leader s

පාකිස්තානය මේවනවිට මුහුණ පා ඇති දරුණු ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා විදෙස් රටවල සිටින එරට ශ්‍රමිකයින් වැඩි දායකත්වයක් සපයා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


ඒ අනුව 2021 - 2022 වසර තුළ පාකිස්තානයට සැලකිය යුතු ප්‍රේෂණ ගලාඒමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

එම වාර්තාවලට අනුව විදෙස් රටවල සිටින පාකිස්තානු වැසියන් ඩොලර් එවීම හේතුවෙන් 2021 - 2022 මූල්‍ය වසර තුළ සැලකිය යුතු ලෙස ප්‍රේෂණ ගලාඒමක් සිදුව ඇත.

ඒ අනුව 2021 - 2022 මූල්‍ය වසරේ මුල් මාස 09 තුළ පමණක් විදෙස්ගත පාකිස්තානුවන් විසින් ඩොලර් බිලියන 23ක ප්‍රේෂණ එවීමක් සිදුකර ඇති අතර මාර්තු මාසයේදී එරටට ප්‍රේෂණ ගලා ඒම ඩොලර් බිලියන 2.8 ක් බවයි වාර්තා වේ.

පාකිස්තාන රාජ්‍ය බැංකුව අනාවරණ කර ඇති පරිදි එය කම්කරුවන්ගේ ප්‍රේෂණ සඳහා මෙතෙක් පැවති ඉහළම මාසික මට්ටම බවට ද වාර්තා වේ.


පෝලිම් නැති කරන්න - ඩොලර් මිලියන 500 පංගුකාරයෙක් වෙන්න




මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින ගෑස් පෝලිම, පෙට්‍රල් පෝලිම, විදුලි කප්පාදුව, බෙහෙත් හිගයට විසදුම් සෙවීම සදහා මාසයකට ඩොලර් මිලියන 500ක් විදේශ ගත ශ්‍රමිකයින් හරහා මෙරටට ගෙන්වා ගත යුතු බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පසුගියදා පැවසිය.

ඒ සඳහා ඩොලර් මිලියන 500 කොටස්කරුවෙක් බවට පත්වන්නැයි ඔහු විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

(මුලාශ්‍රය - nethnews.lk)

සබැඳි පුවත් :
පෝලිම් නැති කරන්න - ඩොලර් මිලියන 500 පංගුකාරයෙක් වෙන්න
විදෙස්ගත ශ්‍රමිකයින්ට විශේෂ දැනුම් දීමක් : උණ්ඩියල් ක්‍රමයට මුදල් එව්වොත් අනතුරේ!
 

 
 
{gallery}radicalcenter2022531{/gallery}
 
 

Leader Whats app

19

  9

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්