මාර්තු මස මැද භාගයේ සිට මේ දක්වා, මැදපෙරදිග රටවල සේවය කල ශ්‍රී ලාංකික කම්කරුවන් 23 දෙනෙකු කොවිඩ්-19 ආසාදනයෙන්

මියගොස් ඇතිබව වාර්තාවී ඇතැයි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය සතියේ ප්‍රකාශ කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඩුබායිහි දී 7 ක්, අබුඩාබිහි දී 1 ක්, කුවේට්හි දී 7 ක්, සෞදි අරාබියේ දී 6 ක් සහ ඕමානයේ දී 2 ක් මෙලෙස මියගිය බව කාර්යාංශය පවසයි.

වසංගතය හේතුවෙන් පෙබරවාරි මාසයේ ඉහත රටවල් වසා දැමීමත් සමග, ඒවායේ සේවයේ නියුතුව සිටි විදේශීය කම්කරුවන් ගෙන් බොහෝ දෙනෙකුට රැකියා, වැටුප් සහ නවාතැන් අහිමිව ඉතා අසරන තත්වයට ඇදවැටී ඇත.

ඔවුන්ගෙන් බහුතරය, දකුනු ආසියානු කලාපයට අයත්, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ආදී රටවලින් සංක්‍රමනයවූවෝ වෙති.

Migrants

එම කම්කරුවන් මුහුනදී සිටින ඛේදජනක තත්වය සම්බන්ධයෙන්, ඔවුන් රැකියාවේ යොදවා සිටි හාම්පුතුන්, එකී මැදපෙරදිග රටවල පාලකයන් සහ ඔවුනගේ මවුරටවල ආන්ඩු යන ත්‍රෛපාර්ශ්වය සම්පූර්නයෙන්ම වගකිව යුතු ය.  

එම ත්‍රිත්වය මෙකී කම්කරුවන් මුලුමනින්ම නොතකා හැර සිටින තතු තුල, පසුගිය මාස කීපය පුරා ඔවුන්ගෙන් බහුතරයකට රැකවරනය ලබා දෙනුයේ මෙතෙක් නවාතැන් අහිමි නොවූ අනෙකුත් සහෝදර සංක්‍රමනික කම්කරුවන් විසිනි. එසේ වාසස්ථාන සොයාගත නොහැකිවූ කම්කරුවෝ දසදහස් ගනනක්, රථගාල් ආදී ප්‍රසිද්ධ ස්ථානයන් හි රැඳී සිටින්නේ මූලික පහසුකම් පවා නොමැතිවය.

කායික දුරස්ථකරනය ආදී සෞඛ්‍ය ආරක්ෂන ක්‍රමවේදයන් කිසිසේත් අනුගමනය කල නොහැකි මෙම ජනාකීර්න නවාතැන්, වසංගතයේ තෝතැනි බවට පත්ව ඇත. වාර්තාවන ඛේදනීය මරන එහි සෘජු ප්‍රතිඵලයන් ය.

 

රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධී නොතැකීමේ ප්‍රතිඵලයක්!

ආසාදිතයන් හඳුනා ගැනීමේ ප්‍රමානවත් පරීක්ෂන සහ නිසි ප්‍රතිකාර නොමැතිව, තමා මුහුන දී සිටින මෙම බලගතු ජීවිත  අවදානම පිලිබඳව අවධාරනය කරමින්, හැකි ඉක්මනින් තම රටට ගෙන්වා ගන්නා ලෙස මෙම කම්කරුවන් සහ ඔවුනගේ පවුල්වල සාමාජිකයන් අදාල ආන්ඩු වලින් යලියලිත් ඉල්ලා සිටිය ද, ප්‍රතිචාරය වී ඇත්තේ, ඔවුන් මරනයට අත්හැර දැමීමයි.

