leader s

රුපියල් මිලියන 411ක් වියදම්කර ප්‍රතිසංස්කරණය කළ '80 ක්ලබ්' (80 Club)  ආයතනයෙන් නාගරික සංවර්ධන අධිකාරියට කිසිඳු ආදායමක් උපයාගෙන නොමැති බවට එහි සේවකයෝ චෝදනා කරති.


ඔවුන් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් ට දැනුම් දුන්න ද ඔහු දිගින් දිගටම නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවයි.

2020 නොවැම්බර් මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් අනතුරුව '80 ක්ලබ්' ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව අදාළ ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු කළේය.

 මහනුවර ක්වීන්ස් හෝටලයේ අංක 80 කාමරයේ සාමාජිකයන් කිහිප දෙනෙකු පළමු රැස්වීම පවත්වා ආරම්භ කිරීම හේතුවෙන් මෙම සමාජය '80 ක්ලබ්' (80 Club) නමින් හැඳින්වෙයි. පසුකලෙක එය මෙලෙසින් කොළඹ 07 නිදහස් මාවතේ ස්ථාපිත වී තිබේ.


1971 කැරැල්ල හේතුවෙන් එවකට රජය මෙම භූමිය ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා දුන්නේය. 1978 රජය යටතේ '80 ක්ලබ්' සඳහා නැවත අවසර ලැබිණි.

2020 නොවැම්බර් මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නා තුරුම එහි නඩත්තු කටයුතු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ ක්‍රියාත්මක විය.

රට ආර්ථික අර්බුදයකට මුහුණදී තිබෙන මෙවන් මොහොතකදී මහජන සුබ සිද්ධිය වෙනුවෙන් වැයකළ හැකි අතිවිශාල මුදල් කන්දරාවක් මෙවන් සුදු අලියකු නඩත්තු කිරීම වෙනුවෙන් වැය කිරීම සාහසික අපරාධයක් බව නාගරික සංර්ධන අධිකාරියේම නිලධාරීන් පවසති.

01

සබැඳි පුවත් :
ඉහල පැලැන්තියේ '80 ක්ලබ්' අලුත්වැඩියාව මහජන මුදලින් - වියදම මිලියන 480ක් (EXCLUSIVE)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්