(මෙම වියමන නායකයෙකු සොයන පuzzle එක නම් ලිපි මාලාවේ දෙවැන්නයි.)
ශ්‍රී ලංකාව යනු නායකයන්ගෙන් හිඟ රටක් නොවෙයි.අපට හිඟ වී ඇත්තේ නායකත්වය පිළිබඳ රටවැසියන්ට තිබෙන අවබෝධය යි.
නිදහසින් පසු අපි නායකයන් බොහෝ දෙනකු තෝරාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් සමහරෙක්ට රටවැසියන් බෙහෙවින් ඇලුම් කළා. සමහරෙක් වේදිකාවේ සිට විදුලි කුණාටුවක් වගේ වදන් වලින් රටවැසියා උණුසුම් කළා. තවත් සමහරෙක් රටේ අවසාන බලාපොරොත්තුව ලෙස පෙනීටියා.
නමුත් ප්‍රශ්නය මෙයයි එවැනි නායකයන් අප, අපේ රට රැගෙන ගියේ කොතනටද? අද අපි දිළිදුකම, ණය බර, ආර්ථික අස්ථාවරත්වය , සමාජ බිඳ වැටීම, විශ්වාසය බිඳ වැටුණු රාජ්‍ය ආයතන සහ ඉච්ඡාබංගත්වය සමඟ ජීවත් වන්නෙමු. අසාර්ථක රාජ්‍යයක ලේබලය එල්ලාගෙන සිටිමු.

මෙම සියල්ල රටවැසියන් විසින් දිගු කලක් පුරා සිදුකළ වැරදි නායකත්ව තේරුම්වල ප්‍රතිඵල කියන එකයි මගේ නිගමනය වන්නේ.
අද වියමන මම වෙන් කරන්නේ ලෝකයේ අසාර්ථක සහ සාර්ථක රාජ්‍යයන් ගොඩනැගූ මූලික නායකත්ව ප්‍රවේශ දෙකක් ගැන විමසා බලන්නයි. ඒ චාරිස්මාවෙන්පිරි නායකත්වය (ජනකාන්ත) ( Charismatic Leadership ) සහ පරිවර්තනීය නායකත්වය(Transformation Leadership ).
චාරිස්මාව කියන්නේ මොකක්ද?
චාරිස්මාව කියන්නේ ජනයා ආකර්ෂණය කර ගැනීමට යම් පුද්ගලයෙකුට තිබෙන සුවිශේෂී හැකියාවයි. ඒ පුද්ගලයකුගේ බාහිර පෙනුම, හඬ , ශරීර භාෂාව, කතා ශෛලිය, වේදිකා දක්ෂතාවය , ගමන් විලාසය සහ පොදු ජනයා සමග හැඟීම්බරව සම්බන්ධ වීමේ හැකියාව ආදී ගුණාංගයන්ගේ එකතුවකි. චරිස්මාව ගොඩනැගෙන්නේ “ මම ඔබලා වගේමයි, මමත් ඔබේම කෙනෙක්, ඔබට විමුක්තිය ලබාදිය හැක්කේ මට පමණයි."යන හැඟීම ජනයා වෙත සන්නිවේදනය කිරීමෙනි.
චරිස්මාවෙන්පිරි නායකයෙකු ජනයාට ඇසීමට අවශ්‍ය දේ කියයි .ඔහු ජනතාවගේ කෝපය වචන බවට හරවයි. ඔහුගේ සතුරන් පැහැදිලිය .ඔහුගේ කතාව සරලය. ඒ නිසාම ඔහු අතිශයෙන් ජනප්‍රියයි.
චාරිස්මාවෙන් සපිරි නායකයෙක්;????

@ පුද්ගල කේන්ද්‍රීයය-
සියල්ල නායකයා වටා ගොඩනැගේ.”ඔහු නැත්නම් රටක් නැහැ”. “අනාගතයක් නැහැ” යන සිතුවිල්ල ජනයා තුළ ජනිත වෙනවා.
