ඇමෙරිකාවේ ස්ථාපිත විදෙස් තානාපති කාර්යාල රටේ සංස්කෘතිය හා ජීවන පසුබිම විදහාපාන "පාස්පෝට් DC 2024" සදහා මෙවර 5037ක

වාර්තාගත ජනතාවක් ආකර්ශනය කර ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්වූ බව "පාස්පෝට් DC වැඩසටහන" නිළ ලෙස ප්‍රකාශ කළේය.

යුරෝපයේ නොවන රටවල උළෙල 04දා පැවැති අතර එම රටවල් 55ක තානාපති කාර්යාල අතර ප්‍රමුඛ ස්ථානයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවට ඇමෙරිකානු මාධ්‍ය  පළකොට තිබේ.

පැමිණි පිරිසට ලංකාවේ රස කැවිලි උණුසුම් හා සීතකල තේ ද පිටවන විට රසකැවිලි හා තේ පාර්සලද ලබාදුන්හ. "ග්‍රොසරි ලංකා" ඇතුළු පෞද්ගලික අංශය මගින් ලංකාවේ නිෂ්පාදිත බිස්කට් කුරුදු හා පාන වර්ග ද ලබා දුන්හ.

තවද කොත්තුආප්ප හා කෙටිආහාර ලබාගැනීමේ හා ලංකාවේ සංචාරය සදහා විස්තර ලබා ගැනීමේ පහසුකම් ද සපයා තිබිණ.

බහු සංස්කෘතික කලා අංග බෙර වාදන සමග සළු පාලියට අදාළ යකෙකු ද සිටි අතර යකා සමග හා සරම හා ඔසරි ඇඳ ඡායාරූප ගැනීමට ද ඇමෙරිකානුවන් දැක්වූ උනන්දුව කැපී පෙණින.

ඉන්දික අත්තනායක, චතුරි කලුආරච්චි, අචිලා හා නන්දනී ගේ මෙහෙයවීමෙන් කලා අංග ඉදිරිපත් කෙරිණ.

තවද කුටිල ප්‍රමුඛ සෙරන්ඩිබ් කණ්ඩායමේ සංගීතය හා ඩී. අයි. සේනාරත්නගේ සැක්සපෝන් වාදන උත්සවය වර්ණවත් කළේය.

ලංකාවේ පරිසරය හා ජීවන පසුබිම එළිදැක්වූ සූර්යා පෙරේරා. ශාන්ත වීරසිංහ. හිරන්ති ද සිල්වා, ලක්ෂිත කරුණාරත්න හා සංජය වර්ණසූරියගේ ඡායාරූප ද ජනතා ආකර්ෂනයට ලක්වූහ.

තානාපති මහින්ද සමරසිංහ ඇතුළු නිළධාරීන් උත්සවය සංවිධානය කල අතර සංචාරක මණ්ඩලය ඊට අනුග්‍රහය දැක්වූහ.

SL එසෝෂියේෂන් වොෂි: DC, ලංකා කලා පදනම, අපේ කට්ටිය, SL රංග කලාකවය, බෙතෙස්ඩා අපි, Hospitels ser: cou:Greater Washington සංවිධාන වල සහාය ද ලැබිණ.

"විශාල ජනතාවක් පැමිණීමෙන් ලංකාවේ ප්‍රතිරූපය ඉහළ යනවා. තේ ඇගළුම් කුළුබඩු ඇතුළු අපේ නිෂ්පාදන වලට ඇමෙරිකාව තුළ ඇති වෙළෙද පොළ ද ලංකාවට යන ඇමෙරිකානු සංචාරකයන් සංඛ්‍යාව ද  ඉහළ යනවා. මේසදහා කැපවූ තානාපතිනිලධාරීන් හා සේවකයන් ගේ කැපවීමහා ස්වේච්ඡා සේවය ලබාදුන් සංවිධාන 06 අගයනවා" තානාපති සමරසිංහ පැවසීය.

(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)


amarica2

 

amarica3

 

amarica4

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්