මෙම සාපරාධී ආන්ඩු අතරින්  ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ආන්ඩුව කැපී පෙනෙයි. ආන්ඩුවේ නොතැකීම කෙතෙක් ද යත්, මින් සමහර රටවල ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල පවා අගුලු ලා වසා දැමීමට පියවර ගෙන තිබුනේ අවතැන් වූ කම්කරුවන් ට තම ප්‍රශ්න සහ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට තිබූ ප්‍රධානතම මාර්ගය කපා හරිමිනි.

 මෙයට විරෝධය දක්වමින්, කුවේටයේ සංක්‍රමනික ශ්‍රී ලාංකික කම්කරුවෝ සිය ගනනක්, ඔවුන් වහාම ලංකාවට ගෙනයන ලෙස ඉල්ලමින්, අප්‍රේල් 21 දා, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැටලූහ.

Kuwait

මැයි 21 දා, කුවේට් පාලකයන් විසින්, කම්කරුවන් 462 ක් සිය වියදමින් ශ්‍රී ලංකාවට එවූ අතර, ඔවුන් අතරින් සියයට අධික සංඛ්‍යාවක් වසංගතය ආසාදිතයන් වූ බව පරීක්ෂන මගින් හෙලිවිය. ඒ අනුව, විදේශයන් හි අතරමංව සිටින අනෙකුත් කම්කරුවන් ගෙන්වා ගතහොත්, නිරෝධායනය ඇතුලු සෞඛ්‍ය පහසුකම් දැවැන්ත පරිමානව ඉහල දැමියයුතු වෙතැයි ගනන් බැලූ ආන්ඩුව, අවශේෂ කම්කරුවන් ගෙන්වා ගැනීම සාපරාධී ලෙස අත්හැර දැමීය.  

මෙයට එරෙහිව, එම සංක්‍රමනික කම්කරුවන්ගේ සහ ඔවුනගේ පවුල්වල සාමාජිකයන්ගේ විරෝධය බලගු ආකාරයෙන් වර්ධනය වෙද්දී පවා රාජපක්ෂ ආන්ඩුව එම සාපරාධී පිලිවෙත දිගටම පවත්වාගෙන යයි.

ජුනි 10 දා මාධ්‍යය අමතමින්, විදේශ සබඳතා පිලිබඳ අතිරේක ජනාධිපති ලේකම්, අද්මිරාල් ජයන්ත කොලඹගේ  ප්‍රකාශකලේ, විදේශයන්හි අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු  කැඳවා ගැනීමේ ආන්ඩුවේ ක්‍රියා පටිපාටිය අනුව “ප්‍රමුඛස්ථානය  ලැබෙන්නේ සිසුන්ට මිස විගමනික කම්කරුවන්ට නො වන” බව යි.

ජුනි 10 දා මාධ්‍යය අමතමින්, විදේශ සබඳතා පිලිබඳ අතිරේක ජනාධිපති ලේකම්, අද්මිරාල් ජයන්ත කොලඹගේ  ප්‍රකාශකලේ, විදේශයන්හි අතර මං ව සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු  කැඳවා ගැනීමේ ආන්ඩුවේ ක්‍රියා පටිපාටිය අනුව “ප්‍රමුඛස්ථානය  ලැබෙන්නේ සිසුන්ට මිස විගමනික කම්කරුවන්ට නො වන” බව යි.

“මැද පෙරදිග රටවල සිට තවත් ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන ආව හොත්, ආසාදිත රෝගීන් ගනන ඉහල යාමේ හැකියාව තිබෙනවා” යැයි, කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මැයි 27 දා මාධ්‍යයට ප්‍රකාශ කලේ ය.

එදින වන විට, දිවයිනට ඒමට අපේක්ෂාවෙන් රටවල් 123 ක සිටි ශ්‍රී ලාංකික කම්කරුවන් සංඛ්‍යාව 34,881 කි. ඉන් 20, 893 ක් මැදපෙරදිග රටවල සේවයේ නියුතුව සිටි කම්කරුවෝ වෙති.

 

තුච්ඡ නොතැකීම වඩාත්ම නග්න ආකාරයෙන්....

