leader s

ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද (15) පැවැති සාකච්ඡාවකදී ඒ බව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ ජනාධිපති ධූරයට තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නිවේදනය කිරීමත් සමග මෙම තීරණයට සිය පක්ෂය එළඹුණු බවය.

 

ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා ජුලි 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඡන්දයට අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කර තිබිණ.

 

කෙසේවුවද දැනට පුරප්පාඩු වී ඇති විධායක ජනාධිපති ධූරය සඳහා තරග කිරීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අද (15) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

මන්ත්‍රීවරයා එහි සඳහන් කර තිබුණේ, ඒ සඳහා සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සාමකාමී දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අවංක අරමුණ කරගත් ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නොමද සහය ද අපේක්ෂා කරන බව ය.


සබැඳි පුවත් :


ජනාධිපති සටන : ඩලස්, රාජපක්ෂවරුන් සමග එළිපිට ගේමට !

පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයෙක් නෑ!


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්