මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා සේවයෙන් ඉවත්වී රට හැර යෑම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් රහස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර ඇත.

විවිධ බලපෑම හේතුවෙන් තමා සේවයෙන් ඉවත්ව යන බව මුලතිව් දිස්ත්‍රික් විනිසුරුවරයා පසුගියදා ප්‍රකාශ කළේය .

ඔහු මේ වනවිට කැනඩාවට ගොස් සිටින බව වාර්තා වේ.

නීතිඥ සංගමයේ ඉල්ලීමක් 

මුලතිව් මහේස්ත්‍රාත්වරයාට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව සිය කනස්සල්ල පල කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය එ පිළිබඳ පූර්ණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නයි රජයෙන් ඉල්ලා තිබිණ. 

 

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට ඇප කැප වී සිටින අධිකරණ සේවකයන්, විනිසුරුවරුන්ට බියෙන් සැකෙන් තොරව සිය රාජකාරිය කිරීමට හැකි පරිසරයක් තිබිය යුතු බව තරයේ විශ්වාස කරන්නේ යැයි සඳහන් කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය මුලතිව් මහේස්ත්‍රාත්වරයාට එල්ල වී ඇතැයි කියන තර්ජනයෙ සත්‍යතාව පිළිබඳ තහවුරු කරගැනීම ඉතා වැදගත් බවද අවධාරණය කොට සිටි.

 

මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා ගේ ඉල්ලා අස්වීම සහ ශ්‍රී ලංකාවෙන් නික්ම යෑම මෙරට අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතුකරන බව 'ජුරිස්ට්' වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත.

විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය බ්‍රහස්ත්පතින්දා අන්තර්ජාලයේ සංසරණය වූ බව ජුරිස්ට් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. 

එහිදී මරණ තර්ජන සහ වෘත්තීය ජිවිතයට අධික පීඩනයක් එල්ල වීම හේතුවෙන් තමන් දරණ සියලුම විනිසුරු පදවි වලින් ඉල්ලා අස්වන බව අධිකරණ සේවා කොමිෂන් සභාවට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියේ විනිසුරුවරයා සඳහන් කර තිබූ බව එම වෙබ් අඩවිය පෙන්වා දී ඇත.


සබැඳි පුවත් :

මුලතිව් විනිසුරුගේ ඉල්ලා අස්වීම විදෙස් මාධ්‍ය අවධානයට 

මුලතිව් මහේස්ත්‍රාත් ඉල්ලා අස්වීම ගැන ජනපති අණින් පරීක්ෂණ

දිසා විනිසුරු සරවනරාජාගේ අවාසනාවන්ත පෞද්ගලික තීන්දුව නීතිය හා යුක්තිය පිළිබඳ ප්‍රශ්නයට ලඝු නොකළ යුතුයි -(කුසල් පෙරේරා)

මරණ තර්ජන හමුවේ කුරුන්තුර්මලේ නඩු ඇසු විනිසුරු සේවය හැරයයිමරණ තර්ජන හමුවේ කුරුන්තුර්මලේ නඩු ඇසු විනිසුරු සේවය හැරයයි

විනිසුරුගේ දෙමළ කම හෙලා දුටු සරත් වීරසේකරට උතුරේ විරෝධය

මුලතිව් විනිසුරුට අපහාස කළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීට එරෙහිව විරෝධතා


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්