leader s

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සිට පොතුහැර දක්වා වූ කොටස ඉදිකිරීමේ දී කිසිදු දූෂණයක් සිදුවී නොමැති අතර තවමත් ඉදිකිරීම් සම්බන්ධයෙන් කිසිවෙකුට ටෙන්ඩර් ලබාදීමක් හෝ සිදුකර නොමැති බව

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

ඊයේ (21) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු එබව කියා සිටියේ, මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉදිරිපත් කර අනුමත කරනලද කැබිනට් සංදේශයක් අනුව රුපියල් කෝටි 16,000කට අධික මහා මූල්‍ය මංකොල්ලයක් සිදුවෙමින් තිබෙන බවට 'දුෂණ විරෝධී හඬ' සංවිධානය විසින් කර තිබෙන චෝදනාව ප්‍රතිචාර දක්වමිනී.

මෙම මූල්‍ය මංකොල්ලය සිදු කිරීම වලක්වන ලෙස ඉල්ලා අධිකරණය වෙත යන බව එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මෙම මාධ්‍ය හමුවේදී පැවසිය.


කෙසේ වෙතත් ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙසේ සඳහන් කළේය.

"දුෂණ විරෝධි හඬේ නියෝජනය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහත්මයා චෝදනා වගයක් කරලා තියෙනවා දූෂණයක් වෙලා තියෙනවා කියලා. තාම ප්‍රසම්පාදන කටයුතු කෙරීගෙන යන්නේ. කිසිම ටෙන්ඩරයක් තාම දීලා නැහැ.

ඔහු කියනවා එම්.සී.සී. කියලා සමාගමක් ගැන. එම්.සී.සී. කියන කටුනායක අධිවේගී මාර්ගය හදපු ඔය කියපු සමාගම කිසිසේත්ම ටෙන්ඩරයට ඉදිරිපත් වෙලා නැහැ. ඒ සමාගම තමයි වටරවුම් මාර්ගයේ මංතීරු 06ක් බිලියන 66කට කොන්ත්‍රාත් දීලා තිබුණා. ඔවුන් ඒ මංතීරු 6න් මංතීරු 02ක් අඩු කරලා මංතීරු 4ක් හදලා බිලියන 66කට දුන්න සමාගම.

වසන්ත මන්ත්‍රීතුමා කියනවා අල්ලස් එකට ගිහිල්ලා පැමිණිල්ලක් කරනවා කියලා උසාවි යනවා කියලා. මම අහන්න කැමති එතුමා ඇයි යහපාලන කාලයේ බිලියන 66ට තිබුණු මංතීරු 6ක් මංතීරු 4ට අඩු කරලා දෙද්දී ඇයි අල්ලස් එකට ගියේ නැත්තේ ඇයි උසාවියට ගියේ නැත්තේ ඇයි.

ඒ කියන්නේ පැහැදිලිවම කියන දෙයක් තමයි මෙගොල්ලො කාගෙන් හරි සල්ලි අරගෙන ඒ සමාගම නියෝජනය කරනවා. ඒ නිසා අපි කියනවා කිසිම දූෂණයක් සිද්ධ වෙලා නෑ. අපි කියනවා කරුණාකරලා බොරු චෝදනා පටලවන්නේ නැතුව ඇත්ත සොයාගෙන කතාකරන්න. සමාගම් පස්සේ ගිහින් සමාගම්වල නියෝජිතයෝ දෙන දේවල් අරගෙන මාධ්‍යට ඇවිල්ලා ඉතුරු 3%ත් අඩුකරගන්න එපා"


ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාතයවරයා මෙම මාධ්‍ය හමුවේදී මාර්ග සංවර්ධනයේ නාමයෙන් යහපාලන ආණ්ඩු සමයේ සිදුවූ දැවැන්ත වංචා දුෂණ සම්බන්ධයෙන් 'දුෂණ විරෝධී හඬ' සංවිධානයේ වසන්ත සමරවීර නිහඬ ප්‍රතිපතිතියක් අනුගමනය කර ඇතැයි ද චෝදනා කළේය.

කෙසේවුවද යහපාලන ආණ්ඩුවේ වංචා දුෂණ සම්බන්ධවුවන්ට නිසි දඬුවම් දෙන බව කියා බලය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
 


සබැඳි පුවත් :
මධ්‍යම අධිවේගයේ කෝටි 16,000ක ටෙන්ඩර් මගඩිය : ජවිපෙ අධිකරණයට

මධ්‍යම අධිවේගයේ බිලියන 165 ක ටෙන්ඩර් මගඩිය: චීන සමාගමෙන් ජනපතිට රහස් ලිපියක් (EXCLUSIVE)

මධ්‍යම අධිවේගයේ බිලියන 165 ක ටෙන්ඩර් මගඩියක් !

 

Leader Whats app

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්