leader s

රනිල් පුරාවිද්‍යා කොමසාරිස්ව කිච කිරීමේ සිද්දියෙදි කාරණා දෙකක් පැහැදිලි වෙනවා.

එකක් රනිල්ගේ ඉතිහාසය සම්බන්ධ දැනුම සහ ඒ විෂයට ඇති ඇල්ම. රනිල් තරම් මේ දැනුම් කලාපය ඇසුරු කරන ජනාධිපති කෙනෙක් අපිට මෑත ඉතිහාසයේ මුනගැහෙන්නෙ නෑ. රාජපක්ෂලාගේ පැත්තෙන් ගත්තොත් දැනුම කියන්නෙ විහිලුවක්. රනිල්ට පස්සෙ අනාගතයේ අපිට නැවත මේ වගේ ඉතිහාසය, රාජ්‍ය තන්ත්‍රය ගැන පුළුල් දැනුමක් ඇති කෙනෙක් පේන මානයකත් නෑ. එහෙම සේයාවක්වත් තියෙන්නෙ පාඨලීගෙ විතරයි.

හැබැයි ඒ වගේම අනිත් කාරණය තමයි රනිල්ගෙ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක බිංදුවයි. හරියට AI එකක් වගේ. අනිත් මනුස්සයාට දිය යුතු ගෞරවය දෙන්නත්, ඒ මනුස්සයාගේ හිත දිනාගනිමින් සොඳුරු ලෙස කාර්යය ඉටු කරගන්නත් රනිල්ට පුළුවන්කමක් නෑ. පු.කො ගෙ සිද්දිය බලන් ඉන්න කෙනෙකුට පේන්නෙ ඉතාම කැතට. තමන්ගේ දැනුම ගැන උජාරුවෙන්, අනෙකාට කතා කරන්නවත් ඉඩක් නොදී බලය පාවිච්චි කරන කෙනෙක් තමයි පිටත‍ට පේන්නෙ. මේ කාරණයේදී මහින්ද රාජපක්ෂ තමයි මුලු ඉතිහාසයේම අපිට මුනගැහෙන දැවැන්තයා වෙන්නෙ. මහින්ද තමන්ගේ දැනුම පෙන්නන්න යනවා වෙනුවට අනෙකාගේ හදවත දිනාගන්නවා. දේශපාලනයේදි දැනුමට වඩා වැදගත් වෙන්නෙ මේ කාරණය කියලයි මං හිතන්නෙ. අනුර වැඩියෙන් ළංවෙන්නෙ මේ පැත්තට.

jaffna3

ඒ කොහොම වුනත් දෙමළ ජනතාවගේ ඉඩම් සම්බන්ධ ප්‍රශ්නයේදී අපිට මුනගැහෙන දෙපැත්තක් තියෙනවා. එකක් අතීත මිනිසාගේ අයිතිය. ඒ තමයි පුරාවිද්‍යාවෙන් අනංමනං වලින් කියන කතාව. අනෙක වර්තමාන මිනිසාගේ අයිතිය. ඒ තමයි ඉඩම් අහිමි වුනු ගොවියන්ගේ කතාව. රනිල් ඒ සාකච්ඡාවෙදි අතීත මිනිහාගේ අයිතිය වගේම වර්තමාන මිනිසාගේ අයිතිය ගරු කළ යුතු බව කියනවා. ඒක වැදගත් දෙයක්. අතීතයේ යම් බිමක ජීවත් වුනු  කෙනෙකුට තියෙන අයිතියට වඩා අයිතියක් වර්තමානයේ ඒ බිම්වල ජීවත්වන කෙනෙකුට තියෙනවා කියන එකයි මගේ අදහස. අපි බර තියන්න ඕන වර්තමානයට.

මේ අතීත මිනිසාගේ අයිතිය අපිට මුනගැහෙන්නෙ පොදු අයිතියක් විදිහට. උරුමය, ජාතිය, ආගම වගේ නැරටිව්ස් පවතින්නෙ මේ පොදු අයිතිය තහවුරු කරන්න. එතනදි නැවත පොදු අයිතිය සහ පුද්ගල අයිතිය සම්බන්ධ ගැටුමකුත් තියෙනවා. අතීත උරුමය නැමැති පොදු අයිතිය වෙනුවෙන් ඒ ගොවිබිම් අයිති ගොවියාගේ පුද්ගල අයිතිය සොරාගත හැකිද කියන ප්‍රශ්නය මතුවෙනවා. රනිල් මෙතනදි පුද්ගල අයිතියට බරක් තියනවා. පොදු අයිතිය වෙනුවෙන් ඉඩම් අල්ලාගෙන ඉන්න පු.කොට ඉල්ලා අස්වෙන්න සිද්ද වෙනවා.

නතාෂා සංදර්ශනය' තවත් ස්ටෑන්ඩ් අප් කොමඩියක් - (ඉසකී)

මේ කාරණයම අපිට මිනිස් නිදහස කියන තැනදි මුනගැහෙනවා. නතාෂාගේ සිද්දිය ගත්තොත් නතාෂාට විහිලුවක් කිරීමට ඇති පුද්ගල නිදහස, ආගමික ප්‍රජාවකගේ පොදු අයිතිය වෙනුවෙන් පාවා දීමක් සිද්ද වෙනවා. සිවුර පෙනී ඉන්නෙ පොදු අයිතිය වෙනුවෙන්. ඒ සිවුර විසින් කාන්තාවකගේ පුද්ගල අයිතිය පැහැරගෙන එයාව හිරේ දානවා. රනිල් එතනදි පෙනී ඉන්නෙ අතීතයේ පොදු බලය හිමි පැත්තෙ.

 

අර ගොවියාගේ බිම්වල අයිතිය වගේම තමයි නතාෂාගේ කතා කිරීමේ අයිතියත්. ඒක කිසිසේත්ම අතීතයේ පොදුබවක් වෙනුවෙන් පාවා දෙන්න පුළුවන්කමක් නෑ. අතීත ප්‍රබන්ධයට වඩා වර්තමානයේ මෙතන මේ මොහොතේ ජීවත්වන මිනිසා තමයි ප්‍රධානකොට සැලකිල්ලට ගත යුත්තෙ. අතීත මිනිසාට වඩා අයිතියක් වර්තමාන මිනිසාට තියෙනවා. පොදු උරුමයට වඩා පුද්ගල නිදහස කියන කාරණය ඉහළින් ඔසවා තැබිය යුතු වෙනවා. එතනදි රනිල් දෙබිඩියි.



Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 
සබැඳි ලිපි :

ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

මානවම්ම දේශපාලනය...- මහේෂ් හපුගොඩ

මානවම්මගේ ඉවසීම : (වායාම 35 - සුජිත් අක්කරවත්ත)

මානවම්ම රජු රෝයල් පොරක්ද? - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න


සබැඳි පුවත් :

ජනපතිගේ ‘ඉතිහාස පන්තියට’ මුල්තැන දී යටපත් වුනු උතුරු නැගෙනහිර ඉඩම් කොල්ලය

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඉල්ලා අස්වුනේ ඇයි ?

 

JW



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්