ජන අරගලයේ පෙරමුණගෙන සිටින සමාජ ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් විශේෂ විමර්ශන ආරම්භ කර ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඊට අදාල අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙනයමින් තිබේ.

ඒ අනුව, මැයි 25 වැනිදා පැවති උද්ඝෝෂණයකදි “පොලිස් රාජකාරියට බාධා කළේයැ”යි චෝදනාව මත ආණ්ඩු විරෝධී ක්‍රියාකාරීන් 5 දෙනකුට ජූනි 13 වැනි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා අඟහරුවාදා (7) දිනයේදී සිතාසි භාර දී තිබේ.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ  ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි, රංගන ශිල්පිනී දමිතා අබේරත්න, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්, ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ‘රැට්ටා’ හෙවත් රතිඳු සේනාරත්න යන අය එසේ අධිකරණය හමුවට කැඳවා ඇත.

පහත පලවන්නේ ඒ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ' (Journalists for Democracy in Sri Lanka -JDS) නිකුත්කර ඇති ට්විටර් සටහනකි.

JDS 2022.06.081


දමිතා අබේරත්න ගැන අගමැති කියපු කතාව


රට යළි ගොඩනැංවීමේ ආර්ථික සමාජ දේශපාලන සහ රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ සඳහා සමස්ත රටවැසියන්ගේ සහය හිමිවිය යුතු මොහොත එළඹ ඇතැයි පවසමින් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ, එහිදී රංගන ශිල්පිණි දමිතා අබේරත්න සම්බන්ධයෙන් ද සඳහනක් කළේය.

ඒ මෙසේය,

''රටක් යළි ඉහළට ඔසවා තැබීමේ දී ආර්ථික ප්‍රතිසංස්කරණ පමණක් සෑහෙන්නේ නැහැ. ඊට සමාන්තරව සමාජ දේශපාලන සහ රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණයන් ද අවශ්‍ය වෙනවා. පසුගිය දිනයක අරගල බිමේ සිට පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී මතු කළ කරුණක් ගැන මම ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි.



''එහිදී අදහස් පළ කරමින් දමිතා අබේරත්න කලාකාරිනිය මගෙන් මෙන්න මෙහෙම ඉල්ලීමක් කරා. මේ ගැටළුවට විසඳුම් සොයා ගත යුත්තේ පාර්ලිමේන්තුවෙන් නිසා රටට ආදරේ ඇති අය එක්කරගෙන පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් හොයාගන්න කියලයි එතුමිය ඉල්ලා සිටියේ. ඇය මෙහෙමත් කිව්වා. හැබැයි අගමැතිතුමනි ටොෆි ලොසිංජර දීලා ජනතාව රවට්ටන්න හදන්න එපා”.


මේ අදහස ගැන මෙතැන සිටින ඔබ සැමගේ අවධානය යොමු කරන්න මම කැමැති. අද රට පත් ව ඇති තත්ත්වයට විසඳුම් සෙවීමේ වගකීම පැවරී තියෙන්නෙ මේ සභාවේ සිටින ජනතා නියෝජිතයන්ගේ උර මතයි. අපි ඒ වගකීමට උර දිය යුතුයි. ඒ වගකීම අපි ඉෂ්ට කළ යුතුයි. පැලැස්තර විසඳුම් වෙනුවට දීර්ඝකාලීන සහ ප්‍රතිඵලදායී විසඳුම් සෙවිය යුතුයි.

ඒ නිසා අපි එකිනෙකා අතර ඇති සියලු භේද පසෙක දා රට වෙනුවෙන් අලුතෙන් සිතමු. අලුත් ගමනක් අරඹමු. අවශ්‍ය ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ වලට මුලපුරමු. වෙනස් විදියකට සිතමු. ක්‍රමය වෙනස් කිරීමට මුල පුරන්න පුළුවන් වෙන්නේ අපි හැමෝම වෙනස් විධියකට සිතා වෙනස් විදියකට කටයුතු කිරීමෙන්.''

  

 

 

 

සබැඳි පුවත් :
#GotaGoGama : තවත් දෙදෙනෙකු පොලිසියට කැඳවයි

මාතර විරෝධතාකරුවෙකු වසර 3 1/2ක් හිරේට

View the embedded image gallery online at:
https://theleader.lk/news/11985-05-8#sigProIda04a38dc6d

Leader Whats app

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්