leader s

''අනේ මංදා... උඹටත් තියෙන්නෙ මාර ප්‍රශ්න නෙ බං... පාං, රොස් පාං... එතකොට ඔය අනික් කෑම ඔක්කොම එන්නෙ උදේ පහ පහු උණ ගමන්. හැබැයි ඊට කලිං මුදලාලි එනවා.

හදිසියෙවත් මුලාලි එන්නෙ නැත්නං මැනේජර්කාරයා එනවා. ඒ දෙන්නගෙන් කවුරු හරි තමයි ඒ කෑම බාරගන්නෙ. පාන් රෝස්පාන් ටික කෑම පැන්ට්‍රියෙ ලෑල්ල උඩ තමයි තියන්නෙ. ඒ ටික පිළිවෙළක් කරගන්ඩෝනෙ උඹ තමයි ඉතිං... මං ඔය හෙටත් සපෝට් එකක් දෙන්නං... ඔය... ඉදිආප්ප එහෙම ගේන්නෙ හයට විතර නෙ... එතකොට කඩේ ඇරල.''

මට තවත් ප්‍රශ්න අහන්න ඉඩ නොතබා ම අම්පිටිය හැම දෙයක් ම පැහැදිලි කළා.

*          *          *

උදේ හතරහමාර වෙද්දි අම්පිටිය මට අවදි කෙරෙව්වා.

hard days night

''පල්ලෙහට ගිහින් මූණ හෝදගන්ඩ. මොකද වැඩ කරන එවුන් උදේට වැඩිපුර යන්නෙ මේ ටොයිලට් එකට. සමහර එවුන් මූණ හෝදන්න ගිය ගමන් පල්ලෙහා එකටත් යනවා. ඒත් වැඩිපුර මූණ හෝදන්නෙ, නාන්නෙ, ඇඟහෝදන්නෙ පල්ලෙහයින්.''

අම්පිටිය එහෙම කිව්වෙ මම බ්‍රෂ් එකට SR* ටිකක් එහෙම දාගෙන කක්කුස්සියට ගිහින් මූණ හෝදගන්න සූදානම් වෙද්දි ම යි.

කඩේ අරින්නෙ උදේ හයට; හැබැයි කෑම පැන්ට්‍රයෙයි තේ පැන්ට්‍රියෙයි වැඩ කරන දෙන්නා උදේ පහ වෙද්දි ඒ දෙකේ ඉන්න ඔ්නෙ. ඒ දෙන්නට උදේ පාන්දර ම වැඩ පැවරිලා තියෙනවා. කෑම පැන්ට්‍රියෙ කෙනා නම්: කුස්සියෙන් ගේන කෑම... ඒ කියන්නෙ: අල හොදි සහ බැදුම, බිත්තර, පරිප්පු, කිරි මාළු, මිරිස් මාළු, මස්, හාල්මැස්සො එහෙම බාරගන්න ඔ්න.   පාන් කපාගන්න ඔ්න, කඩදාසි වගේ ම ඉටි කොළ අඩු නම් ඒවා කපාගන්න ඔ්න. පැන්ට්‍රිය අතුගාල පිරිසිදු කරගන්න ඔ්න.

තේ පැන්ට්‍රියෙ කෙනා නම්: බොයිලේරුවට වතුර දාන්න ඔ්න, සීනි, ටින් කිරි, තේකොළ, කෝපි වගේ ම බිත්තර එහෙම ගෙනල්ල තියාගන්න ඔ්න. දැන් ඔයාල හිතයි තේ පැන්ට්‍රියට මොනවට ද බිත්තර කියල. තේ පැන්ට්‍රියට වුවමනා වෙන්‌නෙ අමු බිත්තර. ඒ, බිත්තර කෝපි හදන්න. ඒ හැම දෙයක් ම තියෙන්නෙ ගබඩාවෙ. එතන වැඩ කරන කෙනත් උදේ පහ වෙද්දි ගබඩාව ඇරල තියෙන්න ඔ්න. ගාල්ලෙ හැව්ලොක් එකේ නම් ඒව බාර දීල තිබුනෙත් කුස්සියට. ඒවට වග කියන්න ඔ්නෙ ලොකු බාස්උන්නැහේ. හැබැයි එයා ඒ හැම දෙයක් ම පවරන්නෙ කුස්සියෙ දෙවෙනියට.


