රුපියල් කෝටි අටකට වැඩි වටිනා රත්රන් තොගයක් ඩුබායි සිට නීති විරෝධීව රැගෙන එන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ 75 ක දඩයක් මත මුදා හැරුණු අලි සබ්‍රි රහීම්

මන්ත්‍රීවරයාට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක විය යුතු යැයි 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' අවධාරණය කර සිටියි.

එම සංවිධානයේ සභාපති, හිටපු කතානායක කරු ජයසුරිය ගේ අත්සනින් නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.

''මෙම සිදුවීම හුදු රේගු නීතිය කඩ කිරීමක් ලෙස පමණක් සැලකිය යුතු නොවන බව පෙනේ. මේ මගින් රටේ විනිමය නීති උල්ලංඝනය කිරීමක් ද සිදුකර තිබිය හැකිය. එවැන්නක් වී ඇත්නම්  එය ද බරපතල බරපතල වරදකි.

එබැවින් අප රටේ වගකිව යුතු පාර්ශව මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කල යුතුව ඇති අතර චෝදනාව එල්ල වී ඇති අය කුමන තරාතිරමක වුවත් එය නොසලකා නීතිය අකුරටම ක්‍රියාත්මක විය යුතු යැයි අපි අපේක්ෂා කරන්නෙමු.'' යයි ද එම නිවේදනයේ සඳහන් වේ.

රේගු නීතිය උල්ලංඝණ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රටේ ජනතාවට මෙන්ම පාර්ලිමේන්තුවට ද අවමන් කර තිබෙන බව 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' කියා සිටියි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු රුපියල් හත්කෝටි පනස් ලක්ෂයක වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් තුනහමාරක බරකින් යුත් රන් බිස්කට් සහ ස්වර්ණාභරන හා ජංගම දුරකථන තොගයක් නීති විරෝධී ආකාරයට මෙරටට රැගෙන එමින් සිටියදී  අත්අඩංවට පත්වීම  ඉතාමත් බැරෑරුම් ලෙස සැලකිල්ලට ගන්නා අප සංවිධානය ඒ පිළිබඳබ බලවත් ලෙස කම්පාවට පත්වන අතර එය රටක් ලෙස ලැජ්ජාවට පත්විය යුතු කරුණක් ලෙස සලකන්නෙමු.


“ගරු මන්ත්‍රී”යනුවෙන් හැදින්වෙන පුද්ගලයෙකු රටේ ප්‍රධාන ගුවන් තොටුපොළෙහි ප්‍රභු පර්‍යන්තය යොදාගනිමින් සිදුකර ඇති මෙම ක්‍රියාව මගින් ප්‍රදර්ශනය වී ඇත්තේ මේ රටේ ප්‍රභූන් ලෙස සැලකෙන ඇතැම් පාර්ශවයන්  නීතියට පිටුපාමින් සිදුකරගෙන යමින් සිටින දූෂිත ක්‍රියාවන්හි එක් සුළු පැතිකඩක් පමණක් යැයි ද අප විශ්වාස කරන්නෙමු.  

මෙම ක්‍රියාව මගින් අදාළ මන්තීවරයා සමස්ත පාර්ලිමේන්තුව අපහාසයට ලක්කර තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු කටයුතු මන්ත්‍රීවරුන් ද  සිටින බව පිළිගන්නා අප මෙවන් පුද්ගලයන්ගේ මෙවැනි ක්‍රියාවන් නිසා ඔවුන්ද අපකීර්තියට පත්වන බව අවධාරණයෙන් සඳහන් කරන්නෙමු.''


සබැඳි පුවත් :

මන්ත්‍රී ධුරය රැකගන්න අලි සබ්‍රි අධිකරණයේ පිහිට පතයි

'රත්‍රන් සබ්රි'ට ඉල්ලා අස් වෙන්න කියයි

'රත්‍රන් සබ්රි' ට එරෙහිව පියවර ගන්නැයි මන්ත්‍රී කණ්ඩායමක් ඉල්ලයි

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්