leader s

මගේ දකුණු අත පැත්තෙ වාඩි වෙලා හිටපු විනීත එහෙම අහද්දි වම් අත පැත්තෙ වාඩිවෙලා හිටිය කමලත් නැගිටලා මගේ ඔළුව අතගැවා;

මෙච්චර වෙලා හිටගෙන හිටපු රමණි මගේ ඉස්සරහ දණ ගහගෙන එයාගෙ අත් දෙකෙන් ම මගේ අත් දෙක අල්ලගෙන ‘‘ඇයි අක්කෙ මේ...? අක්ක කවදාවත් මෙහෙම අඩල නැහැ නෙ... ඇත්ත කියන්න... අක්ක රොහාන්ට ලව් නේ ද...?’’

අන්න ඒ වචන ටික ඇහෙද්දි නං මට යකා නැග්ගා... ඇත්තට ම මට මොනව වුණාද කියල මමවත් දන්නෙ නෑ.

රමණී

ජසින්තා අක්ක වාඩි වෙලා හිටපු බංකුවෙන් නැගිට්ටෙ කුණු හරුපයකුත් කියාගෙන.

 

‘‘ආ පට්ට බැල්ලියෙ... තෝ දැං අවුරුදු පහක් හයක් මං එක්ක ඉඳලත් තොට තවම මං කවුද කියල දැනගන්න බැරි උනයි,’’ කියල කියන ගමන් ම මගේ නිකටෙන් අල්ලලා මගේ මූණ ජෙසිකා අක්කගෙ මූණට කෙළින් ම හරවද්දි තමයි මමත් ඉබේ ම නැගිටලා කියල මට දැනුණෙ.


‘‘කියපං බැල්ලියෙ... කියපං... උඹ කොහොමෙයි ඔහොම දෙයක් ඇහුවෙ...?’’

ඇත්තට ම මට ඒ වෙලාවෙ කියන්න කිසිම දෙයක් තිබුණෙ නෑ. මට පුළුවන්කම තිබුණෙ ජෙසිකා අක්කගෙ මූණ දිහා නොබල බිම බලාගන්න එක විතරයි. ඒත් එහෙම කරන්නත් බෑ. මොකද ජෙසිකා අක්ක තවමත් ඉන්නෙ මගේ නිකටෙන් අල්ලගෙන මගේ මූණ එයාගෙ මූණට කෙළින් තියාගෙන. තත්ත්පර දහයක් පහළොවක් යන්නත් කලින් මගේ ඇස්වලින් කඳුළු බේරුණා මට මතකයි.

ඊට පස්සෙ කමලනියි, විනීතයි අපි දෙන්නව දෙපැත්තට කරා; ජෙසිකා අක්කව අල්ලගෙන හිටියෙ කමලා; මාව අල්ල ගත්තෙ විනීතා.

‘‘මොකද්ද බං මේ වෙලා තියෙන්නෙ? අවුරුදු දෙකකට කිට්ටු වෙන්න අපි ඒ කොල්ල ආස්සරේ කරා නේද...? එහෙව් එකේ උඹ මක්කටෙයි මෙහෙව් අව කැපෙන කතාවක් කිව්වෙ...?

විනීත එහෙම අහද්දි මම හිටියෙ බිම වාඩි වෙලා. කමල ජෙසිකා අක්කව ආයෙත් බංකුවෙන් වාඩි කරා.

 

sad girl එයා වැළමිටි දෙකෙන් උකුලට බර දිගෙන, අත් දෙකේ ම ඇඟිලි එකට බැඳගෙන, ඔළුව බිමට හරවගෙන ඉන්න ගමන් ම දකුණු කකුලෙ මහපට ඇඟිල්ලෙන් බිම හාරන්නෙ හරියට එයා වරදක් කරා වගේ.

‘‘ඒකනෙ අප්පා... රොආන් අපේ ම මල්ලි කෙනෙක් වගේ නේ... උම්ඹට අම්මු කෙවිලද රමණියො...’’