@ වේදිකා පරිපාලකයෙක්-
නායකත්වය ප්‍රතිපත්ති සහ සැලසුම් මත නොව සටන් පාඨ වලින්, උණුසුම් හැඟීම්බර කතා සහ රැස්වීම් වලින් මිනුම් කරනවා.
@ සතුරන් නිර්මාණයකර ගන්නෙකි-
රට වැසියා තමාව වටා එකතු කර ගැනීම සඳහා "අපි" (We) සහ උන් (Other) ලෙස සමාජය බෙදනු ලබයි.ජන හතුරෙක් නිර්මාණය කර නොගෙන බලය අල්ලාගත් චාරිස්මාවෙන් පිරි නායකයන් දුර්ලභය.
@ ක්ෂණික හැඟුම්බර විසඳුම් දෙන්න හපනෙකි-
ගැඹුරු, සංකීර්ණ ව්‍යුහය සහ බරපතල දැවෙන ප්‍රශ්නවලට සරල වචන වලින් ක්ෂණික විසඳුම් යෝජනා කරයි."මම ආවොත් හෙටම සියල්ලම හරි" යන කතාව මේ ගුණාංගයන්ගේ සුලභ පිළිබිඹුවකි.
@අසාහය විවේචකයකි-
තමන් විවේචනය කරන්නේ “පොදු ජනයාගේ සතුරා” බව ඒත්තු ගැන්වීමට රුසියෙකි.ඔහුගේ විවේචනයට “විරුද්ධ වන්නන් ජන හතුරෙක්” ලෙස ලේබල් කිරීමට ඔහුට ඇත්තේ සුවිශේෂී දක්ෂතාවයකි.
චාරිස්මාවෙන් සපිරි නායකයන් අසාර්ථකවන්නේ ඇයි?
ශ්‍රී ලංකාවේ අපි නැවත නැවතත් දැක ඇත්තේ එකම දර්ශනයකි.චාරිස්මාවෙන් සපිරි නායකයකු බලයට පැමිණෙයි.රට වැසියා ඔහු ගැන ඉමහත් බලාපොරොත්තු තබයි. කාලයත් සමඟ සමස්ත සමාජයම කුණු වී ඕජස් ගලයි. ජනයාගේ ඉච්ඡාභංගත්වය අසහනය සහ ආතතිය තිබුණාටත් වඩා තීව්‍ර වෙයි.ගජ මිතුරන් රජ වේ. අවසානයේ රට අසාර්ථක රාජ්‍යයක් ලෙස නැවතත් ලේබල් වේ.
ඒ ඇයි?
ආයතන බිඳ වැටීම

චාරිස්මාවෙන් සපිරි නායකයකු ශක්තිමත් වන්නේ ආයතන,සහ නීති දුර්වල වන වටපිටාවක් තුළය.ඔහු පාර්ලිමේන්තුව,අධිකරණය, ජනමාධ්‍ය, රාජ්‍ය සේවයද,- සමාජ ආරක්ෂකයන් වන ,අධ්‍යාපනය,ආගම් සහ ප්‍රජා සංවිධානය දුර්වල කර, ඒවා පිළිබඳ මහජන විශ්වාසය නැතිකර දමා, ඒ මත බුවල්ලෙක් මෙන් නැගී සිටි.ඒ සඳහා “ඔහුගේ හඬ” සහ ජනයා සමග ගොඩනගා ගන්නා හැඟීම්බර සම්බන්ධතාවය ප්‍රමාණවත්ය. නමුත් නායකයකුට වඩා ඉහත ආයතන ශක්තිමත් නොවන රටක් දිගුකාලීනව ජීවත් නොවේ.
පුද්ගල වේදනාව
රට වැසියා බැඳෙන්නේ “නායකත්වයට” නොවෙයි , “නායකයාට”ය. පුද්ගල සම්බන්ධතාවය කියන්නේ “නායකත්වය” ඉහළ නැංවීමෙන් නොව “නායකත්වය” නසා දැමීමකි. රටක් තුළ රටවැසියා නායකයා හට බැඳෙන විට රට වැසියාගේ නායකත්වය ගැන තක්සේරු කිරීමේ සහ නැවත සිතීමේ හැකියාව අඩපණවේ.