මෙම තුච්ඡ නොතැකීම වඩාත්ම නග්න ආකාරයෙන් ප්‍රදර්ශනය වූයේ ආන්ඩුවේ හිටපු ඇමතිවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ කල ප්‍රකාශයකිනි. දෙරන රූපවාහිනියේ සාකච්ඡාවකට සහභාගි වූ අලුත්ගමගේ, එම කම්කරුවන්ට අවමන් කරමින් ඔවුන් කොරෝනා ආසාදිත “බෝම්බ” ලෙස නම් කලේ ය.

දෙරන රූපවාහිනියේ සාකච්ඡාවකට සහභාගි වූ අලුත්ගමගේ, එම කම්කරුවන්ට අවමන් කරමින් ඔවුන් කොරෝනා ආසාදිත “බෝම්බ” ලෙස නම් කලේ ය.

විදේශයන් හි රැකියාවේ යෙදෙන ශ්‍රී ලාංකික කම්කරු සංඛ්‍යාව මිලියන 1.5 ක් වන අතර, ඉන් මිලියන 1.2 ක් මැදපෙරදිග රටවල සේවයේ යෙදී සිටිති. ඇඟලුම් අපනයනට පසු විශාලතම විදේශ විනිමය උපයන්නේ මෙම සංක්‍රමනික කම්කරුවන්ය.

2018 සහ 2019 දෙවසර තුල ඔවුන් ඉපයූ විදේශ විනිමය පිලිවෙලින් ඇමරිකන් ඩොලර් බිලියන 7.9  සහ 6.7 කි.

තම රටෙහි පවත්නා ඉතා පහල වැටුප් වලට සාපේක්ෂව වඩා හොඳ වැටුපක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම කම්කරුවෝ, බලශක්ති වලින් පොහොසත් මෙම  කලාපයේ රැකියාවන්ට ගොස් සිටිති. ඉදිකිරීම් කම්කරුවන්, ගෘහ සේවිකාවන්, ඉවුම් පිහුම්කරුවන්, හෙදියන්, වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමෙන් උපයන ප්‍රේෂන ඔවුන්ගේ පවුල්වලට ද, රටෙහි ආර්ථිකයට ද ඉමහත් ලෙස උපකාරී වේ.

මෙම ඉපැයුම් හේතුවෙන්,  "රටවිරුවන්” ලෙස නම්කොට උත්කර්ෂයට නැංවූ තමා, කොවිඩ්-19 වසංගතයත් සමග මුලුමනින්ම අත්හැර දැමීම සම්බන්ධයෙන්, සංක්‍රමනික කම්කරුවන්ට රාජපක්ෂ ආන්ඩු‌ව කෙරෙහි ඇත්තේ බලගතු කෝපයකි. එම කෝපය පල කරමින් ඔවුන් නිකුත් කරන විවිධ ප්‍රකාශයන්ගෙන් සමාජ මාධ්‍ය ජාලා පිටාර ගලමින් පවතින අතර, තම සහෝදර කම්කරුවන්ගේ දුක්ඛිත මරන වාර්තාවීමත් සමග, එය උච්ඡ ස්ථානයකට පත්ව ඇත.

 

මරනය සිදුවනතෙක් දින ගනන් කරන ශ්‍රී ලාංකිකයින් ....

ජාඇල සිට කුවේට් හි රැකියාවට ගොස් එහි සිරවී සිටින දෙදරු පියෙකුගේ කෙටි පනිවිඩයක මෙසේ සටහන් වෙයි: "මෙම තීරනාත්මක අවස්ථාවෙහිදී, සංක්‍රමනික සේවකයන්ට ඇත්තේ තානාපති කාර්යාලය පමනක් වන අතර, එයද වසාදමා ඇති තතු තුල අපට මෙහි කිසිවක් කිරීමට ඉතිරිව නෑ. ශ්‍රී ලංකාවේ  නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගොස් මාස ගනනක් වුව නිරෝධායනයට අපි සූදානම්. දිනපතා මෙහි වැඩි වන කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව දෙස බලමින් අපි මරනය සිදුවනතෙක් දින ගනන් කරනවා.”

