ඩයනා ගමගේ ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ

මුජිබර් රහුමාන් ව නම් කළ බවට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධුර‍ය අහෝසි විය.

ඒ අනුව පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මුජිබර් රහුමාන් ව නම් කරන බව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබුණි.

mujiber
සියල්ල අවසානයේ ඩයනා කළ හෙළිදරව්ව

පාර්ලිමේන්තු අසුන අහිමි වූ ඩයනා ගමගේ  අද (09) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ ට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) තීන්දු කළේය.

මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

එවන් පසුබිමක මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඩයනා ගමගේ  මෙසේ පැවසුවාය.

"මගේ දේශපාලනය මෙතැනින් නවතින්නේ නැහැ. වැඩිකල් යන්න කලින් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ඉදිරි දේශපාලනයට මම අනිවාර්යයෙන්ම එනවා."

"ජනාධිපතිතුමාගේ සහයෝගයට මම හැමදාම ඉන්නවා. කොටලුවෝ හැංගෙච්ච වෙලාවේ රනිල් වික්‍රමසිංහ තමයි මේ රට භාර ගත්තේ."

"මේ තීරණය එහෙම නම් ඒ පක්ෂයත් අවලංගුයි. මොකද ඒ පක්ෂය පැවරුවේ මගේ අත්සනින්. ඒක ඇතුලේ අර්බුද ගොඩක් තියෙනවා. ඒවා මම ඉදිරියේදී කියන්නම්."

"ප්‍රශ්නයක් තියෙනවා නම් සජබයේ මාව තියාගත්තේ ඇයි. මගේ තියෙන්නේ දකුණේ ලේ. මගේ තාත්තා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් දීගෙට ගත්තා. ඒක මගේ වරද නෙමෙයි. ඒක හොඳයි. මම කැමතියි."

"මේ රටේ කාන්තාවන්ට මං වගේ චරිතයක් නැවත ඕනේ නම්... මං නැවත පාර්ලිමේන්තුවට එයි"

තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ අධිකරණමය ක්‍රියාමාර්ගය දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවද ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. 

 


 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්