මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා ගේ ඉල්ලා අස්වීම සහ ශ්‍රී ලංකාවෙන් නික්ම යෑම මෙරට අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතුකරන බව 'ජුරිස්ට්' වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත.

විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය බ්‍රහස්ත්පතින්දා අන්තර්ජාලයේ සංසරණය වූ බව ජුරිස්ට් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එහිදී මරණ තර්ජන සහ වෘත්තීය ජිවිතයට අධික පීඩනයක් එල්ල වීම හේතුවෙන් තමන් දරණ සියලුම විනිසුරු පදවි වලින් ඉල්ලා අස්වන බව අධිකරණ සේවා කොමිෂන් සභාවට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියේ විනිසුරුවරයා සඳහන් කර තිබූ බව එම වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී පසුගිය මාසයේ 21 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ඔහුගේ කාර්යාලයට තමා කැඳවා කුරුන්තූර්මලෙයි නඩුව සම්බන්ධයෙන් ලබා දී ඇති නියෝගය වෙනස් කරන ලෙස බලපෑම් කළ බව ටී.සරවනරාජා චෝදනා කර සිටි බව ජුරිස්ට් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එසේම මහජන ආරක්ෂාව සම්බන්ධව හිටපු අමාත්‍යවරයකුගෙන් මෙන්ම ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන් ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වූවේ යැයිද ටී.සරවනරාජා සඳහන් කළ බව එම වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

ඔහුට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව අඩු කිරීමට නිලධාරීන් කටයුතු කළ බවත් බුද්ධි අංශ නිලධාරීන් නිරන්තරයෙන් ඔහුව නිරීක්ෂණයට ලක් කර බවත් ටී.සරවනරාජා වැඩි දුරටත් චෝදනා කළ බව ජුරිස්ට් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

 
නීතිඥ සංගමය පරීක්ෂණයක් ඉල්ලයි


මුලතිව් මහේස්ත්‍රාත්වරයාට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව සිය කනස්සල්ල පල කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය එ පිළිබඳ පූර්ණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නයි රජයෙන් ඉල්ලා සිටි.


 නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට ඇප කැප වී සිටින අධිකරණ සේවකයන්, විනිසුරුවරුන්ට බියෙන් සැකෙන් තොරව සිය රාජකාරිය කිරීමට හැකි පරිසරයක් තිබිය යුතු බව තරයේ විශ්වාස කරන්නේ යැයි සඳහන් කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය මුලතිව් මහේස්ත්‍රාත්වරයාට එල්ල වී ඇතැයි කියන තර්ජනයෙ සත්‍යතාව පිළිබඳ තහවුරු කරගැනීම ඉතා වැදගත් බවද අවධාරණය කොට සිටි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න සහ එහි ලේකම් ඉසුරු බාලපටබැඳි ගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියක එසේ සඳහන් කොට ඇත.

අධිකරණයේ ස්වාධීනත්වයට හානි පමුණුවන මෙවන් සිද්ධීන් හේතුවෙන් නීතිය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය පළුදු කරන බවද මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීමේ සිද්ධිය හේතුවෙන් අධිකරණ නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්න මතුවන බවද පෙන්වා දෙන ශ්‍රී ලංකා නීති නීතිඥ සංගමය අධිකරණ නිලධාරීන් සහ විනිසුරුවරුන්ට එල්ලවන ඕනෑම ආකාරයක තර්ජනයක්, ප්‍රචණ්ඩත්වයක්, පිළිකුලෙන් යුතුව දැඩිව හෙළා දකින බව ද සඳහන් කොට ඇත.

නීතියේ ආධිපත්‍ය මෙන්ම ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරන නීතිඥ සංගමය මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලා සිටි.
 


මුලතිව් මහේස්ත්‍රාත් ඉල්ලා අස්වීම ගැන ජනපති අණින් පරීක්ෂණ


මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධ පැමිණිල්ල විභාග කරමින් සිටින මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මරණ තර්ජන ඇති බව කියමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති වික්‍රමසිංහ විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දී ඇත්තේ තමන්ට තර්ජනයක් ඇති බවට මහේස්ත්‍රාත්වරයා මීට පෙර කිසිදු අවස්ථාවක පොලීසියට හෝ අධිකරණ සේවා කොමිසමට දැනුම් දී නොතිබීම නිසාවෙනි.

එම නිසා මෙම සිද්ධියේ සුල මුල ගැන වහාම සොයා බලන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.


(මුලාශ්‍රය - lankadeepa.lk)


සබැඳි පුවත් :

මුලතිව් මහේස්ත්‍රාත් ඉල්ලා අස්වීම ගැන ජනපති අණින් පරීක්ෂණ
 

දිසා විනිසුරු සරවනරාජාගේ අවාසනාවන්ත පෞද්ගලික තීන්දුව නීතිය හා යුක්තිය පිළිබඳ ප්‍රශ්නයට ලඝු නොකළ යුතුයි -(කුසල් පෙරේරා)

මරණ තර්ජන හමුවේ කුරුන්තුර්මලේ නඩු ඇසු විනිසුරු සේවය හැරයයිමරණ තර්ජන හමුවේ කුරුන්තුර්මලේ නඩු ඇසු විනිසුරු සේවය හැරයයි

විනිසුරුගේ දෙමළ කම හෙලා දුටු සරත් වීරසේකරට උතුරේ විරෝධ


'අන්තවාදී දේශපාලන පක්ෂයක්' ගැන ආරක්ෂක රාජ්‍ය ඇමැති අනතුරු අඟවයි

කොළඹ ඉන්න මන්ත්‍රීවරු වන්නි යන්නේ 'ජාතිවාදය අවුස්සන්නයි'

ලිබරල් ජනාධිපති සිංහල බෞද්ධ භික්ෂු බලපෑමට යට වන බවට බියක්

ජනපතිගේ ‘ඉතිහාස පන්තියට’ මුල්තැන දී යටපත් වුනු උතුරු නැගෙනහිර ඉඩම් කොල්ලය

මුලතිව් විනිසුරුට අපහාස කළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීට එරෙහිව විරෝධතා

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්