හරිත පක්ෂයක් ලෙස 'එක්ස්ප්‍රස් පර්ල්' ඛේදවාචකය ගැන පැහැදිලි මතයක් දරන බවත් මේ සිදුවීම් සිදුවී දින කිහිපයක්

ඇතුළත එවක ජනාධිපතිවරයාට ලිපියක් මඟින් අපක්ෂපාතී විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස දන්වා සිටි බවත් ඉන් පසුත් අවස්ථා ගණනාවක් මේ සම්බන්ධයෙන් ප්‍රකාශය සහ පුවත්පත් නිවේදන නිකුත් කළ බවත් විපක්ෂ නායකවරයා පවසයි.

අද හැමෝගේම ජනප්‍රිය මාතෘකාව මෙය වුවත් මේ ගැන මුල් අවදියේ සිටි කතා කරන විට බහුතරයක් දෙනා මෙය සමච්චලයට ලක් කළ බවත් එහි ප්‍රතිඵල මේ වන විට අප විඳිමින් සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ, අයි.එම්.එෆ් එකෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9ට වඩා මෙමගින් සිදුවූ හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4ක් බවත් ය.


වත්මන් ජනාධිපතිවරයා යටතේ දක්ෂ පක්ෂ සුහුරු ආණ්ඩුවක් නිර්මාණය වූ බවට පැවසුවත් මේ රජය මේ වන විටත් ක්‍රියාත්මක කරන්නේ රට පාවා දුන් ගජ මිතුරු ධනවාදය ක්‍රියාත්මක කරන රාජ්‍ය පාලනයක් බවත් ඔවුන් මෙම ව්‍යසනයෙන් පවා ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් පගා ගත් බවට අධිකරණ ඇමතිවරයා පවා ප්‍රකාශ කළ බවත් මින් ගම්‍ය වන්නේ වත්මන් ආණ්ඩුව සුහුරු ආණ්ඩුවක් වී ඇත්තේ පගා ගැසීමට බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (25) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මැයි 18ට පෙර නඩුවක් පැවරිය යුතු බවට මීට පෙර තමා කීප වරක්ම ප්‍රකාශ කර සිටි අවස්ථාවේ දී එය සමච්චලේට ලක් කළත් මේ වන විට කාලය ඉකුත් වීමට පෙර එම නඩුව පැවරීමට රජය කඩිමිඩියේ සූදානම් වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් වන රජයේ පාර්ශ්වයන්ගේ සාකච්ඡා සඳහා තමා සහභාගී වූ අවස්ථාවල දී තමා ඉදිරිපත් කළ යෝජනා රජය නොසලකා හැරිය බවත් මේ සම්බන්ධයෙන් වන රැස්වීම් විශාල ප්‍රමාණයක් පැවැත්වුවත් රජය කිසිදු පියවරක් නොගත් බවත් මේ හේතුවෙන් රටට හිමිවිය යුතු ඩොලර් වන්දි විශාල ප්‍රමාණයක් අහිමි වීමේ අවධානමක් ඇති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

නිවැරදි නායකයෙක් සිටියා නම් මෙය තුළින් රටට වාසිදායක විසඳුමක් ලබා ගැනීමට හැකියාවක් තිබූ නමුත් ඔවුන් සිදු කර සිටියේ මේ ගැන කතා කරන විට සමාජ මාධ්‍ය හරහා හාස්‍යයට ලක් කිරිම බවත් මේ අකර්මන්‍ය පිළිවෙත ගැන විශාල සැක සංකාවක් ඇති වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට රාජ්‍ය බලයට වඩා පගා බලය වැඩි වී ඇති බව යි.

එක්ස්ප්‍රස් පර්ල් අබිරහස් ගැන විපක්ෂ නායක එකින් එක ප්‍රශ්න කරයි

මෙරට සුවිශාලතම සමුද්‍ර දූෂණයකට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වී මේ වනවිට වසර 2කට ආසන්න කාලයක් ගත වී ඇත.

