leader s

එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl ) නෞකාවේ හානි තක්සේරු කිරීම සඳහා නෞකාව අසලට යාමට හෝ තමන්ට ඉඩ ලබානොදුන් බව ඒ සඳහා එක්වූ විශේෂඥ කණ්ඩායම චෝදනා කරයි.


මේ අතර මෙරට සාගර නීති ප්‍රවීණයන් පවසන්නේ නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නඩු පැවරීමේ හැකියාව හොඳින්ම තිබියදී සිංගප්පූරුවේ නඩු පැවරීමට ගෙන ඇති තීරණය පිළිබඳ විමතියට පත්වන බවය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළව වන්දිය ලබාගැනීමේ අවස්ථාව මෙරට බලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා අහිමිව යෑමේ අවදානමක් ඇතැයි පාර්ශ්ව රැසක් අනතුරු අඟවමින් සිටී.

පරිසරය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ද මේ පිළිබඳ පසුගියදා අවධානය යොමු වී තිබුණි.

මේ අතර දෙරණ 'බිග් ෆෝකස්' වැඩසටහන තුළින් ඊයේ (07) මේ පිළිබඳ පුළුල් ලෙස සංවාදයට ලක් කෙරුණි.

එහිදී අදහස් දැක්වූ මුහුදු හා නාවික නීතිය පිළිබඳ විශේෂඥ, නීතිඥ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර මෙසේ සඳහන් කළේය.

"මේ සිද්ධිය ගැන ලංකාවේ නඩු දැමීමෙන් තමයි අපිට වැඩි වාසියක් ලබාගන්න පුළුවන් වෙන්නේ. ලංකාවෙදි ලොකු වන්දියක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා."

"මේ නැව අනතුරට පත්වෙන කොට මාස 03යි වයස. ගෙනියනකොට නේ ගිලුනේ. මට තිබෙන ලොකුම සැකය..නැව කොහොමද ගිලුනේ කියන එක. මේ වගේ මාස 3ක නැවක් එහෙම ලේසියෙන් ගිලෙන්නේ නැහැ."




ඩොලර් මිලියන 6,400ක් වතුරේ දැමීමට ආණ්ඩුව සූදානම් !



මේ අනුව කොළඹ වරාය ආසන්නයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිණිගෙන විනාශ වීමෙන් මෙරටට පරිසරයට සිදු වූ විනාශය සම්බන්ධයෙන් හිමි වියයුතු වන්දි අයකර ගැනීමට ආණ්ඩුවේ කිසිම සූදානමක් නැති බවට චෝදනා එල්ලවෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය දැඩි විමර්ශනයක සිටි අතර තව දින 45ක් ඇතුළත අදාල වන්දි නඩුව පැවරිමට අපොහොසත් වුවහෝත් ඩොලර් මිලියන 6,400ක් වන්දි මුදල අපතේ යනු ඇති බව හෙළි කර ඇත.

මෙයට පෙර තවත් පරිසරවේදීන් විසින් හෙළි කර තිබුණේ ඩොලර් මිලියන 10,000ක් පමණ වන්දි මුදලක් මේ සම්බන්ධයෙන් ලබා ගත හැකි බවයි.

එම නැව ගිනිගෙන මුහුදුබත්වීමෙන් පසුව අදාල සුන්බුන් රැගෙන යාමට නෞකාව හිමි සමාගම කටයුතු කර තිබෙන පසුබිමක පවා ආණ්ඩුව මෙම වන්දි මුදල් ලබාගැනීමේ ක්‍රියාමාර්ග ඉතා මන්දගාමී ලෙස අනුගමණය කරමින් සිටී.



සබැඳි පුවත් :

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි නඩුව සිංගප්පූරුවට ගෙනයාම සැක කටයුතුයි!

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි නඩුව : පාර්ලිමේන්තු කාරක සභාවක අවධානය

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැටුම : නඩුව සිංගප්පූරුවට


එක්ස්ප්‍රස් පර්ල් වන්දි අර්බුදය : නීතිපති සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ගැටුමක !


එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් මහ සයුරට පිළිකා හදන වස විස එක්වෙලා
 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්