 

ගෘහ සේවිකාවක් වන සුනේත්‍රා මෙසේ පවසයි:

"කුවේටයේ අසරන කාන්තාවන් දහස් ගනනක් අඩාවැලපෙමින් ඔවුන් බේරා ගන්නා ලෙස ශ්‍රී ලංකා ආන්ඩුවෙන් ඉල්ලා සිටිනවා. කුවේට් රටට පැමිනි ජනතාවගෙන් අඩක් කෝවිඩ් -19 න් දරුනු ලෙස පීඩාවට පත්ව සිටිනවා.”

 

ඩුබායි හි හෝටලයක සේවයේ යෙදී සිටි ප්‍රදීප්කුමාර්, පෙබරවාරි අග තම රැකියාව අහිමි වීමත් සමග, තම ගර්භනී බිරිඳ සමග මහමගට වැටී ඇත. ඔවුන් රැඳී සිටින්නේ රථගාලක බිම් මහලේ ය.

ඔහු බිබීසී පුවත් සේවයට මෙසේ පවසයි:  “මගේ බිරිඳගේ දරු ප්‍රසූතිය සඳහා ගෙවන්න මට මුදල් නෑ. ගුවන් ටිකට් පතක් මිලදී ගන්නත් මුදල් නෑ........දරුගැබට සති 33 ක් වෙනවා. එහෙම තියෙද්දි ගුවන් ගමන් කලොත් එය දරුවාට සහ ඇගේ සෞඛ්‍යයට විශාල අවදානමක් වෙයි කියල වෛද්‍යවරු කියනවා. මට අවශ්‍ය වන්නේ මගේ දරුවා සහ බිරිඳ බේරා ගැනීමටයි.”

රාජපක්ෂ ආන්ඩුව මෙලෙස සාපරාධී ලෙස නොතකා සිටින්නේ මැදපෙරදිග සහ අනෙකුත් විදේශ රටවල සේවය කරන දහස් සංඛ්‍යාත කම්කරුවන්ගේ ජීවිත පමනක් නොවේ. ශ්‍රී ලංකාව තුල වෙසෙන ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ සහ අනෙකුත් පීඩිතයන්ගේ ජීවිත සම්බන්ධයෙන් එහි ප්‍රතිචාරය ඒ හා සමානව සාපරාධී විය.  

(පානි විජේසිරිවර්ධන -wsws.org)

සම්පුර්ණ ලිපිය මෙතනින් කියවන්න

 

සබැඳි පුවත් :

සවුදියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සියදිවි නසාගන්න තත්වයක! 

කුවේට්හි සිටින ශ්‍රී ලාංකියින් පිරිසක් අන්ත අසරණවෙලා! - 'කන්න බොන්නවත් නැහැ' (වීඩියෝ) 

"අතේ සතේ නෑ. උදේට කෑවොත් දවල්ට නෑ" - කුවේට්හි ශ්‍රී ලාංකිකයෝ (වීඩියෝ) 

කොරෝනාසාදිතයන්ට “කුවේට් බෝම්බ” කී මහින්දානන්දට සඟරුවනේ විරෝධය 

'රට විරුවන්' කුවේටයේ අන්ත අසරණ වෙලා! - සජිත්, කුවේට් තානාපති හමුවෙයි (වීඩියෝ)  

නැවත මෙරටට පැමිණීම ගැන සිතා බලන්න - විදේශ ලේකම් එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ට කියයි  

රට තුලට වැඩියෙන්ම රට සල්ලි ගෙනාවේ රටට එපාවූ 'රට විරුවන්' 

ආණ්ඩුව 'රටවිරුවන්' ගෙන්වීම පමා කරමින් වසංගතයට ගොදුරුවීමට ඉඩහරියි!  

ආණ්ඩුව විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අත්හරී! - ජනපතිගේ 'නව යාන්ත්‍රනය' තවමත් නැහැ!! 

මැද පෙරදිග ශ්‍රමිකයන් වෙනුවෙන් යුතුකම් ඉටු නොකරන ආණ්ඩුවට විරෝධය 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්