එවිට නායකයා යනු “ප්‍රතිපත්ති සැලසුම් සහ ක්‍රියාමාර්ග වල එකතුවක් නොව”, “විශ්වාසය තැබිය යුතු අති විශේෂ පුද්ගලයකු බවට පත්වේ”. ඔහු වැරදි තීරණයක් ගත්තත් වැරදි කලත් ඒවා වැරදි ලෙස රටවැසියාට නොපෙනේ. “වැරදි” පවා ඔහුගේ "වීරත්වයේ" කොටසක් ලෙස පෙන්වන්නට ඔහු සමත්වීම සහ රටවැසියා එසේම අදහන්නට දක්වන ආශාව මේ කෙරෙහි බලපායි.
පුද්ගල වන්දනාව පෝෂණය වන සමාජයක, නායකයාගේ තීරණ, හැසිරීම සහ ක්‍රියාමාර්ග “ප්‍රශ්න ප්‍රශ්න කරනවා වෙනුවට” “ඔහු දන්නවා මොනවද කරන්න ඕනෑ කියලා" කියන රටවැසි සටන් පාඨය ප්‍රජාතන්ත්‍ර වාදයේ මිනී පෙට්ටියට ගසන “අවසාන ඇනය” බවට පත්වේ..
මරණයේ රාවය
එය විවේචනය කිරීම “මරණයේ රාවය” ගෙන එන වැකියකි. විවේචන මරණ විට පරීක්ෂණය සහ වග වීම නවති. පරීක්ෂණය සහ වග වීම නවතින විට වගකීම සහ මානව සංහතියේ යහපත අතුරුදහන් වෙයි.
මෙරට දේශපාලන ඉතිහාසය තුළින් පුද්ගල වන්දනාව “ජාතියක්”, “ජාතික ආරක්‍ෂාව”, “ජාතිකාභිමානය”, “හොරු ඇල්ලීම” සහ “ක්‍රමයේ වෙනසක්” යන සටන් පාඨ යටතේ ගොඩනැගුනා.
එවිට නායකයා විවේචනය කිරීමට රට ගොඩ ගැනීම කඩාකප්පල් කිරීමක් ලෙස ලේබල් විය. නායකයා ප්‍රශ්න කරන ජනතාව "දේශද්‍රෝහීන්" බවට පත්වුණා. මෙවැනි මොහොතක සිට නායකත්වය නායකයාගේ සුවපහසුව වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා . පුද්ගල වන්දනාව ඇති විට, “වැරදි තීරණ” පවා “වීර තීරණ” බවට පත්වෙයි.

ආර්ථිකය වැටුණත් , බඩු මිල ඉහළ ගියත් , බදුබර වැඩි වුනත් එය " කැපවීමක්" ලෙස විස්තර කෙරේ. නීතිය කඩ වුණත්,එය"ශක්තිමත් පාලනය"ක්‍රමයේ වෙනසක් ලෙස වර්ණනා කෙරේ. රටවැසියාට වේදනාවේ අමාරුකම් දැනුනත්, ඒ වේදනාව "රට වෙනුවෙන්" යන සටන් පාඨයෙන් සාධාරණීකරණය වෙනවා. මෙහිදී රටවැසියා තමන්ගේ දුක් වේදනාවන් තමන්ට වන අසාධාරණකම් ප්‍රශ්න නොකරන්නන් ලෙස පුහුණුවන්න පටන් ගන්නවා.
අතිශයින් භයානක කරුණක් වන්නේ පුද්ගල වන්දනාවක් පරම්පරා ගතවීමයි. දරුවන්, තරුණයන් වන්දනා කරන නායකයාගේ නාමය, රූපය සහ කතාව ඇසුරේ වැඩෙයි. ඔවුන්ට නායකත්වය කියන්නේ ප්‍රශ්න කිරීම නොව අනුගමනය කිරීම බව- නිවසේ දී, පාසලේදීත් , මඟ තොටේදීත්, සමාජ මාධ්‍ය වේදිකාවලදීත් ඉගැන්වෙයි. ප්‍රතිඵලය වන්නේ පුරවැසියන් නැති අනුගාමික දායක සභාවක් සහිත සමාජයක් නිර්මාණය වීමයි.