ඒ කට හඬ කමලගෙ. දැන් තමයි මට ටිකක් සිහි කල්පනාව ආවෙ. ඇත්තට ම මම එහෙම අහපු එක වැරැදියි තමයි. ‘ඒත්... ඇයි මං එහෙව් බලු කතාවක් ඇහැව්වෙ...?’ මම මගෙන් ම ඒ ප්‍රශ්නෙ ඇහුවෙ මට වෙන කිසිම දෙයක් හිතාගන්න බැරි වුණ නිසා. මම යාන්තමට වගේ ජෙසිකා අක්ක දිහා බැලුවෙ එයා තවමත් මාත් එක්ක තරහෙන් ඉන්නව ද කියල දැනගන්න. එයා වැළමිටි දෙකෙන් උකුලට බර දිගෙන, අත් දෙකේ ම ඇඟිලි එකට බැඳගෙන, ඔළුව බිමට හරවගෙන ඉන්න ගමන් ම දකුණු කකුලෙ මහපට ඇඟිල්ලෙන් බිම හාරන්නෙ හරියට එයා වරදක් කරා වගේ.

මම නැගිටින්නෙ නැතුව දණ ගාගෙන ම ජෙසික අක්ක ගාවට ගියා. ගිහින් එයාගෙ කකුල් දෙක අල්ලගෙන ‘‘අනේ මට සමා වෙයං අක්කෙ. මම ඒක එහෙම දුර දිග හිතල අහපු එකක් නෙවෙයි. ඔයැයි අඬනව මං කවදාවත් දැකල නෑ අක්කෙ... ඉතිං...’’


මට කියන්න ලැබුණෙ එච්චරයි.

‘‘ඉතිං උඹ හිතුව මං යසේ මල්ලිත් එක්ක නිදිවැද්ද කියල. යකෝ පවුකාර කතා කියන්න තියා හිතන්නවත් එපා. මට විතරක් නෙවෙයි... මං හිතන්නෙ අපි කාටවත් ඒ වගේ කොල්ලෙක් හම්බු වෙලා නෑ. ඌ හිටියෙ අපි හැමෝට ම අක්කල වගේ සලකගෙන. උඹටත් එහෙමයි; මටත් එහෙමයි; රමණිටත් එහෙමයි...’’

 

54cf26ebe73cc‘‘හරි හරි... දැං ඔව්ව අමතක කරමු... රොහාන්ට ලියුමක් යවන්න විදිහක් නැතෙයි අක්කෙ..., කොල්ල ඇඩ්‍රස් එකක් ලියල නැතෙයි?’’

අන්තිම වචන ටික කිව්වෙ අක්කගෙ අත් දෙකෙන් මගේ අත් දෙක අල්ලගෙන විනීතයි කමලයි දිහාට ඔළුව හරව හරවා.

‘‘හරි හරි... දැං ඔව්ව අමතක කරමු... රොහාන්ට ලියුමක් යවන්න විදිහක් නැතෙයි අක්කෙ..., කොල්ල ඇඩ්‍රස් එකක් ලියල නැතෙයි?’’

මම එහෙම අහද්දි වචනයක්වත් නොකියපු ජෙසිකා අක්ක උත්තර දුන්නෙ එයාගෙ ඔළුව දෙපැත්තට වනල. ඒ වෙලාවෙ තමයි මට මතක් වුණේ ජෙසිකා අක්ක ලියුම කියවද්දි ඒ ගැන කිව්ව නේද කියල.

ජෙසිකා

රමණි එහෙම අහද්දි මට මතක් වුණේ රොහාන් ආ ගිය අතක් නැතුව දවස් දෙකක් ගත වුණාට පස්සෙ අපි හැව්ලොක් හෝටලයට ගියා ම ඒකෙ වැඩ කරන එක එකා කියපු දේවල්. එදා ඉඳල අපි හැව්ලොක් හෝටලේට යන එක නතර කරා.

d06eecf39064c245f7dc0760557dd4b9

බඩ මහත ඇක්මන් කියන එකා තමයි පළවෙනි දවසෙ අපිට කෑම තිබ්බෙ. ඌ කෑම තියන අතරෙම අපිට විතරක් ඇහෙන විදියට ‘‘ආ... කස්ටිය ඇවිත් තියෙන්නෙ... ඔහේල කෝම කෝම හරි කොල්ලව පන්නගත්ත නෙහ්...?’’ ඇහුව ම අපි හතර දෙනා ම මිනිහගෙ මූණ දිහා බැලුවෙ කලින් කතා කරගෙන හිටිය වගේ. තත්ත්පර දහයක් ගත වෙන්නත් කලින් විනීතා කට ඇරියා.


‘‘මක්කයි ඒ කතාවෙ තේරුම...? ඇයි ඔහේ හිතන්නෙ අපි කොල්ලව කොහේ හරි හැංගුව කියලයි... අපි මක්කටෙයි එහෙම කරන්නෙ...?’’