2976883 QWRYGNTK 7
හැම වේටර් කෙනෙක් ම උදේ පහයි හතළිස් පහ වෙද්දි කලින් දවසෙ ඒ ඒ අය වැඩ කරපු මේස පිහිදාල, පිරිසිදු කරල හය වෙද්දි සුදානමින් ඉන්න ඔ්න. මේ ''වැඩ කරපු මේස'' කියල කියන්නෙ එක් එක් වේටර් කෙනෙකුට නිශ්චිත මේස ප්‍රමාණයක් බාර දෙන නිසා. බොහෝ විට මේස දෙකක් සමහර විට මේස තුනක් වෙන්නත් පුළුවන්. ඒ ඒ මේසවලට කෑම බීම සැපයීමේ වගකීම පැවරෙන්නෙ ඒ ඒ මේසය බාරගත්තු වේටර්ට. ඒක  හුඟක් හෝටල්වල කෙරෙන වැඩ පිළිවෙළක්. ගාල්ලෙ හැව්ලොක් එකෙත් එහෙම තමයි. මෙහෙත් වේටර්ලට නිවාඩුව දෙන්නෙ පැය දෙකයි. සමහර අය උදේ අටට තමයි වැඩ බාරගන්නෙ. ඒ කියන්නෙ එයාල, එයාලගෙ පැය දෙකේ නිවාඩුව අරගෙනමයි එන්නෙ. එයාල කලින් දවසෙ වැඩ කරපු මේස බාරගන්නෙ කලින් දවසෙ රැ හතට නිවාඩු ගත්තු අය. එයාල හතට ගියාම ආයෙ වැඩට එන්නෙ පහුවදා උදේ.

සාගරසිරි හෝටලයෙ ඒ හැම දෙයක් ම පිළිවෙළට කෙරෙනවා. දැන් ඔයාල කල්පනා කරනවා ඇති මම කොහොම ද එක රැයකින් මේ හැම දෙයක් ම දන්නෙ කියල. ඔවු... මට මේ හැම දෙයක් ගැන ම අලගිය මුලගිය තැන් කියල දුන්නෙ අම්පිටිය අයියා. ඊයෙ නිදාගන්න කලින් මේ හැම දෙයක් ම කියල දුන්නා; දවසක් ඇතුළත හෝටලයෙ සිද්ධ වෙන හැම දෙයක් ම විතරක් නෙවෙයි ඒ ඒ මොහොතවලදි කරන්න ඔ්න වැඩ කොටසත් එකින් එක කියල දුන්නා. ඒ නිසා සාගරසිරි හෝටලයේ පළ පුරුදු කෑම පැන්ට්‍රි කීපර් කෙනෙක් විදියට වැඩ ආරම්භ කරන්න මට පුළුවන් වුණා. ඒ හැම දේකට ම ස්තුති කරන්න ඔ්නෙ අම්පිටිය අයියට.

f 50 x 50 cm carre d artistes 50x50 defaut front 0
අම්පිටිය අයියට පැවරුණ නිශ්චිත වැඩක් නෑ. සාමාන්‍යයෙන් වේටර් කෙනෙකුට බාරදුන්න මේසයකට වෙනත් කෙනෙක් කෑම බීම සපයනවට ඒ මේසය බාරගත්තු වේටර් කැමති නෑ. මොකද කෑම කන්න එන අය දෙන ටිප් එක (සන්තෝසම) නොලැබෙන නිසා. හැබැයි අම්පිටිය අයියට ඒ ප්‍රශ්නෙ නෑ. එයාට හිතුණ ම එයා, එයාට මේසයක් බාර නොදී තිබුනත් සමහර මේසවලට කැම බීම සපයනවා. වැඩේ කියන්නෙ එහෙම වෙලාවට එයාට ලැබෙන ටිප් ඒක මේසය බාරව ඉන්න වේටර්ට දෙනවා. සමහර වේටර්ලා අම්පිටිය දෙන සල්ලි ගත්තට සමහර වේටර්ලා ''පිස්සුද බං... ඔ්ක උඹ තියාගනිං'' කියනවලු. ඒ ගැන කිව්වෙත් අම්පිටිය අයිය ම තමයි. අදත් එහෙම දවසක්.

