1200 x 80 DMirror

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා බල කෙරෙන දීප ව්‍යාප්ත පෙත්සමට රටේ ඉහලම පදවිය දැරූ ප්‍රභූවරියක් සිය අත්සන තබා තිබේ.


 ඉලංගෙයි  තමිල් අරසු කච්චි (ITAK) තරුණ පෙරමුණ විසින් සංවිධානය කරන ත්‍රස්ත පනත අහෝසි කිරීමට ආණ්ඩුවට බල කෙරෙන මෙම මහජන පෙත්සම අත්සන් කිරීමේ ව්‍යාපාරයට එක් වෙමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඊට සිය අත්සන එක් කළාය.

 සිය පාලන කාලයේත් ත්‍රස්ත නීති රාජ්‍ය පාලනයට යොදාගත් හිටපු ජනාධිපතිය පෙත්සමට අත්සන් කිරීමේ අවස්ථාව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී  එම්.ඒ.සුමන්තිරන් විසින් ඊයේ [18]  කොළඹ දී සංවිධානය කර තිබිණි.

 හිටපු විපක්‍ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් ද මෙම මහජන පෙත්සමට ඊයේ [18] සිය නිවසේදී අත්සන් කළේය.


22 621039b3cee2fමුලතිව් මාධ්‍ය සමාජයෙන් පෙබරවාරි 03 වැනිදා ඇරඹි ත්‍රස්ත පනත අහෝසි කිරීමේ පෙත්සමට අත්සන් තැබීමේ ව්‍යාපාරය කිලිනොච්චි, යාපනය ඇතුළු උතුරු නැගෙනහිර සෑම ගමක්, නගරයක් පාසාම රැගෙන යාමට ඉලංගෙයි තමිල් අරසු කච්චි තරුණ පෙරමුණ අපේක්‍ෂා කරයි.

පසුගිය දින කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ද විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් මෙම විරෝධතා පෙත්සමට අත්සන් තැබීම සිදු විණි.

''ත්‍රස්ත පනත භයංකර පනතක් ලෙස හඳුන්වන්න පුළුවන්. හය මාසයකට පමණක් තාවකාලිකව ගේනවා කිව්වත් දැන් අවුරුදු හතළිස් දෙකක් තිස්සේ මේක බලාත්මකයි. ජාත්‍යන්තර නීති, සම්මුති ඉවත දාලා විශේෂයෙන් දෙමළ තරුණයන්ව මට්ටු කරලා පාලනය කරන්න තමයි මේ තාක් යොද ගත්තේ,''යැයි දෙමළ ජාතික සන්ධනයේ මාධ්‍ය ප්‍රකාශක සුමන්තිරන් අත්සන් ව්‍යාපාරය අරඹමින් මුලතිව් මාධ්‍ය සමාජයේදී මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

 

 
සබැඳි පුවත් :

ත්‍රස්ත පනතට ආණ්ඩුව ගෙනා සංශෝධන වලට එරෙහිව නඩු යයි

ත්‍රස්තවාදය වැලැක්වීමේ සංශෝධිත පනතක් මැතිසබයට - සුමන්දිරන් ගෙන් බාල්දියක්

ත්‍රස්ත පනත: 'පාලකයින් පාලනය ගෙනියන්න භීතිය පතුරනවා' - නීතිවේදිනී එර්මීසා ටීගල්

ත්‍රස්ත පනත: 'සංශෝධන එපා, අහෝසි කරනු' රට තුලින් හඬ නැගේ

ජිනීවා පාරේ ත්‍රස්ත පනත් සංශෝධනයට ජාත්‍යන්තර රතු එළියක්

ත්‍රස්ත පනත අහෝසි කිරීමේ මහජන ව්‍යාපාරයකට උතුර පෙරමුණ ගනී

 

Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය