මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධ පැමිණිල්ල විභාග කරමින් සිටින මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මරණ තර්ජන ඇති බව කියමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස

ජනාධිපති වික්‍රමසිංහ විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දී ඇත්තේ තමන්ට තර්ජනයක් ඇති බවට මහේස්ත්‍රාත්වරයා මීට පෙර කිසිදු අවස්ථාවක පොලීසියට හෝ අධිකරණ සේවා කොමිසමට දැනුම් දී නොතිබීම නිසාවෙනි.

එම නිසා මෙම සිද්ධියේ සුල මුල ගැන වහාම සොයා බලන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක සිද්ධිය ගැන අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් සමඟ සාකච්ඡා කර ඇති අතර එහිදි හෙලිවී ඇත්තේ මහේස්ත්‍රාත්වරයා මරණ තර්ජන ගැන මීට පෙර කිසිදු පැමිණිල්ලක් කර නොමැති බවය.

මහේස්ත්‍රාත්වරයා ඉකුත් 24 දා විදේශගතව ඇත්තේ සැප්තැම්බර්  23 දා තම අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරමිනි.

මහේස්ත්‍රාත්වරයා නීතිපති සම්බන්ධයෙන් කර ඇති චෝදනාව ගැන ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාගෙන් විමසා ඇති අතර එහිදී  නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ මහේස්ත්‍රාත්වරයා වග උත්තරකරුවකු කරමින් අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුවක් වෙනුවෙන් පෙනී සිටින ලෙස අධිකරණ සේවා කොමිසම හරහා කළ ඉල්ලීමක්ට අනුව සිය නිල මැදිරියේදී ඔහු සමඟ සාකච්ඡා කළ බවයි.

(lankadeepa.lk)


සබැඳි පුවත් :

දිසා විනිසුරු සරවනරාජාගේ අවාසනාවන්ත පෞද්ගලික තීන්දුව නීතිය හා යුක්තිය පිළිබඳ ප්‍රශ්නයට ලඝු නොකළ යුතුයි -(කුසල් පෙරේරා)

මරණ තර්ජන හමුවේ කුරුන්තුර්මලේ නඩු ඇසු විනිසුරු සේවය හැරයයිමරණ තර්ජන හමුවේ කුරුන්තුර්මලේ නඩු ඇසු විනිසුරු සේවය හැරයයි

විනිසුරුගේ දෙමළ කම හෙලා දුටු සරත් වීරසේකරට උතුරේ විරෝධ


'අන්තවාදී දේශපාලන පක්ෂයක්' ගැන ආරක්ෂක රාජ්‍ය ඇමැති අනතුරු අඟවයි

කොළඹ ඉන්න මන්ත්‍රීවරු වන්නි යන්නේ 'ජාතිවාදය අවුස්සන්නයි'

ලිබරල් ජනාධිපති සිංහල බෞද්ධ භික්ෂු බලපෑමට යට වන බවට බියක්

ජනපතිගේ ‘ඉතිහාස පන්තියට’ මුල්තැන දී යටපත් වුනු උතුරු නැගෙනහිර ඉඩම් කොල්ලය

මුලතිව් විනිසුරුට අපහාස කළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීට එරෙහිව විරෝධතා

කුරුන්තුර්මලේ අලුත් ඉදිකිරීම් ගැන පුරාවිද්‍යා ලොක්කාට උසාවියෙන් ප්‍රශ්න  

කුරුන්තුර්මලේ පුද පුජා සඳහා හින්දුන්ට කොන්දේසි පැනවේ !

 කුරුන්තුර්මලේ පුරාවිදු බිමේ හින්දු වතාවත්වලට තහනමක් නෑ

ආගමික ඇදහිල්ලට බාධා කළ පොලිසියට විරුද්ධව ‘පියවර ගන්නවා’ - ජනපති

සිව දේවාලයක පුද පූජාවලට එරෙහි පොලිස් ප්‍රචණ්ඩත්වය ගැන පැමිණිලි


‘මේක බෞද්ධ රටක්’ බව උසාවියට කියා දීමට ගිය රියර් අද්මිරාල්ට නීතිඥ විරෝධය

'අන්තවාදී දේශපාලන පක්ෂයක්' ගැන ආරක්ෂක රාජ්‍ය ඇමැති අනතුරු අඟවයි

කොළඹ ඉන්න මන්ත්‍රීවරු වන්නි යන්නේ 'ජාතිවාදය අවුස්සන්නයි'

ලිබරල් ජනාධිපති සිංහල බෞද්ධ භික්ෂු බලපෑමට යට වන බවට බියක්

ජනපතිගේ ‘ඉතිහාස පන්තියට’ මුල්තැන දී යටපත් වුනු උතුරු නැගෙනහිර ඉඩම් කොල්ලය

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්