පසුගිය කාලය පුරාවට විද්වතුන් රැසකගෙන් සමන්විත වූ කණ්ඩායමක් විසින් මෙරට සාගර පරිසරයට සිදු වූ හානිය පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කෙරුණි. ඒ අනුව, ඔවුන් විසින් ඇමරිකානු ඩොලර් බිලියන 6.4ක හානියක් සිදුව ඇති බවට ඇස්තමේන්තු කර ඇති නමුත්, වන්දි ලෙස මෙතෙක් ලැබී ඇත්තේ නොසැලකිය තරම් වන සුළු මුදලක් පමණක් බව වාර්තා වේ.

එසේ වුවද, ආණ්ඩුව මේ දක්වා මෙම සිදු වූ හානිය වෙනුවෙන් වන්දි මුදල් ලබා ගැනීමට අදාලව නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇත.

එමෙන්ම, මෙම වන්දි මුදල් ලබා ගැනීම සඳහා නඩු පැවරීමට ඉතිරිව ඇත්තේ ද තවත් දින කිහිපයක් පමණක් බව වාර්තා වේ. එබැවින්, මෙරට සමුද්‍රීය පරිසරයට, ජීවීන්ට මෙන්ම ධීවර ප්‍රජාවට ද අති විශාල හානියක් ගෙන දුන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කළ යුතුව ඇත.    

ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් 27/2යටතේ පහත සඳහන් ප්‍රශ්න අසනු ලැබීය.

1. මේ සම්බන්ධව විශේෂඥ කමිටුව විසින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත ලබා දුන් වාර්තාව අනුව සිදුවූ හානිය ගණනය කිරීමේ දී කුමන නිර්ණායකයන් සැලකිල්ලට ගනු ලද්දේ ද? මෙම වාර්තාව සැකසීමේ දී මුහුදේ බලපෑමට ලක් වූ ප්‍රදේශයෙන් ප්‍රමාණවත් පරිදි නිදර්ශක ලබා ගෙන ඇත්තේ ද?  
එයින් වෙරළ තීරයට, මුහුදු පත්ලට මෙන්ම සත්ත්ව වාසස්ථාන ඇතුළු පරිසරයේ සියළු අංග වෙත සිදුවූ හානිය සහ මෙම ව්‍යසනයේ කෙටිකාලීන හා දිගුකාලීන බලපෑම පිළිබඳව අධ්‍යයනය කර හානිය ගණනය කර තිබේ ද? එම වාර්තාව සභාගත කරන්නේ ද?

2. බහාලුම් ආරක්ෂක මාර්ගෝපදේශවලට පටහැනිව ගබඩා කර තිබීම, ගිනි ගන්නා අවස්ථාව දක්වාම ආපදා සීනුව නාද නොකිරීම ඇතුළු නොසලකා හැරීම් සහ වගකීම් විරහිත හැසිරීමත්, නැව් සමාගම මුළුමනින්ම සමුද්‍ර නීතියට පටහැනිව කටයුතු කර තිබීමත් මෙවැනි සුවිශාල හානියක් සිදුවීමට මුලික හේතුව නොවන්නේ ද?

3. නිව් ඩයමන්ඩ් නෞකා අනතුර සම්බන්ධයෙන් ද මෙම විශේෂඥ කණ්ඩායමම පත්කර තිබුණ ද එම වාර්තාවේ පැවති අඩුපාඩු සහ එම වාර්තාව නිසි පරිදි නීතිපති මගින් යොමු නොකිරීම නිසා එයින් මෙරටට ලැබිය යුතුව තිබූ සැලකිය යුතු වන්දියක් නොලැබුණු බව වාර්තා වේ. එම විශේෂඥ කමිටුවම මේ සඳහා පත් කරනු ලැබූයේ කවර හේතුවක් මත ද? ඔවුන්ගේ වාර්තාවේ සහ කාර්ය පටිපාටියේ අඩුපාඩු මෙවරත් සිදු නොවනු ඇති බවට රජයට තහවුරු කළ හැකි ද?

4. වන්දි ලබා ගැනීම සඳහා රජය මේ වන විට නීතිමය කටයුතු අරඹා තිබේ ද? වගකිව යුතු පාර්ශ්වයන් වෙත නීතිපති දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට ඉල්ලුම් හිමිකම්පතක් යොමුකොට ඇත්තේ ද? නොඑසේ නම් ඒ මන්ද?

