කිසිවකුට අසාධාරණයක් නොවන ලෙස සහ කිසිවෙකු අත නොහැරෙන ලෙස

අස්වැසුම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති වික්‍රමසිංහ අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, රජය විසින් නිකුත් කර ඇති නිර්ණායක මත කටයුතු කරන ලෙසද සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත උපදෙස් ලබා දි ඇති බවයි.



අස්වැසුම සුබසාධක වැඩසටහනට ප්‍රතිලාභීන් තෝරා ගැනිමේදී ප්‍රතිලාභ ලැබිය යුතු නමුත් මේවනවිට ප්‍රසිද්ධ කර ඇති ලේඛනයේ නම සඳහන් නොවූවන්ට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ජූලි 10වනදා දක්වා අවස්ථාව ලබා දී ඇත.



මෙම වැඩසටහන සඳහා දිවයින පුරා ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත අයදුම්පත් මිලියන 3.7ක් ලැබී ඇති අතර සිදු කළ සමීක්ෂණයෙන් අනතුරුව අයදුම්පත් මිලියන 3යි දශම 3ක් තෝරා ගෙන ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත තේරීම් කමිටු හරහා දත්ත නිරීක්ෂණය කර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අනුමත කිරීමෙන් අනතුරුව සුදුස්සන් තෝරා ගැනීම සිදු කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියි.

ඒ අතරින් අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූවන් ලෙස අභීයාචනා සහ විරෝධතාවලට යටත්ව මිලියන 2ක නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.


සබැඳි පුවත් :

 
අස්වැසුම ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්

අස්වැසුම හොඳයි, කරන විදිහ වැරදියි - විපක්ෂ නායක

අස්වැසුම ගේනවා කියලා සමෘද්ධියට වැඩේ දීලා - මරික්කාර්

චූන් ඉවරයි ! - එළඹෙන සතියේ මූල්‍ය හා සමාජ භූමිකම්පා දෙකක් !!

සුබසාධක ප්‍රතිලාභ ජූලි මස සිට සෘජුවම බැංකු ගිණුමට

සමෘද්ධි බැංකුව ගැන තීරණයක්

ජූලි සිට සමෘද්ධිය අහිමිවන්නේ කාට ද ?

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්