ඒ නිසා පුද්ගල වන්දනාවෙන් ගොඩනඟන රටක් කිසිදා සාර්ථක නොවෙයි. නායකයා වැටෙන මොහොතේ රටද වැටෙයි. මන්ද නායකත්වය පද්ධතියට නොව පුද්ගලයෙකුට බැඳී ඇති බැවිනි.
සැබෑ නායකත්වය කියන්නේ “නායකයාට නොවෙයි, නායකත්වයට ජනතාව බැඳෙන සමාජයක් ගොඩනඟන එකයි”. එයයි රටක් දිගු කාලීනව බේරගන්න, සාර්ථක වෙන්න පුළුවන් එකම මාර්ගය වන්නේ.
පරම්පරාවට උරුම නොවන දේශපාලනය
චාරිස්මාව පුද්ගලයෙකු සමගසමග මිය යයි. ඔහු ගිය පසු ඉතිරි වන්නේ හිස් බවකි. පද්ධතියක් නොමැති නිසා රට නැවත අර්බුදයකට යයි.
චාරිස්මාව කියන්නේ ගිනි කුළුණක් වගේ ශක්තියක්. එය දුරින් දකින විට ආලෝකමත්ය. ආකර්ෂණීය උණුසුම්ය හැඟීමක් ගෙන දෙයි. නමුත් එය දීර්ඝ කාලීනව නඩත්තු කළ හැක්කක් නොවේ. චාරිස්මාව නායකයකු සමග උපත ලබන අතර ඔහු සමග මිය යයි. එය උරුම කර කරගත හැකි දෙයක් නොවේ. එය ආයතනයක් තුළින් නීතියක් තුළ හෝ පද්ධතියක් තුළ ජීවත් නොවේ.
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළින් අපි නැවත නැවතත් දැක ඇත්තේ මෙම හිස් බවයි. චාරිස්මාවෙන් සපිරි නායකයකු රටක් පාලනය කරයි. ඔහුගේ කාලය තුළ සියල්ල ඔහු වටා ගොඩනැගෙයි. තීරණය අද ඔහුගෙන් ආරම්භ වෙයි.එම තීරණ අදට ඔහුගෙන්ම අවසන් වෙයි.
චාරිස්මාව තුළ රටවැසියා විශ්වාස තබන්නේ පද්ධතිය මත නොව පුද්ගලයා මතය. එවැනි පාලනයක් අනාගත මානව සංවර්ධනය සඳහා අඩිතාලමක් දානවා වෙනුවට කරන්නේ එදිනෙදා සිදුවීම් වලට ප්‍රතිචාර දක්වමින්, අතීතයේ කුණු කූඩයට එකතුවීමයි.
සැබෑ නායකත්වය කියන්නේ “නායකයාට නොවෙයි, නායකත්වයට ජනතාව බැඳෙන සමාජයක් ගොඩනඟන එකයි”. එයයි රටක් දිගු කාලීනව බේරගන්න, සාර්ථක වෙන්න පුළුවන් එකම මාර්ගය වන්නේ.
පරම්පරාවට උරුම නොවන දේශපාලනය
චාරිස්මාව පුද්ගලයෙකු සමගසමග මිය යයි. ඔහු ගිය පසු ඉතිරි වන්නේ හිස් බවකි. පද්ධතියක් නොමැති නිසා රට නැවත අර්බුදයකට යයි.
චාරිස්මාව කියන්නේ ගිනි කුළුණක් වගේ ශක්තියක්. එය දුරින් දකින විට ආලෝකමත්ය. ආකර්ෂණීය උණුසුම්ය හැඟීමක් ගෙන දෙයි. නමුත් එය දීර්ඝ කාලීනව නඩත්තු කළ හැක්කක් නොවේ. චාරිස්මාව නායකයකු සමග උපත ලබන අතර ඔහු සමග මිය යයි. එය උරුම කර කරගත හැකි දෙයක් නොවේ. එය ආයතනයක් තුළින් නීතියක් තුළ හෝ පද්ධතියක් තුළ ජීවත් නොවේ.