ඊට පස්සෙ ඌ මොනවත් ම කියන්න ආවෙ නෑ. හැබැයි තව රතු මහත කොල්ලෙක්, අපි උගේ නම දන්නෙ නෑ. ඌ අපේ ගාවට ඇවිත් කුපාඩි හිනාවක් දාන ගමන් ‘‘ඌ ඔහේලටත් නොකියම උගේ යට තට්ටුවත් උස්සගෙන ගිහිං. ඒකා ගියේ පැදුරටත් නොකියා.’’

එහෙම කියපු ගමන් ඌ ගියේ අපි ළඟ තත්ත්පරයක්වත් නොයිඳ. ඇත්තට ම අපි කාටවත් ඒ කතාව හරියට තේරුණේ නෑ. අපි එක එකාගෙ මූණ බැලුවෙ ඒ නිසා.

හැබැයි ඒ කතාව විනීතට නම් තේරිලා තිබුණා. ඒත් විනීතා ඒ වෙලාවෙ ඒක කිව්වෙ නෑ. ඒ නිසාම වෙන්න ඇති අපිට කෑම තියපු බඩ තඩියා තේ අරගෙන අවට පස්සෙ ‘‘මේ... අයියෙ... මේ කඩේ වැඩ කරන කවුරු හරි පැනල ගිහිල්ලයි...?’’ කියල ඇහුවෙ.

 

Mama Ji oiloncanvas 30x40 1000 addtobothculturalandportraitcollections 492x700‘‘ආ... ඔය අහන්නෙ අර පිඟන් හෝදපු සුසන්තය ගැන වෙන්නැති

තේ කෝප්ප හතර ම මේසය උඩින් තියපු බඩ තඩියා අත් දෙකෙන් මේසයට බර වෙලා, ටිකක් පහතට නැමිලා ‘‘ආ... ඔය අහන්නෙ අර පිඟන් හෝදපු සුසන්තය ගැන වෙන්නැති. ඔවුනෙ... ඌ කාටවක්කත් කියන් නැතුව ම ගිහින් නෙ. හැබැයි ඌ ගිහින් තියෙන්නෙ ඔයැයිලගෙ මල්ලි එක්ක කියල තමයි ආරංචිය... බාගෙදා ඇත්ත වෙන්නත් පුළුවන්. මොකද උන්දෙන්නා තට්ටු මාරු කරපු එවුන් දෙන්නනෙ...’’

එහෙම කියපු බඩ තඩියා නක්කලේට වගේ හිනාවුණා මිසක් වෙන මොනවත් කිව්වෙ නෑ.

විනීතා

c4e4a31614c913e55c3bc2020f12d70b

කෑම කාල ඉවර වෙලා කඩෙන් එළියට බැහැපු ගමන් ජෙසිකා අක්කා මගේ අතින් අල්ලගත්තා; අල්ලගෙන ‘‘මේහ්... අරු දොඩපු කතාව ගැන උඹ මක්ක හරි දන්නව නේද... මට ඇත්ත කියහං...’’


ඇත්ත ම කියනව නං මම එහෙම මොනවත් ම දන්නෙ නෑ. හැබැයි ඔය කොල්ලො කොල්ලො අතර තියෙනවයි කියන හුට පට ගැන තමයි ඔය වගේ වචනවලින් කියන්නෙ කියල මම දැනගෙන හිටියා.

‘‘අනේ නෑ බං... මං එහෙව් උලව්වක් දන්නෑ... හැබැයි ඌ දොඩපු කතාව නං ඔය කොල්ලො කොල්ලො අතර තියෙනවයි කියන හුට පට ගැන කියන වචනයක්.’’

මේ වෙද්දි අපි පාර පැනල කොටුව පැත්තට ඇවිදගෙන යන ගමන්. එක පාරට ම ජෙසික අක්ක ගමන නවත්තල ‘‘කට්ටියම යමුකො මල්වත්ත දිහාට්ට.’’ කියල සමනල උයන පැත්තට හැරුණා; අපි නැවතුණේ කන්න යන්න කලින් හිටපු බංකුව ළඟම යි; ඒ කිව්වෙ ලියුම කියවපු තැන ම යි.

මේ වෙද්දි ජෙසිකා අක්කගෙ හිත ටිකක් විතර සන්සුන් වෙලා වගේ මට දැනුණෙ. ඒ ජෙසිකා අක්කා ‘‘මට කියහං... මොකද්ද අර බඩ තඩිය කියපු හරුපෙ කියල,’’ඇහුවට පස්සෙ.

