සුරතල් සුනඛයන්ට ආදරය කරන, ඔවුන් පිළිබඳ සෑම විටම අධ්‍යයනය කරන ඔබට අද ලිපිය මගින් ගෙන එන්නේ ඇමෙරිකන් බුලී සුනඛ විශේෂය පිළිබඳවයි.
ඇමෙරිකානු බුලීන්ගේ සම්භවය සිදුවන්නේ 1990 දශකය අතරතුර ඇමෙරිකාවේදී. ඇමෙරිකානු බුලීන් නිර්මාණය කිරීමට ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ American Pit Bul Terrier සහ American Staffordshire Terrier යන සුනඛ වර්ග ද්විත්වයයි. මොවුන් එකිනෙකට වෙනස් ශරීර ප්‍රමාණයන්ගෙන් යුක්ත වන අතර Standard, Classic, Pocket සහ American XL Bully යන ප්‍රමාණ වලින් දැකගත හැක.

ඇමරිකානු බුලීන් ඔවුන්ගේ ශක්තිමත් මාංශපේශී වලින් යුක්ත ශරීර සැකැස්ම (පළල් හිස, කෙටි ලෝම) හේතුවෙන් වැඩි ප්‍රසිද්ධියක් ලබා ඇති අතර එය තරමක් ඔවුන් සතුව ඇති බිය උපදවන පෙනුමද වැඩි කරයි. එසේ වුවද මෙම සුනඛ විශේෂය මිත්‍රශීලී, සමාජශීලී සහ ප්‍රීතිමත්ව ක්‍රියාකරන කොට්ඨාසයකි. ඔවුන් ඔවුන්ගේ පවුල් කෙරෙහි පක්ෂපාතී සහ ආරක්ෂාකාරී වන අතර එය බොහෝ විට ඔවුන්ව විශිෂ්ට මුර බල්ලන් බවට පත් කරයි. කෙසේවෙතත් මොවුන්ගේ හැසිරීම් ස්වභාවය පාලනයට සහ හොඳින් සමාජයට අනුගත කරවීම සඳහා මනා පුහුණුවක් ලබාදීම අත්‍යවශ්‍ය වේ. මොවුන්ව කුඩා මහල් නිවාස වල සිට විශාල ඉඩකඩක් ඇති නිවාස තුළද ඇතිකල හැක.

ඔබත් මේ වන විට ඇමරිකානු බුලී සුනඛයෙකු මිලදී ගැනීමට අදහස් කරගෙන සිටින්නේ නම් සැමවිටම කීර්තිමත් අභිජනනය කරන්නෙකුගෙන් (From a Reputable Breeder) පැටවෙකු මිලදී ගැනීම ඉතා වැදගත් වේ. අභිජනනය කරන්නා සදාචාරාත්මක පිළිවෙත් අනුගමනය කරන බව සහ ඔවුන්ගේ සුනඛයන්ගේ යහ පැවැත්මට ප්‍රමුඛත්වය දෙන බව සහතික කර ගැනීමද මෙහිදී වැදගත් වේ.
මෙ ආකාරයේ අභිජනනය කරන්නන් තම සුනඛයන්ගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට ප්‍රමුඛත්වය ලබා දෙයි. අවශ්‍ය සෞඛ්‍ය පර්යේෂණ පවත්වයි, බලු පැටවුන් සඳහා නිසි පෝෂණය සපයයි. සුරතලෙකු මිලදී ගැනීමේදි මේ ආකාරයේ ක්‍රියාකාරී ප්‍රවේශයක් භාවිතා කිරීම සදාචාර විරෝධී අභිජනන පිළිවෙත් අධෛර්යමත් කරන අතරම නිරෝගී සහ ප්‍රීතිමත් සුරතලෙකු ඔබ සතු කරගැනීමට ඉඩ සලසනු ලබයි.

ඇමරිකන් බුලී පිළිබඳ වැදගත් කරුණු කිහිපයක්.
සම්භවය - ඇමෙරිකාව
- බර - ( 31-54 Kg)
- උස - ( 33-53 cm)
- ආයු කාලය - අවුරුදු 8-15 අතර
- එක් වරක දමන පැටවුන් ගණන - 4-8
- සෞඛ්‍යය - මොවුන්ගේ ඇතැම් පොදු සෞඛ්‍ය ගැටළු අතර උකුල් ආබාධ, අක්ෂි ආබාධ සහ වැලිමිට ඩිස්ප්ලේෂියා (Elbow dysplasia) තත්වයන් ඇතුළත් වේ.
- ඇමරිකා එක්සත් ජනපදයේ මෙම අභිජනනය සම්පූර්ණයෙන්ම තහනම් කර නැතත් සමහර නගර සහ නගරවල මහජන ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගෙන ඇමරිකානු බුලීන් අභිජනනය සීමා කරමින් අභිජනන විශේෂිත නීති (BSL) පවතී. කෙසේවෙතත් මෙම නීති පුළුල් ලෙස වෙනස් විය හැකි අතර දේශීය නීති රෙගුලාසි පරීක්ෂා කිරීමද අත්‍යවශ්‍ය වේ.