උදේ අටට විතර කෑම පැන්ට්‍රියට ආපු අම්පිටිය අයියා දහය විතර වෙන තුරු මට උදව් කළා; ආයෙත් දොළහමාරට ඇවිත් දෙක විතර වෙන තුරු මට උදවු කළා. මම උදේට කෑවෙ නමයට විතර. උදේ පහට පැන්ට්‍රියට ආවට තේ ඒකක් බොන්න පුළුවන් වෙන්නෙ පහමාරට විතර. මොකද බොයිලේරුවෙ වතුර රත්වෙන්න පැය බාගයක් යනවා. ඒ නිසා තමයි මම අර කලින් කියපු විදියට තේ පැන්ට්‍රියෙ වැඩ කරන කෙනත් උදේ පහ වෙද්දි තේ පැන්ට්‍රියට එන්නෙ.

painting man drinking cup tea 905510 9162

වැඩ කරන අයට දවසට කිරි තේ දෙකක් විතරක් දෙන්න කියල තමයි නියම කරල තියෙන්නෙ. ප්ලේන්ටි නම් එහෙම සීමාවක් නෑ. ඉඳල හිටලා කෝපි එකක් කිරි කෝපි එකක් එහෙමත් බොන්න පුළුවන්ලු. ඒ වුනාට තේ පැන්ට්‍රියෙ ඩේවිට් අයිය එහෙම ම කරන්නෙ නෑ. එයා අවස්ථාව බලල සිරුමාරුවට වැඩ කරන අයට කිරිතේ එකක්, කිරි කෝපි එකක් විතරක් නෙවෙයි බිත්තර කෝපි ඒකක් වුනත් දෙනවා. ඒ එයාගෙ හැටි.

මට උදෙන්ම කිරි තේ එකක් දෙන්න කියල ඩේවිට් අයියට කියල තිබුණෙ අම්පිටිය අයියා. මම කිරි තේ ඒක ඉල්ලන්න ගිය වෙලාවෙ ඩේවිට් අයිය ම තමයි ඔය විස්තර ටික කිව්වෙ.

''මල්ලිට තේකක් ඔ්නෙ නං ඔය කොල්ලෙක් අත පයින්ඩයක් එවන්ඩ. මං තේකක් එවන්නං. කොහොමත් මල්ලිට පැන්ට්‍රියෙං කොහෙටවත් යන්ඩ එන්ඩත් බැහැනෙ.''

මම කිරි තේ එක බීල එන්න හදද්දි තමයි ඩේවිට් අයිය එහෙම කිව්වෙ.

*          *          *

කරදරයක්, අපහසුවක් නැතුව වැඩ ටික කළා. දොළහමාරෙ ඉඳල දෙක විතර වෙනකන් මට උදවු කරපු අම්පිටිය අයියා ආයෙ තුනට දහයක් විතර තියෙද්දි පැන්ට්‍රියට ආවා.

''මල්ලි... උඹ කාල ම ඔ්‌ෆ් වෙනව ද... එහෙම නැහ්නං ඔ්‌ෆ් වෙලා, නාල කියල කනව ද...?''

ඒකට මොන විදියෙ උත්තරයක් දෙනව ද කියල මට එක පාරට ම හිතාගන්න බැරි වුණා. ඒ ඇයි දන්නව ද...? මම කලබලයට උදේ කැම කද්දි අමතක වුණ දෙයක් මතක් වුණ නිසා. ඒ තමයි සුසන්ත.

''ම්ම්ම්... ඔ්ෆ් වෙන්න නං හදිසියක් නෑ අයියෙ. හැබැයි බඩගින්නක් නං තියෙනවා.''

මම එහෙම කිව්වෙ වෙන බලාපොරොත්තුවක් ඇතුව. මොකද අද දවසට ම අම්පිටිය අයියට නිශ්චිත වැඩක් නෑ. එයා අද කරන්නෙ අඩුපාඩු පුරවන එක විතරයි. ඒ නිසා ඔ්ෆ් නොවී හිටියොත් හදිසියෙවත් හවස් වෙලා සුසන්ත ආවොත් මට එයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්.


man eating 250426

''යකෝ... උදේ ඉඳන් මෙතන හිටගෙන ඉන්න එකාට අඩුම ගානෙ පැයක් හමාරක් නින්දක් ගහන්ඩ තියෙන එකත් නැති කරගන්ඩ එපා. දැං කනවකො... කාල ඔ්ෆ් වෙලා පස්සෙ නාගන්ඩවකො...''

 ''මං කන්නං... මට අය්යගෙන් උදව්වක් ඔ්නෙ..."

මම අම්පිටිය අයියට ඒ වචන ටික කිව්වෙ පොඩි එකෙක් වගේ.

''උදව්වක්...! මොකද්ද බං ඒ...?"

අම්පිටිය අයියා මගෙන් ඇහුවෙත් පුදුමයෙන් වගේ.

''මං හිතනව අයියෙ අද කොයි වෙලාවක හරි සුසන්ත එයි කියල."

