leader s


ලංකා සාගර කලාපයේදී අත් අඩංගුවට ගන්නා ලද ඉන්දීය ධීවර යාත්‍රා විකිණීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ගෙන ඇති තීරණය නිසා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පලුදු වන ලකුණු ඉස්මතු වෙමින් පවතී.


අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යටතේ තිබෙන ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය විසින් පෙබරවාරි 7 සහ 11 අතර දිනවලදී බෝට්ටු 105ක් වෙන්දේසි කිරීමට ගෙන ඇති තීරණය කිසිදු නෛතික පදනමක් නැතැයි පෙන්වා දෙන තමිල්නාඩු මහ ඇමති වරයා එය වැලැක්වීම සඳහා වහාම මැදිහත් වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

මෙම බෝට්ටු ශ්‍රී ලංකාවේ උසාවි විසින් නිදහස් කර යවන ලද ඒවා බව මහඇමැතිවරයා අවධාරණය කරයි.

 

“ඉන්දීය රජයේ අප්‍රසාදය හැකි ඉහලම අයුරින් දැඩි ලෙස ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට කිසිදු නීතිමය අයිතියක් නැති තමිල්නාඩු බෝට්ටු වෙන්දේසි කිරීම සඳහා පලකොට ඇති දැන්වීම් අවලංගු කරන ලෙස සුදුසු ආකාරයකින් දැනුම් දෙන මෙන් මම ඉන්දීය රජයට බල කර සිටිමි,” යි මහ ඇමැති එම් කේ ස්ටාලින් විසින් ජනවාරි 24 දා අගමැති නරේන්ද්‍ර මෝඩිට යවා ඇති ලිපියක දැක්වේ.


ධීවර කටයුතු පිළිබඳ ඉන්දු-ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුව රැස්වීමට තිබියදී ගන්නා ලද මෙම වෙන්දේසි තීන්දුව අවාසනාවන්ත සිද්ධියක් ලෙස මහ ඇමැති වරයා විසින් හඳුන්වා දී ඇත.

“දීර්ඝ කාලයක් තිස්සේ පවතින මෙම ගැටලුව සම්බන්ධයෙන් සුහද විසඳුමකට ඒම සඳහා අනුග්‍රහශීලී මානසිකත්වයකින් පෙරට පැමිණි තමිල්නාඩු ධීවරයන් අතර මෙම ක්‍රියාව තිගැස්මක් සහ සැකයක් ජනිත කර තිබේ,” යි  මහ ඇමැති ස්ටාලින් පවසයි.

ශ්‍රී ලංකාවේ අත් අඩංගුවේ දී අබලන් වී තිබෙන 2018 ට පෙර අල්ලා ගන්නා ලද ඉන්දීය බෝට්ටු 125ක් සම්බන්ධයෙන් දෙරටේ නිලධාරීන් අතර සාකච්ඡා කිරීමටද කටයුතු යොදා තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකා රජය මෙම පියවර ගෙන ඇති බව පෙන්වා දෙන එම් කේ ස්ටාලින් එම යාත්‍රා මෙන්ම 2018න් පසු අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටින තවත් බෝට්ටු 75ක් ඇතුළු ආම්පන්න මුදා ගැනීමට ද කටයුතු කරන ලෙස අගමැති මෝඩි ගෙන් ඉල්ලා සිටී. 
 
 

Leader Whats app


භික්ෂූන්ටත් රාජපක්ෂවරු එපාවෙලා! අගමැතිගේ සෙත් පිරිතටවත් එන්න බෑ කියලා!
 
 
රාජපක්ෂලාගේ පාපයට ගැලවීමක් නැති සාපයක්! | Gossip

 
 මුං ගොවියෝ මුං එළවන්න පෙරමුණ ගනී ! | මොණරවිලගේ ලියමන

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්