනේ අපටත් ආපදා ධනවාදය වටහා දෙන්න - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්