ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධුර‍ය අහෝසි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

 

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුපාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය 2024 මැයි 08 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අහෝසි වීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු, මහ ලේකම් කුෂානි රෝහණධීර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදුකර තිබේ.

ඩයනාට රටින් පිටවීම තහනම්

මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළේය.

අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ එම නියෝගය නිකුත් කරනු ලැබීය. 

එම නියෝගය පිටපත් ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කරන ලෙසත් නියෝග කෙරුණි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්