ඖෂධ නියාමන අධිකාරියේ සිදු වූ අක්‍රමිකතාවලට ප්‍රධානතම හේතුව වන්නේ, එහි දත්ත ගබඩාව මකා දැමීම බව සෞඛ්‍ය වෘත්තියවේදීන් ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් අවධාරණය කර සිටියි.

එසේ දත්ත ගබඩාව මකා දැමීම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්ව නැවත වතාවක් තනතුරු සඳහා පත් කිරීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරමින් සිටින බව ඔහු ඊයේ (29) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය.

ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

'' ඖෂධ නියාමන අධිකාරියේ ඇත්ත හොරකම හෙළි වෙන පළමු වැනි තැන තමයි මේ දත්ත මකපු තැන. රජයේ අවධානය යොමු වෙලා තියෙනවාලු ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයාව අයින් කරන්න. සභාපති ඉවත් කරන්න. ඒ ගොල්ලන් ව අයින් කරලා දත්ත සොරකම සම්බන්ධයෙන් ඒ කාලයේ වගකිව යුතු පාර්ශ්ව නැවත වතාවක් මේකේ බලයට පත්කිරීමට. එකත් කුමන්ත්‍රණයක්. අපි විශ්වාස කරනවා ඒගොල්ලෝ ආය එන්නේ මේ නඩුවට කලින් මේ නඩුවේ තියෙන කතාන්දරය යටපත් කරන්න."

ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකල ද?  ඖෂධ හිඟයක් ද? මාෆියාවක් ද?

PHOTO 2023 10 30 10 18 06PHOTO 2023 10 30 10 18 06 2



අධ්‍යක්ෂ මණ්ඩලයේ සංශෝධනයක් අත ළඟ !

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සංශෝධනයක් සිදුකිරීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, අදාල සංශෝධන ඉදිරි දින කිහිපයේ සිදුවනු ඇති බවයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම, ගුණාත්මක බවින් තොර ඖෂධ භාවිතය, දත්ත මැකීයාම වැනි සිද්ධීන් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියට පාර්ශ්ව රැසක් චෝදනා එල්ල කළේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ පත් කිරීමට පසුගියදා කටයුතු කළේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එවැනි අර්බුදකාරී තත්ත්වයක් පවතින පසුබිමකයි.

සබැඳි පුවත් :


ඖෂධ නියාමන අධිකාරිය බේරා ගන්න කළ අරගලය කුමන්ත්‍රණයකට හසුවෙලා !

ඉමියුනෝග්ලොබියුලින් මගඩිය : අමාත්‍යංශයේ වරද ඖෂධ නියාමන අධිකාරියේ සභාපති පිට පැටවීමේ සුදානමක් !

ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකල ද?  ඖෂධ හිඟයක් ද? මාෆියාවක් ද?

ව්‍යාජ ලේඛන සකස් කොට ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට බෙදාහැරී අය නිදැල්ලේ !

කුඨ ලේඛන සකසා අති සංවේදී ඖෂධයක් රෝහල්වලට දැමීම සම්බන්ධව CID විමර්ශන ඇරඹේ

රෝගීන්ගේ ජිවිත අනතුරේ ! - කූට ලේඛන සකස් කොට අති සංවේදී ඖෂධයක් රෝහල්වලට දාලා !

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ නිලධාරීන් අත්අඩංගුවට ගන්න නියෝගයක්

ගැටලුකාරී ඖෂධ සමාගමේ ඇණවුම් සහ ගෙවීම් අවලංගු කරයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්