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළින් අපි නැවත නැවතත් දැක ඇත්තේ මෙම හිස් බවයි. චාරිස්මාවෙන් සපිරි නායකයකු රටක් පාලනය කරයි. ඔහුගේ කාලය තුළ සියල්ල ඔහු වටා ගොඩනැගෙයි. තීරණය අද ඔහුගෙන් ආරම්භ වෙයි.එම තීරණ අදට ඔහුගෙන්ම අවසන් වෙයි.
චාරිස්මාව තුළ රටවැසියා විශ්වාස තබන්නේ පද්ධතිය මත නොව පුද්ගලයා මතය. එවැනි පාලනයක් අනාගත මානව සංවර්ධනය සඳහා අඩිතාලමක් දානවා වෙනුවට කරන්නේ එදිනෙදා සිදුවීම් වලට ප්‍රතිචාර දක්වමින්, අතීතයේ කුණු කූඩයට එකතුවීමයි.

නායකයා ගිය මොහොතේ සියල්ල අතුරුදහන් වේ. තීරණ සහ වැඩසටහන්ද අතුරුදහන් වේ. අඛන්ඩතාවයන් බිඳ වැටේ. රට නැවතත් හිටපු තැනටම වැටෙයි. රට ගොඩ ගැනීම වෙනුවෙන් තම කැපවීම කළේ, “රටක් හෝ පද්ධතියක් ගොඩනගන්න නොව”: “පුද්ගලයෙකු ගොඩනගන්න” බව අවසානයේ ජනතාව තේරුම් ගනියි. එහෙත් ඒ වන වන විට රට ගොඩ ගැනීම වෙනුවෙන් ගත කළ කාලය සහ සම්පත් මෙන්ම කැපවීම ද ගඟට කැපූ ඉනි බවට පත්වී හමාරය.
පරම්පරාවට උරුම නොවන දේශපාලනය කියන්නේ, අනාගතයට කිසිවක් ඉතිරී නොකරන දේශපාලනයකි. එය නායකයාගේ ජීවිත කාලයට සීමා බලයකි. එවැනි බලයක් තුළින් තරුණ පරම්පරාවට උරුම වන්නේ දැක්මක් ප්‍රතිපත්ති හෝ වැඩපිළිවෙළක් නොව හිස් බවකි. ක්‍රමයක් නොව අස්ථාවරත්වයකි. සම්පත් සහ කාලයේ කාදැමීමකි .
විශ්වාසය නොව ඉච්ඡාභංගත්වයයි.
සැබෑ නායකත්වය කියන්නේ නායකයා ගිය පසුත් පද්ධති ක්‍රියාත්මක වීමයි. නායකයා මියගියද දැක්ම මිය නොයාමයි. ආයතන ක්‍රියාත්මක වීමයි. නීතිය ක්‍රියාත්මක වීමයි. ජනතාව පද්ධතිය විශ්වාස කිරීමයි.
විශ්වාසය නොව ඉච්ඡාභංගත්වයයි.
සැබෑ නායකත්වය කියන්නේ නායකයා ගිය පසුත් පද්ධති ක්‍රියාත්මක වීමයි. නායකයා මියගියද දැක්ම මිය නොයාමයි. ආයතන ක්‍රියාත්මක වීමයි. නීතිය ක්‍රියාත්මක වීමයි. ජනතාව පද්ධතිය විශ්වාස කිරීමයි.
ඒ නිසාම පරම්පරාවට උරුම නොවන දේශපාලනයෙන් මෙරට බේරා ගැනීමට නම් අපි තවදුරටත් චාරිස් මාවට බැඳී සිටින නායකයන් නොව, පද්ධති ගොඩනගන පරිවර්තනීය නායකයන් සොයා ගත යුතුය. (සෙස්ස ලබන සිකුරාදාට)

(සටහන | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ)
ජනමාධ්‍ය අධ්‍යන අංශය
කොළඹ විශ්ව විද්‍යාලය
සබැඳි ලිපිය :
නායකයෙකු සොයන අපේ පuzzle එක | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ








