leader s

මැති ඇමති ධුර ඉල්ලා බලකරමින් නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවාදීන් ආණ්ඩුවෙන් ඉවත්වුවද ආණ්ඩුව කඩා නොවැටෙන බවත්, එහෙයින් ආණ්ඩුව විසුරුවා හැරීමේ අවශ්‍යතාවයක් මතුනොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසයි.



විදෙස්ගතව සිටින ලන්සා මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, ''පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක් !'' යන ශීර්ෂයෙන් යුතුව අද (14) 'ද ලීඩර්' හි පලවී ඇති පුවත් වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ලෙස පළමුවරට ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවූ අවස්ථාවේදී පාර්ලිමේන්තුව විසුරුවනවා දැයි පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා ගෙන් විමසීමක් කළ බව සිහිපත්කළ ලන්සා මන්ත්‍රීවරයා, '' මම විසුරුවන්නේ නැ. එත් ඔබතුමාලා කියන වෙලාවක ව්‍යවස්ථානුකුලව පාර්ලිමේන්තුව විසුරුවන්නම්'' කියා පැවසු බවද කියා සිටියේය.

එනිසා කැබිනට් ඇමතිකම් ප්‍රශ්නයක් මත මේ අවස්ථාවේදී ආණ්ඩුව විසුරුවා හැරීමේ අවශ්‍යතාවයක් මතු නොවනබව පැවසු මන්ත්‍රීවරයා, නාමල් රාජපක්ෂ කණ්ඩායමට මේ අවස්ථාවේදී පොහොට්ටුවේ මන්ත්‍රීවරු 25කට වැඩි සහයක් නොමැති බවද අවධාරණය කළේය.

''  රාජපක්ෂවාදීන් ආණ්ඩුවෙන් ගියත් ප්‍රශ්නයක් නැහැ. මොකද එයාල යනවනම් විපක්ෂයෙන් මන්ත්‍රීවරු ඊට වැඩි පිරිසක් ජනාධිපතිවරයාට සහය පලකිරීමට එකඟවී තියනවා. සජබෙන් , නිදහස් කණ්ඩායමෙන් , උත්තර කණ්ඩායමෙන් ආණ්ඩුවට එන්න බලන් ඉන්න මන්ත්‍රීවරුන්ට තියන එකම බැරියර් එක ඔය බැසිල් කණ්ඩායම ..'' ලන්සා මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

''පහුගිය කාලේ පාන් කියාගන්න බැරුව හැංගිලා හිටපු කට්ටිය, රනිල් ජනාධිපතිතුමා යාන්තන් රට ගොඩදාගෙන එනකොට ඔන්න දැන් ජනාධිපතිතුමාට විරුද්ධව වැඩකරන්න පටන් අරන්. මේවා පැහැදිලිවම කුහක වැඩ. සේරම එකතුවෙලා ආර්ථිකය ගොඩදාගන්න ඕන වෙලාවක ජනාධිපතිතුමාගේ කකුලෙන් අදින එක අනුමත කරන්න බැහැ . මම ලංකාවට ආපු ගමන් ඔය ගැන විශේෂ ප්‍රකාශයක් කරනවා. '' නිමල් ලන්සා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.


සබැඳි පුවත :
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක් !


JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්