සුළං බල ව්‍යාපෘතියේ දෙවන අදියර සම්බන්ධව ප්‍රජා අදහස් විමසන ලෙස ඉල්ලා දින 60 කට ආසන්න කාලයක්
දිවා රාත්‍රි සත්‍යග්‍රහයක නිරත වූ මන්නාරමේ ජනතාව වෙත සැප්තැම්බර් 27 වන දින එල්ල කරන ලද කුරිරු පොලිස් මර්දනය යහපත අපේක්ෂා කරන සියළු දෙනා විසින් තරයේ හෙළා දැකිය යුතු යැයි ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතා කමිටුව සඳහන් කරයි.
ඔවුන් මේ බව සඳහන් කරන්නේ එහි ලේකම් ලයනල් බෝපගේ ගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන ආකාරයට මන්නාරම් ප්‍රදේශවාසීන්ට විශේෂ වූ දිගු කාලීන නිෂේධනාත්මක බලපෑම් යථාර්ථයක් විය හැකි වන විට මන්නාරම් ජනතාවගේ සමාජ ශුභ සාධනය සහ ඔවුන්ගේ පරිසර සංරක්ෂණය පිළිබඳව නිසි ලෙස සලකා බැලිය යුතු ය.
ආණ්ඩුවේ කැමැත්ත ජනතාව මත බලහත්කාරයෙන් පැටවීම සහ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අධික පොලිස් බලය යෙදවීම කිසි විටෙකත් විසඳුම විය නොහැකි ය. ඒ වෙනුවට, ඕනෑම තිරසාර සංවර්ධනයකට සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය මඟ පෙන්විය යුතු ය.
ඒ අනුව,
(අ) සාමකාමී ලෙස විරෝධය පෑම අපරාධයක් ලෙස සැලකීම නතර කරන ලෙසත්, පොලිස් කෲරත්වය ගැන ස්වාධීන පරීක්ෂණයක් දියත් කරන ලෙසත්, සහ වැරදි කරුවන් වගකිව යුතු බවට පත් කරන ලෙසත්;
(ආ) සංවර්ධන කටයුතු කිසි විටෙකත් මානව අයිතීන් උල්ලංඝනය නොකල යුතු බැවින්, තිරසාර සංවර්ධනය සඳහා මන්නාරම දූපත් වාසීන්ගේ නීත්‍යානුකූල
ආයාචනයට සවන් දෙන ලෙසත්;
(ඇ) මන්නාරමේ ජනතාව සහ පැවිදි පක්ෂය කෙරෙහි මෙම ව්‍යාපෘතිය ඇති කර තිබෙන දැවැන්ත ආවේගාත්මක බලපෑම වඩා විශාල, දේශපාලනික වශයෙන් මිල අධික වැරැද්දක් බවට පත් වන්නට පෙර ඊට පිළියම් කරන ලෙසත්;
ඔස්ට්‍රේලියානු සහයෝගිතා කමිටුව ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටී.
මතු පළ වන්නේ ඔස්ට්‍රේලියානු සහයෝගිතා කමිටුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය යි.







