leader s

ගාලුමුවදොර විරෝධතාවය ඇතුළු සෙසු විරෝධතා වලින් ඉවත්වීමට තීරණය කළ බව 'ලිබරල් සහෝදරත්වය' පවසයි.


ලිබරල් සහෝදරත්වය වෙනුවෙන් එහි සභාපති හේමාල් දහනායක, මහලේකම් රාජිත අබේගුණසේකර, සම කැඳවුම්කරුවන් වන සහන් වීරතුංග, ප්‍රවීනා රවිරාජ් සහ ජාතික සංවිධායක උසාමා ලියායුදීන් යන අයගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක් එබව සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සමස්ත රාජපක්ෂ රෙජිමයට විරුද්ධවම අප මාර්තු මස මුලදී ගෙනගිය සාමකාමී අරගලය දිවයිනේ සෙසු ප්‍රදේශ වලට ඉතා කෙටි කලකින් ව්‍යාප්ත විය.

එයට පෙර සිටම සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනගිය #gohomegota2022 රැල්ලට මූලික අඩිතාලම යොදමින්ද අප සංවිධානය ගාලුමුවදොර අරගලයට පෙර සිටම දායකත්වයක් ලබා දෙන ලදී.

ගාලුමුවදොර පිටියේ අඛණ්ඩව ගෙනගිය එම ඓතිහාසික අරගලය අප විශ්වාස කරන අයුරින් ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා ධූරය හැරයාමෙන් සාක්ෂාත් විය.



කෙසේ නමුදු මෙම සමස්ථ අරගලය අවසන් වන්නේ ලිබරල් සහෝදරත්වය වන අපද ඇතුළුව, සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් විශාල ගණනකගේ මැදිහත්වීමෙන් සැදුම් ලත් 'ගාලුමුවදොරින් ඔබ්බට' යෝජනා මාලාවේ අඩංගු සමාජීය, ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමෙන් අනතුරුවය. අප විශ්වාස කරන අයුරින් මෙය සිදු කළ හැක්කේ පුළුල් දේශපාලනික, ආර්ථික සහ සමාජීය කථිකාවතක් අදාළ පාර්ශව සමඟ ඇතිකර ගැනීමෙන් විනා තවදුරටත් වීදි බැස අරගල කිරීමෙන් නොවේ.




එමෙන්ම මෙම ක්‍රියාන්විතය සඳහා අප සංවිධානය සියලුම දේශපාලන ප්‍රජාව සමඟ සාකච්ඡා කොට රටේ පොදු යහපැවැත්ම සහ මෙම අවස්ථාවේ උද්ගතවී ඇති අර්බුදයෙන් රට ගොඩ ගැනීම වෙනුවෙන් පොදු එකඟතාවයකට පැමිණෙන ලෙසද ඉල්ලා සිටීමට කැමැත්තෙමු. ඒ සඳහා අප සංවිධානය හැකි හැම අයුරින්ම දායකත්වය දීමට සූදානම් බවද ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

එමෙන්ම වර්තමානයේ ගාලුමුවදොර අරගලය කණ්ඩායම් සහ පුද්ගලයන් කිහිප දෙනෙක් තම දේශපාලන මතවාද ප්‍රචලිත කිරීමට යොදා ගැනීමෙන් අරගලයේ පොදු අරමුණ බොඳවී යාමක් සිදුවී ඇති බවක්ද පෙනීමට ඇත. එම කරුණුද සළකා බැලීමෙන් අනතුරුව අප සංවිධානය මෙම තීරණය ගත්බවද අප මතක් කිරීමට කැමැත්තෙමු.



තවද, අරගලකරුවන්ට එල්ල වන මර්දනයට අප දැඩි සේ විරුද්ධ වන අතර දේශපාලන පලිගැනීම් උදෙසා තම බලය යොදා නොගන්නා ලෙසද, ප්‍රජාතන්ත්‍රීය සහ නීතිමය රාමුවක සෑමවිටම කටයුතු කරන ලෙසද වත්මන් රජයෙන් අප ඉල්ලා සිටිමු.


සබැඳි පුවත් :
'Black Cap' අරගල භූමියෙන් ඉවත්වේ : 'අරගලය 4.0' අරඹයි!

Libaral 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්