5. රජය අධිකරණ ක්‍රියාමාර්ග සිංගප්පූරුවේදී ගැනීමට අදහස් කරනුයේ මන්ද? ශ්‍රී ලංකාව තුළ මනා නීතිමය හා අධිකරණමය පද්ධතියක් ක්‍රියාත්මකව පවත්නා වටපිටාවක සිංගප්පූරුවේ නඩු පැවරීමට තුඩු දුන් හේතු කවරේද?

6. දැනටත් මේ සම්බන්ධයෙන් වන්දිය සීමා කරමින් නඩුවක් එක්සත් රාජධානියේ දී යොමු කර ඇති බව රජය දන්නේ ද?

7. ශ්‍රී ලංකාව විසින් වගකිව යුතු පාර්ශව වෙතින් ඉල්ලා සිටින වන්දි මුදල කොපමණ ද?

8. නඩු කටයුතු යටපත් කරමින් වග උත්තරකාර පාර්ශ්වය වෙත යම් වාසි සහගත තත්ත්වයක් උදා කරනු පිණිස යම් කිසිවෙකු අනිසි ලෙස  මෙයට මැදිහත් වීමක් සිදු කර තිබේ ද ?

9. දැනට පැමිණිලි කොට ඇති පරිදි එක්සත් රාජධානියේ බැංකු ගිණුමක පවත්නා එ.ජ.ඩො. මිලියන 250ක මුදලක් හා සම්බන්ධ යැයි පැවසෙන අල්ලසට අදාළව සිදුකරන ලද පැමිණිලි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති පියවර කවරේ ද?

10. හානි තක්සේරුව අපගේ විශේෂඥයන් විසින් සිදු කරන ලද්දේ නම්, සිංගප්පූරුවේ අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවීම තුළ ප්‍රමාණවත් වන්දි මුදලක් අයකරගත හැකිවේ ද?

11. සිංගප්පූරුවේ නීති ආයතනයක් තෝරා ගැනීමේ දී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කර ඇත්තේ ද?

12.සිංගප්පූරුවේ නීති ආයතනය තෝරා ගනු ලැබූයේ කවුරුන් විසින් ද? එම තෝරා ගැනීම මෙම නඩු කටයුතු සිදු කිරීමට අදාළව කුමන ප්‍රවීණත්ව පදනමක් සැලකිල්ලට ගනිමින් සිදු කරන ලද්දේ ද?

13. නීති ආයතනයට නඩු කටයුතු සඳහා වන පිරිවැය සඳහා ණය මුදලක් ලබා දීමට අරමුදල් සම්පාදන නියෝජිතායතනයක් තෝරා ගැනීමේ දී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පිළිපදිනු ලැබුවේ ද?

14. නවාතැන් පහසුකම්, ගුවන් ගමන් ගාස්තු, ප්‍රවාහන පිරිවැය, දීමනා ආදිය ද ඇතුළත්ව සිංගප්පූරුවට සියලු විශේෂඥයන් හා සෙසු අය ගෙනයාමට අදාළ වියදම් දරනු ලබන්නේ කෙසේ ද? මෙම නඩු කටයුතු සඳහා වූ සමස්ත වියදම පිළිබඳ යම්කිසි ගණනයක් සිදු කර ඇත්තේ ද?

 

සබැඳි පුවත් :

'එක්ස්ප්‍රස් පර්ල්' නෞකා සමුද්‍ර දූෂණයට ලංකාවේ නඩු පවරන්න ජාත්‍යන්තර බාධාවක් නැහැ - (CENS)

ගිනිගත් නැවේ වන්දි වලක්වන්න කෝටි 25 පගාව ගත්තේ කව් ද ?

 
 
සමාජ මාධ්‍යවේදී හදුන්ගොඩට එරෙහිව CID විමර්ශනයක්

එක්ස්ප්‍රස් පර්ල් : ගිනිගත් නැවෙන් වන්දි ගන්න සිංගප්පුරු යෑම ලංකාවට අවාසි ද?

මහ සයුරට වස විස එක් කළ 'එක්ස්ප්‍රස් පර්ල්' වන්දිය අහිමි වෙයි ද?

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි නඩුව සිංගප්පූරුවට ගෙනයාම සැක කටයුතුයි!

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි නඩුව : පාර්ලිමේන්තු කාරක සභාවක අවධානය

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැටුම : නඩුව සිංගප්පූරුවට
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්