leader s

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක ගීතය ‘අයුතු ලෙස භාවිතා කරන්නන්ට’ විරුද්ධව පියවර ගැනීමට උපදෙස් ලැබී නැතැයි පොලිසිය පවසයි.

'අපේ විරුවා' ගීතය, මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ අනිසි ලෙස යොදා ගෙන තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉහලින් නියෝගයක් ලැබී ඇතැයි පල කරන ලද වාර්තා සමාජ මාධ්‍ය අවුළුවා ලීමත් සමග ප්‍රවෘත්තිවල නිරවද්‍ය භාවය සොයාබලන ආයතනයක් කළ විමසීමකදී පොලිස් ප්‍රකාශක කියා ඇත්තේ එවැනි උපදේශයක් ලැබී නැති බවයි.

“මෙය හෙළි කිරීම ගැන ස්තුතියි. මෙය අසත්‍ය පුවතක් බව අපට සහතික කළ හැකිය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුවට කතා කළ අවස්ථාවේ ඔහු තහවුරු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එවැනි උපදේශයක් ලැබී නැති බවයි,” යනුවෙන් @TeamWatchDog ට්වීට් කර තිබුණි.

thumbnail

සංස්කාරක සටහන:

පොලිසියෙන් මෙය විමසා බැලීමට එම ආයතනය ගත් වෙහෙසට ස්තුතිවන්ත වන අතර පොලිසිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ පලියට කිසියම් තොරතුරක් අසත්‍ය පුවතක් වන්නේ නැති බව සටහන් කිරීමටත් මෙය අවස්ථාව කරගනු කැමැත්තෙමු. යුද අපරාධ චෝදනා සහ පොලිස් අත් අඩංගුවේ මරණ සම්බන්ධයෙන් බලධාරීන් විසින් කරන ලද ප්‍රතික්ෂේප කිරීම් මෙහිදී සිහිපත් කර දෙනු කැමැත්තෙමු.

කෙසේවෙතත්, නිර්මාණශීලී ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට හරස් වන්නට පොලිසියට උනන්දු නොවීම විරෝධතා කරුවන්ගේ සැනසිල්ලට හේතු වනු ඇති බව අපේ විශ්වාසයයි.

සබැඳි පුවත

 'අපේ විරුවා' සින්දුව ඇසීම දඩුවම් ලැබිය හැකි වරදක් !

තරහ ගන්නේ නැත්නම් සිංදුවක් කියන්නද ?

Leader Whats app

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්