leader s

ගල් අගුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් පවතින ගැටළුව කඩිනමින් නිරාකරණය කර නොගත හොත් අනිවාර්යය විදුලි කප්පාදුවකට මග පෑදෙන බව විදුලි ඉංජිනේරුවරුන් පවසති.

විදුලිය නිපදවීමට යොදාගන්නා ගල් අඟුරු තොග ලබන මාසය වනවිට අවසන් වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර පවසයි.

එබැවින් කඩිනමින් ගල් අඟුරු ආනයනය කිරීමට පියවර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.

ගල් අගුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් පවතින ගැටළුව කඩිනමින් නිරාකරණය කර නොගත හොත් අනිවාර්යය විදුලි කප්පාදුවකට මග පෑදෙන ඇති බවත්, කඩිනමින් ගල් අඟුරු ආනයනය නොකළහොත් දෛනික විදුලි කප්පාදුව පැය 10 ඉක්මවිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.


ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් හදිසියේ මතුවූ ටෙන්ඩරය කුමක්ද?
 


ගල් අගුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසුවේ මෙවන් අදහසකි.


මෙම අර්බුදයට විසඳුමක් නොලැබුන හොත් පැය 10 ත් 12 ත් අතර විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර පැවසුවේ.


ලක්විජය තාප බලාගාරයට ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 44.5ක් ලබාදීමට විදේශීය සමාගමට ලබාදී ඇති ටෙන්ඩරය සහිත ගිවිසුම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඕමල්පේ සෝභිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.



සබැඳි පුවත් :
ඕමල්පේ හිමිගෙන් ගල් අඟුරු ටෙන්ඩරයට එරෙහි පෙත්සමක්
 

***************

කවුරුත් නොදකින - කවුරුත් නොලියන - කාගේ කාගේත් ඇත්ත -  කාටත් කලින් දකින.... 
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්