ඉහත සඳහන් කළ ආකාරයට ඇමරිකන් බුලි සුනඛයින් තරමක් බිය උපදවන සුළු පෙනුමක් සතු වුවද ඔවුන් තම පවුලේ මිනිසුන් කෙරෙහි කීකරු වන අතර ආදරණීය සුරතලුන් ලෙස හඳුනා ගත හැක. මොවුන්ගේ පෞරුෂ වර්ධනයේදී American Staffordshire Terrier ගේ සමාජශීලී සහ මිත්‍රශීලී ස්වභාවය මෙන්ම American Pit Bul Terrier ගේ පක්ෂපාතීත්වය සහ ස්ථාවරත්වය සමඟ ඒකාබද්ධ වී ඇත. විශේෂයෙන්ම දරුවන් කෙරෙහි ඔවුන් ඉවසීමෙන් ක්‍රියා කරන අතර දරුවන් සතුටු කිරීමට ද උනන්දු වන ප්‍රසන්න ස්වභාවයකින් යුක්ත වේ. මොවුන් තවදුරටත් කායික වශයෙන් ආකර්ෂණීය වන මාංශපේෂි වලට සහ කඩිසර ක්‍රියාකාරීත්වයකට හිමිකම් කියන අතරම ඔවුන්ගේ අයිතිකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන නමුත් ඔවුන් මගින් සිදුවිය හැකි ඕනෑම ආක්‍රමණශීලී හැසිරීමක් පාලනය කිරීම සඳහා පරිපූර්ණ සමාජගත කිරීමක් අවශ්‍ය වේ. සුනඛයන් ස්වභාවිකවම තම මිනිස් පවුල තුළ ක්‍රියාත්මක වීමේ අනුපිළිවෙලක් සොයන බැවින් නිසි හිමිකාරීත්වයක් යටතේ සුනඛයාව පුහුණු කිරීම ඉතා වැදගත් වේ.
ඇමරිකානු බුලි සුනඛයන්ගේ සෞඛ්‍ය තත්වය සහ ඔවුන්ට ඇති විය හැකි ලෙඩ රෝග මොනවාද?
ඇමෙරිකානු බුලීන් සාමාන්‍යයෙන් ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න සුනඛ වර්ගයක් ලෙස හඳුනා ගැනේ. නමුත් සියලුම සුනඛයෙන් මෙන් ඔවුනද ඇතැම් සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු විය හැකිය. ඇමෙරිකානු බුලී හා සම්බන්ධ ඇතැම් පොදු සෞඛ්‍ය ගැටලු පහතින් දැක්වේ.

- Hip Dysplasia : මෙම ජානමය තත්ත්වය උකුල් සන්ධිවල නුසුදුසු වර්ධනයක් සිදුකරන අතර ඒ ආතරයිටිස් සහ සංචලනමය ගැටලු ඇතිකරයි.
- Elbow Dysplasia : ඔවුන්ට ඇති උකුල් ආබාධය හා සමානවම වැලිමිට ඩිස්ප්ලේෂියාව යනු වැලිමිට සන්ධියේ වර්ධනයේ ආබාධයක් වන අතර එය කොරවීම සහ වේදනාව ඇති කළ හැක.
- සමේ ආසාත්මිකතා : ඇතැම් ඇමෙරිකානු බුලී සුනඛයින් සමේ ආසාත්මිකතාවයන්ට ගොදුරු විය හැක එය කැසීම කුෂ්ඨ සහ සමේ ආසාදන ඇති කළ හැක.
- බඩ පිපීම : මෙය බුලී සුනඛයන්ගේ ජීවිතයට පවා තර්ජනයක් කළ හැකි තත්ත්වයකි. එහිදී ආමාශය වායුවකින් පිරී ඇති අතර එය වැදගත් අවයව වලට සිදුකරන රුධිර සැපයුම අත්හිටුවයි.
- අක්ෂි ගැටළු - මෙය සුනඛයන්ගේ ඇසේ සුද තත්වයන් සහ දෘෂ්ටි විතානයේ ක්ෂයවීම (PRA) වැනි අක්ෂි තත්ත්වයන් ඇති කල හැක.
- Hypothyroidism - මෙය බොහෝ විට බුලී සුනඛයින්ගේ සෞඛ්‍ය ගැටළු වලට තුඩු දෙන තයිරොයිඩ් ග්‍රන්ථියෙහි අඩු ක්‍රියාකාරීත්වයක් වර්ධනය කරයි.

