leader s

මහාචාර්ය ආශු මාරසිංහ ගේ පෙම්වතිය බව පැවසෙන කරදන ගමරාලලාගේ වගීෂා ආදර්ශා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ
අධ්‍යක්ෂවරයාට සහ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (03) සිතාසි නිකුත් කළේය.

මහාචාර්ය ආශු මාරසිංහ විසින් ඉකුත් නොවැම්බර් මස 24 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ පැමිණීල්ලකට අදාළව එම දොර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලා පැමිණීලිකාර කරදගමරාලාගේ වගීෂා ආදර්ශා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලිම අදාළව කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ එහි විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ඉදිරිපත් කර තිබූ මෙම අපෙක්ෂිත ඇප ඉල්ලීම, කරදන ගමරාලලාගේ වගීෂා ආදර්ශා වෙනුවෙන් නිතීඥ සුදත් වික්‍රමරත්න විසින් අධිකරණය හමුවේ ගොනුකරනු ලැබ තිබිණී.


සබැඳි ලිපි :
ආදර්ශා සහ ස්ත්‍රිත්වයේ අනාගතය


 
 
JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්