leader s

ජල බිල්පත් ගෙවා නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ජලසම්පාදන මණ්ඩලය මගින් ඊයේ (20) අත්හිටුවා තිබේ.


අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී ලබාදුන් උපදෙස් අනුව එම තීරණය ගෙන තිබේ.

මේ පිළිබඳව කළ විමසුමකදී අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ, බිල්පත් නොගෙවීම හේතුකොට ගෙන කිසිඳු පාසලක ජල සැපයුම විසන්ධි නොකරන බවයි.

පාසල්වල ජලබිල්පත් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස්කරන බවද ඇමැතිවරයා කීවේය.

රට තුල ළමා මන්දපෝෂණය ඉහල යමින් තිබිය දී පාසල්වලින් ජල සැපයුමට මුදල් අය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු වෘත්තිය සමිතියක් හෙළි කර තිබිණ.

මීට පෙර පාසල්වල ජල බිල්පත් මහාභාණ්ඩාගාරය විසින් ගෙවනු ලැබුවද මේ වන විට පාසල්වලට ජල බිල්පත් ලබා දීමට ජාතික ජලසම්පාදන මණ්ඩලය කටයුතු කර ඇති බව ලංකා ගුරු සංගමය පෙන්වා දී තිබිණ.


සබැඳි ලිපිය :
ඉස්කෝල ළමයින්ගේ වතුරටත් කණකොකා හඬන ලකුණු

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 

new logo

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්