leader s

සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු 30ක් 40ක් ආණ්ඩුවට එනබවට වසරක් තිස්සේ පාරම්බෑවද මේ දක්වා කිසිඳු මන්ත්‍රීවරයකු අලුතින් එක්කර ගැනීමට අසමත් පිරිස්, ඒ සම්බන්ධව තම පක්ෂයට චෝදනා කිරීම

විහිළුසහගත යැයි පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

නාමල් මන්ත්‍රීවරයා එබව පැවසුවේ, ''ජනාධිපති සමග ගමනක් යෑමට සජබ සූදානම්'' යයි ඇතැම් සමාජ මාධ්‍යවල අද පලවී තිබු පුවත් වාර්තාව පිළිබඳව විමසූ අවස්ථාවකදී ය.

ඒ සමබන්ධයෙන් ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.


'' ජනාධිපති එක්ක වැඩ කරන්න සජබ කැමතියි හැබැයි පොහොට්ටුවේ අය නිසා තමයි විපක්ෂයෙන් ආණ්ඩුවට එන්නෙ නැත්තෙ කියලා දැන් සමහරු කියන්න පටන් අරන්. අපි කී පාරක් කිවුවද සජබෙන් මන්ත්‍රීවරු අරන් ආණ්ඩුව ශක්තිමත් කරන්න කියලා. අපි කීපාරක් කිවුවද අපිට ඇමතිකම් එපා අපේ ඇමතිකම් හරි අරගෙන විපක්ෂයෙන් සජබෙන් එන අයට ඒ ඇමතිකම් දීලා ආණ්ඩුව ශක්තිමත් කරන්න කියලා. කෝ කියනවා විතරනෙ අවුරුද්දක් තිස්සෙ කවුරුත් ආවෙ නෑනෙ. අපේ සම්පූර්ණ ආශිර්වාදය තියෙනවා සජබෙ අය එනවනම්. පහුගිය කාලෙම කිවුවා විපක්ෂයෙන් 40ක් එනවා 20ක් එනවා අහවලා එනවා කියලා. කෝ ආවෙ නෑනෙ කවුරුත්. පුලුවන්නම් අපේ ඕන තනතුරක් දීලා විපක්ෂයේ අයව අරගෙන ආණ්ඩුව ශක්තිමත් කරන්න කයිවාරු නොගහ.


''පෞද්ගලිකව ඩීල් දාගත්ත අයට ගොඩක් රිදිලා ඇති''


පසුගිය සඳුදා ජනාධිපතිවරයා විසින් කැඳවා තිබු රැස්වීමට පොහොට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහභාගී නොවීම පිළිබඳව අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ කරුණු පැහැදිලි කළේය.

'' අපි කිවුවෙ ජනාධිපතිවරයා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දේශපාලනික කටයුතු පිළිබඳව කැඳවන්නේ නම් නිවැරැදි ක්‍රමවේදය අනුව පක්ෂ නායකයින් දැනුවත් කර පක්ෂය හරහා දැනුම් දෙන ලෙසයි. මොකද සන්ධාන දේශපාලනය කියන්නෙ එක එක්කෙනාට ඕනෙ විදියට මන්ත්‍රීවරු ගෙන්නන එක නෙවෙයි. දැන් සමහරු කියනවා ඇමතිකම් දෙන්නෙ නැති නිසාලු ජනාධිපතිවරයා කැඳවන රැස්වීම් වලට එන්නෙ නැත්තෙ. මම ආයෙත් කියන්න කැමතියි ඉස්සෙල්ලාම ඇමතිකමක් ගන්නෙ නෑ කියලා කිව්වෙ මම. ඒ වගේම ජ්‍යෙෂ්ඨයින් රැස්වීම් වලට නොගියෙ නිසි ක්‍රමවේදයට අනුව දැනුම් නොදීම නිසා පමණයි.

අපි කිවුවේ රැස්වීම්වලට එන්න ඕනෙනම් හරියට පක්ෂය  දැනුවත් කරන්න විතරයි. ඒකට භූමිතෙල් ගහපු ගැරඩි වගේ ඇමතිකම් ගැන වගේ ඒවා කිය කිය ඉන්නෙ නැතුව නිසි ක්‍රමවේදයට පක්ෂය හරහා අපිව දැනුවත් කරන්න. සජබෙන් කවුරුත් එන්නෙ නෑ වගේ තමයි මටනම් පේන්නෙ. නොහැකියාව පොහොට්ටුව පිටින් යවන්න එපා කියලා කියන්න කැමතියි. මොකද අපෙ ඩීල් තියෙන්නෙ පක්ෂය එක්ක මිසක් ජනාධිපති එක්ක නෙවෙයි. පෞද්ගලිකව ඩීල් දාගත්ත අයට ගොඩක් මේ ගැන රිදිලා ඇති.''


සබැඳි පුවත් :
නාමල්ල ගියත් ආණ්ඩුව වැටෙන්නේ නැහැ - නිමල් ලන්සා

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්