මට පුදුම මෙච්චර කාලයක් මේ රස්සාව කරපු අක්කත් මේ වචනෙ තේරුම නොදන්න එක. සමහර විට වෙන්නත් පුළුවන්. මොකද අපි අපි අතර කතා කරන වචනවල තේරුම වෙන රස්සාවක් කරන එවුන් දන්නෙ නැහැ නෙ. එකක් දෙකක් හරි දන්නෙ ඉතිං සතියකට සැරයක්කත් අපි කවුරු හරි එක්ක බුදියගන්න එන කස්ටෙක් විතර නෙ.

‘‘හැබෑට ම උඹල කවුරුවක්කත් ඒ කියපු කතාව දන්නෙ නැතෙයි...? කියල මම ඇහුවෙ රමණිගෙයි කමලගෙයි මූණ දිහා බලාගෙන.

‘‘මංනං දන්නව.’’

පැනල උත්තර දුන්නෙ රමණි. හැබැයි මූණ දිහා බලපුවම ඒක කමලත් දන්නව වගේ තේරුණා.

 

bab20ef6f9b28904a809b0d29edf73d4‘‘මේකනෙ අක්කෙ... දැං ඔය කොල්ලො කොල්ලො අතර තියෙන හුට පට තියෙනවනෙ. එව්වයි දී එහෙම කොල්ලො දෙන්නෙක්ට තමයි ‘තට්ටු මාරු කරන එවුන්’ කියන්නෙ.’’

‘‘අනෙහ් මේ... උඹල දන්න උලව්වක් කියහං... මෙතන තෙපර බබා ඉන්නැතුව’’

ජෙසිකා අක්ක ආයෙ පරල වෙලා වගේ මහ හයියෙන් කිව්වෙ අපි තුන්දෙනාව ම ගැස්සෙන විදියට.

‘‘මේකනෙ අක්කෙ... දැං ඔය කොල්ලො කොල්ලො අතර තියෙන හුට පට තියෙනවනෙ. එව්වයි දී එහෙම කොල්ලො දෙන්නෙක්ට තමයි ‘තට්ටු මාරු කරන එවුන්’ කියන්නෙ.’’

මං ඒ වචන ටික කියල ඉවර වෙද්දි ම කමලටයි රමණිටයි බකස් ගාල හිනා ගියා. එවුන් දෙන්න දිහාත් ඔරවලා බලපු ජෙසිකා අක්කා ‘‘හා හා... මට දැං තේරුණා... දැං ඉති තොපේ ඔය සිරික්කිය නවත්තගනිල්ලකො. අද කීයක්කත් හොයාගන්නෙ නැතෙයි. යමල්ල... යමල්ල...’’ කියපු ජෙසිකා අක්ක බංකුවෙන් නැගිට්ටෙ හිතේ බර සැහැල්ලු කරගෙන නෙවෙයි කියල අපි තුන්දෙනාට ම තේරුණා.


‘‘කමක් නේ අක්කා... රොආන් මල්ලි ආයෙ ලියුමක් එවයි නෙ... එයැයි ඇවිත් යන්න එනවයි කියලත් ලියල තියෙනව නෙ...’’

දෙසතියකට පමණ පෙර උදරසන 07ට පමණ බම්බලපිටිය ඇල්බට් එදිරිසිංහ දෘෂ්ටි විශේෂඥයෝ ගොඩනැගිල්ල ඉදිරි පිට

‘‘සුසා අපි දැං කොහොටෙයි යන්නෙ... මක්කයි කරන්නෙ...?’’

 

bruce sargeant oil portrait painting of two men 4376‘‘සුසා අපි දැං කොහොටෙයි යන්නෙ... මක්කයි කරන්නෙ...?’’

‘‘යන්නෙ කොහාට ද කරන්නෙ මක්කද කියල හිතන්න කලිං සයිවර් පාරක්කත් දාමු ද...? මට නං බඩගින්නෙ ඉන්න බෑ.’’

සුසන්ත එහෙම අහද්දි තමයි අපි උදේට කෑවෙ නෑ නේද කියල මතක් වුණේ.

‘‘සයිවර් කඩේ කොහේ ද තියෙන්නෙ... ඔහේ දන්නවයි කඩේ තියෙන තැන...?’’

‘‘හම්ම්ම්... යංකො’’ කියල මගේ අතින් අල්ලගත්තු සුසන්ත පාර දෙපැත්ත බලල ඉක්මනට ම පාරෙ අනිත් පැත්තට මාරු වුණා.

සතියකින් හමුවෙමු...


සටහන :


(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
2024/11/30

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්