leader s

මොනරාගල පොලිස් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.බී.එස්.එස්. සිසිල කුමාරගේ සේවය ජන. 10 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.


ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් මෙලෙස ඔහුගේ වැඩතහනම් කරනු ලැබ ඇත.

නිදන් කැණිමේ සිද්ධියකට හා තම නිල නිවාසයේ ගංජා කිලෝග්‍රෑම් 23ක් තබාගැනිම ඇතුළු විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් ජනවාරි 8 වන දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගනු ලැබිය.  

එසේ අත්අඩංගුවට ගත්, මොණරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුනිල් ශාන්ත සිසිල කුමාර ඇතුලු සැකකරුවන් සයදෙනා ගෙන් පස් දෙනෙකු සහ ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට මොණරාගල මහේස්ත්‍රාත් සචිනි අමරවික්‍රම ඊයේ (13) නියෝග කලාය.

මහේස්ත්‍රාත්වරිය විසින් මොණරාගල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සමග මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ, බිබිල දියකොබල, ගුරුමඩ ලිපිනයේ පදිංචි, හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ රියදුරු ලෙස කටයුතු කල බොන්සෙල් බොතේජුගේ සසිදු මධුෂාන්, ඔක්කමිපිටිය පහළගම ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ දුලංජන සේනක, මොරටුව එගොඋයන සාගර මාවතේ පදිංචි වීරසිංහගේ උපේක්ෂ ලක්ෂාන් ද සිල්වා, බුද්දම වැල්ලේපොළවත්ත ලිපිනයේ පදිංචි තිස්ස වලංගු මුදියන්සේලාගේ නිලන්ත සංජිව පුෂ්පකුමාර සහ මොණරාගල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ගංජා සැපයිමේ චෝදනාවට, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින් විසින් පෙරේදා (12)සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කල, ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජය ධර්මදාස යන පිරිසය.


සබැඳි පුවත්
මොනරාගල SSP ගංජා කිලෝ 15 ක් සමග මාට්ටු - නිදන් හැරීමත් ජයටම කරලා !

  

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්