උතුරු නැගෙනහිර දෙපළාතේ දේශපාලන ක්‍රියාකාරීන්ට එරෙහිව ත්‍රස්ත පොලිසිය දිගින් දිගටම විමර්ශන හා තර්ජන කරමින් දෙමළ ජනයාගේ

සාමාන්‍ය ජන ජීවිතය විනාශ කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කරන බවට විපක්ෂයේ නායකයකු අනතුරු අඟවා තිබේ.

මෙම අඩන්තේට්ටම් අත්හිටුවන ලෙස ඉල්ලා ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) නායකයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ගතවූ තුන් මාසය තුල පමණක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය (CTID) විසින් කැඳවනු ලැබූ දෙමළ හත් දෙනකු පිළිබඳ විස්තරද ලබා දෙමිනි. 

 

ශිවඥානම් ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා විසින් ජුනි 4 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමු කරන ලද ලිපිය එදිනම පාර්ලිමේන්තුවේද සභා ගත කරන ලදී.

 

* ලිපිය ලියන ලද දිනයේත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභික කරුපයියා ජෙයකුමාර් කිලිනොච්චි (CTID) කාර්යාලයට කැඳවා ප්‍රශ්න කර තිබේ.

* ITAK නායකයා ජනාධිපතිට දන්වා ඇති පරිදි ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් වීරබාහු විජයකුමාර් 2024 පෙබරවාරි 14 සහ 2024 මැයි 31 යන දෙදින තුළ කිලිනොච්චියේ පිහිටි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) වෙත කැදවා ප්‍රශ්න කිරීමට ලක් කර ඇත.

* කරච්චි ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ෂන්මුගරාජා ජීවරාජා 2024 අප්‍රේල් .4 වැනිදා ප්‍රශ්න කිරීමට ලක් කර ඇත්තේ කොළඹ පිහිටි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයයේ මුලස්ථානය වෙත කැදවීමෙනි.

* කිලිනොච්ච් දිස්ත්‍රික්කයේ පදිංචිකරුවකු වන දීපචෙල්වන් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට ලේඛක බාලේන්ද්‍රන් ප්‍රදීපන් 2024 අප්‍රේල් 11 වැනිදා කිලිනොච්චියේ පිහිටි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය වෙත කැදවා විමර්ශන කර තිබු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

* පුනගරී ප්‍රදේශිය සභාවේ හිටපු සභාපති සිවකුමාරන් ශ්‍රී රංජන් 2024 අප්‍රේල් 20 වැනිදාත් කරච්චි ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අරුනාචලම් වේළමාලිගිදන් 2024 අප්‍රේල්  26 වැනිදාත් කිලිනොච්චියේ පිහිටි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය වෙත කැදවා විමර්ශන කර තිබු බවත්  ශිවඥානම් ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇත.

* එම ලිපියේ තවදුරටත් සඳහන්ව ඇත්තේ  පුනගරී ප්‍රදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ජෙයචිත්‍රා දයානන්දන් 2024 මැයි 27 කොළඹ (CTID) කාර්යාලයේදී ප්‍රශ්න කිරීමට ලක්වූ බවයි.

* මීට අමතරව 2024.03.26 දින කොළඹ පිහිටි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට (CTID) කැදවිමෙන් පසු අත්අඩංගුවට ගත් වව්නියාවේ, තෝනිකල් පදිංචිකරුවකු වන සෙල්වනායගම් ආනන්දවර්නන් මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින බවද මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සදහන්ය.

එහි තවදුරටත් සදහන්ව ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩ නැගීමට උත්සාහ දරන බවට චෝදනා නගා මාර්තු මාසයේ දී  අත්අඩංගුවට ගත් ඔහු එල්.ටී.ටී.ඊ සාමාජිකයකුව සිටියදී 2009 වසරේ අත්අඩංගුවට ගෙන 2017 වසරේදී නිදහස් කරන ලද අයෙක් බවයි.

ඔහු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ දරුවන්ගේ සහ පවුල් වල සාමාජිකයන්ගේ අධ්‍යාපනය සහ අනාගතය වෙනුවෙන් සුබ සාධන කටයුතු කරමින් සිටි අයෙක් බවද එහි සදහන්ව තිබේ.

* ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමේදී මීට වසරකට පෙර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන මේ වන විට වැලිකඩ බන්ධනාගරයේ රදවා සිටින ත්‍රිකුණාමලයේ මුතුර්හි පදිංචිකරුවෙකු වන එස්. සුදාකරන් සම්බන්ධයෙන්ද දෙමළ ජනතා නියෝජිතයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සදහන්ව ඇත.

 

මෙවැනි ආකාරයෙන් සිදු කරන අත්අඩංගුවට ගැනීම් සහ ත්‍රස්ත පොලිස් විමර්ශන නතර කරන ලෙස ඉල්ලමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) නායක ශිවඥානම් ශ්‍රී ධරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමු කළ ලිපියේ තවදුරටත් සදහන්ව ඇත්තේ උතුරේ දේශපාලන ක්‍රියාධරයන්ට සිදු කරන අඩම්තේට්ටම් ජනාධිපතියරයාගේ රජය සම්බන්ධයෙන් අසාරවාදී මතයක් ඇති කිරීමට හේතු වී ඇති බවයි.

 

"උතුරු නැගෙනහිර දෙමළ ජාතික වේදිකාවල ක්‍රියාත්මක වන බොහෝ ක්‍රියාකාරීන්ගේ සමාජ සහ දේශපාලන කටයුතු වලට තර්ජනය හා අඩම්තේට්ටම්  වන ආකාරයෙන් ගෙන යන විමර්ශන සහ අත්අඩංගුවට ගැනීම් පුළුල්ව ක්‍රියාත්මක වීම ඔබේ රජය සම්බන්ධයෙන් සෘනාත්මක මතයක් ඇති කර ඇති මොහොතේ වත්මන් සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි."

ඔවුන් නිදහස් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් මන්ත්‍රීවරයා සිය ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි.

"ඔවුන් නිදහස් කිරීම කඩිනම් කර අපේ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය විනාශ කිරීමට සිදු කරන විමර්ශන සහ තර්ජන නතර කරන ලෙස මම ඉල්ලා සිටිනවා."

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්