leader s

පුරාවිද්‍යාව වාර්ගික පදනම් වලින් ගෙන දේශපාලනය කිරීමෙන් වලකින්නැයි බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය.

පුරාවිද්‍යා පනත සංශෝධනය කළ යුතු තැනකට පැමිණ තිබෙන බව කී අකිල කාරියවසම්, මුලතිව් කුරුන්දි විහාරය පිළිබඳව පැන නැගී ඇති ප්‍රශ්නයේදී අදාල පුරාවිද්‍යා ප්‍රදේශයට ඉඩ දී ඊට ඔබ්බෙන් තිබෙන ප්‍රදේශය ජන ජීවිතය සඳහා සාමාන්‍ය පරිදි ලබා දිය යුතු බව දැනට පවතින අදහස යැයි කීය.

ජනාධිපතිවරයා පුරාවිද්‍යා භූමි සම්බන්ධව කළ ප්‍රකාශය මුල්කරගෙන ආගම පටු අරමුණින් දේශපාලනයට යොදා ගන්නා විවිධ පුද්ගලයන් ප්‍රකාශ නිකුත් කරන්නට පටන්ගෙන තිබෙන බව කී එජාප උපනයකවරයා, පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරන ගමන් ජන ජීවිතය ද කළමනාකරණය කරගත යුතු බව සඳහන් කළේය.


සබැඳි ලිපි :
රනිල්ගේ ඉතිහාස පංතිය - (චින්තන ධර්මදාස)

ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

සබැඳි පුවත් :
ජනපතිගේ ‘ඉතිහාස පන්තියට’ මුල්තැන දී යටපත් වුනු උතුරු නැගෙනහිර ඉඩම් කොල්ලය

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඉල්ලා අස්වුනේ ඇයි ?

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්