ඇතැම් බුලි අභිජනනය කරන්නන් තම සුනඛයන්ගේ මාංශ පේශීය ප්‍රමාණය කෘතිමව වැඩිදියුණු කිරීම සඳහා ස්ටෙරොයිඩ් (Steroids) ලබාදෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම මත්ද්‍රව්‍යයන් ලබාදීම නැවැත්වූ විට ඉන්ද්‍රිය හා සන්ධි ගැටලු වැනි දරුණු සෞඛ්‍ය සංකූලතා ඇතිවේ. මෙම ඖෂධ මවගෙන් බලු පැටවාට පවා සම්ප්‍රේෂණය විය හැකි අතර බුලී පැටවෙකු සාදා ගැනීමේදී මත්ද්‍රව්‍ය ලබාදීමෙන් තොර අභිජනනය කරන්නන් සොයා ගැනීම ඉතා වැදගත් වේ.
ඇමරිකානු බුලී සුනඛයෙකු රැකබලා ගත යුත්තේ කෙසේද?

ඇමරිකානු බුලී සුනඛයෙකු හොඳින් රැකබලා ගැනීම ඔවුන්ගේ යහපැවැත්ම සහ තෘප්තිය වැඩි දියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයකි. ඔවුන්ගේ වයසට සහ ක්‍රියාකාරකම් මට්ටමට ගැලපෙන පෝෂ්‍යදායී ආහාර වේලක් සහ නැවුම් ජලය ලබාදීමද ඉතා වැදගත් ය. දිනපතා ඇවිදීම, ක්‍රීඩා කරන කාලය වැනි නිතිපතා ව්‍යායාම කිරීමෙන් ඔවුන් මානසිකව සහ ශාරීරිකව උත්තේජනය කරවයි. මුල් කාලීනව හොඳින් සමාජගත කිරීම සහ ධනාත්මක පුහුණුවක් ලබාදීම තුළින් ඔවුන් ඉතා කීකරු සහකරුවන් බවට පත් කර ගැනීමේ හැකියාවක්ද පවතී.
ඔවුන්ගේ සෞඛ්‍ය නිරීක්ෂණය කිරීම සහ පවත්වා ගැනීම සඳහා නිතිපතා පශු වෛද්‍ය පරීක්ෂාවන්, එන්නත් කිරීම්, හැඩ කිරීම් (Grooming) සහ දන්ත සත්කාර අවශ්‍යය වේ. මේ සියල්ලටම වඩා ඔවුන් වෙනුවෙන් ඔබේ ආදරය, අවධානය සහ මිත්‍රත්වය ලබා දිය යුතුය.
අවසාන වශයෙන් ඔබ ඇමෙරිකානු බුලි සුනඛයෙකු තෝරාගත යුත්තේ ඇයි?

පොදුවේ ගත් කල සුනඛයෙකු ඔබ තෝරාගත යුත්තේ සුරතල් සතෙක් ඇති කිරීම යන පරමාර්ථය සමග පමණක් නොවේ. එහි අරමුණ වන්නේ ජීවිත කාලය පුරාවටම සැබෑ මිතුරෙක්, විශ්වාසවන්තයෙකු මෙන්ම පවුලේ සාමාජිකයකු සොයාගැනීමයි. American Bully යනු ඔබට මේ සියල්ලම මෙන්ම තවත් බොහෝ දේ ලබාදෙන සුරතලුන් කොට්ඨාසයක්. මොවුන්ගේ වඩාත්ම කැපී පෙනෙන ගුණාංගය වන්නේ ඔවුන් සතුව ඇති නොසැලෙන පක්ෂපාතීත්වයයි. ඔහු මෘදු ආරක්ෂකයෙකි. කායික වශයෙන් ඔවුන්ගේ පෙනුම ඔබ ආරක්ෂා කිරීමට සමත් වුවද ඉන් ඔබ්බට ගිය චිත්තවේගීය බැඳීමක්ද ඔබට මෙම සුනඛයන් තුළින් දැකගැනීමේ හැකියාව පවතියි.

එපමණක් නොව ඔවුන්ට ඇදහිය නොහැකි තරමේ බුද්ධියක් සහ පරිසරයට ඉක්මනින් අනුගත වීමේ හැකියාවක් ඇති සුරතලුන් වේ. ඔවුන්ගේ මෙම අනුවර්තනය වීමේ හැකියාව පුළුල් වෙනස් වන සුළු පරිසරයක් යටතේ වුවද ජීවත් වීමේ හැකියාව විදහා දක්වයි. කොන්දේසි විරහිත ආදරයක් ලබා ගැනීම දුර්ලභ යයි සිතන ලෝකයක ඔබට ඔබේ බුලී සුනඛයා එය කිසිදු පැකිලීමකින් තොරව ලබාදෙනු ඇත. එබැවින් කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද ශක්තිමත් සුරතලෙකු සොයන ඔබට ඇති හොඳම තේරීම ඇමරිකන් බුලී සුනඛ විශේෂයයි.

Paw Paradise Sri Lanka
මූලාශ්‍රය -
(Arford, K. (n.d.). 10 Science-Based Benefits of Having a Dog.
සබැඳි ලිපි :