''හිතන්ඩ දෙයක් නෑ මල්ලි... අද කොයි වෙලාවක හරි උඹේ යාළුවා එනව. ඒක ආයෙ ඉර හඳ පායනව වගේ ෂුවර්...''

මට කියන්න වුවමනා කරල තිබුණු ඉතිරි කොටස කියන්නත් කලින් ම අම්පිටිය අයියා කතා කළා.

''හරි... කියපං මල්ලි... මොකද්ද මං උඹට කරන්ඩ ඔ්නෙ උදව්ව කියල.''

''මගේ ඔ්ෆ් වෙලාවෙ ආවට නං කමක් නෑ. හැබැයි..."

taking

''ඔ්ෆ් ඒකෙං පස්සෙ ආවොත් කෙළ වෙනව... කතා කරන්ඩ විදියක් නැතුව යනව... උඹ ඒකනෙ ඔය කියන්ඩ තෙපර බාන්නෙ...?''

ඒපාරත් මගේ හිතේ තිබුණ අදහස අම්පිටිය අයිය ම කිව්වා.

''හරියට හරි අයිය ඉංතේරුවෙංම කිව්ව...''

''ඉංතේරුවෙං...! ඒ මොකද්ද බං ඒ...?"

මට කොළඹ පළාතේ සමහර වචන තේරෙන්නෙ නෑ වගේ ම අම්පිටිය අයියටත් දකුණු පළාතේ වචන තේරෙන්නෙ නැහැ නෙ.

''මං කිව්වෙ අයියෙ අයිය හරියට ම කිව්ව කියල...''

''මං දන්නව බං... උඹ මෙහේ වැඩ කරාට තවමත් ඉන්නෙ යාළුව එක්ක කියල. උඹ බයවෙන්ඩෙපා. ඌ කවද කොයි වෙලාවෙ ආවත් ඌත් එක්ක කතා කරන්ඩ උඹට පුළුවන්. මං පේන්ඩ හිටියෙ නැත්නං පොඩ්ක් ඔය වේටර් කෙනෙක්ගෙන් අහපං... පණිවිඩේ ලැබුණු ගමන් මං පැන්ට්‍රියෙ...''

අම්පිටිය අයියා ඒ වචන ටික කිව්වෙ මම කාල ඉවර වෙලා නැගිටිද්දි මගේ උරහිසටත් තට්ටුවක් දාන අතර ම යි.

''හරි... දැං ගිහින් පැයක් විතර නිදාගෙන නාගෙන එහෙම වරෙං... මං මෙතන බලාගන්නං... බලාගන්නං කිව්වට දැං ඉතිං මහා ලොකු වැඩක් නැහැ නෙ...''

'දැං මට හිතට බයක් නෑ. හදිසියෙවත් සුසුන්ත කීයට ආවත් මට එයා එක්ක කතා කරන්න පුළුවන්.'

*          *          * 

sleeping

අම්පිටිය අයිය කියපු විදියට ම පැයක් විතර නිදාගත්තු මම පහළට ඇවිත් නාලා හවස හය වෙද්දි ආයෙ පැන්ට්‍රියට ආවා.

''ආහ්... එහෙනං හරිනෙහ්... මං කඩදහි ටිකකුත් කපල තිබ්බ. පොලිතිං කොළ ටිකක් කපාගන්ඩ. තේකක් බිව්ව ද...? බොන්ඩ නැතුව ඇති... හරි මං තේකක් අරගෙන එන්නම්කො,'' කියපු අම්පිටිය අයියා තේ පැන්ට්‍රියට ගිහින් කිරි තේ දෙකක් ම අරගෙන ආවා. තේ දෙක බිව්වට පස්සෙ එයාම කෝප්ප දෙකත් අරගෙන පැන්ට්‍රියෙන් පිටවුණා.

*          *          *

දැන් ආයෙත් මම සුපුරුදු පරිදි වැඩ. මම වෙලාව බැලුවෙ නිකමට වගේ. හරියට ම හතයි විස්සයි. ඒ එක්ක ම පැන්ට්‍රිය ඉස්සරහින් ''මචං... රොහාන් කියන්නෙ උඹට නෙ නේද...?'' කියනවා ඇහුණ මම ''ඔවු මචං... ඇයි...?" කියල ඒ සුදහත්වයෙන් ම ඇහුවා.

''උඹව හම්බෙන්න සුසන්ත කියල කොල්ලෙක් ඇවිත්..."


SR* දන්තාලේප වර්ගයකි

සතියකින් හමුවෙමු...


jayasiri 04 e1619629387941
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2025/ 06/ 14


ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්  

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්