20 ලිව්ව කෙනාට වැඩිය ‘සංස්කාරක‘ අවුල් -රෝහිණී කවිරත්න
''20 වන සංශෝධනය කියලා වගන්ති 57 ක් ආණ්ඩුව ගැසට් කළා. දැන් එකෙන් 32 ක් සංශෝධනය කරලා. 20 ලිව්ව කෙනාට වැඩිය, මේක සංස්කරණය කරන ‘සබ් එඩිටර්ට‘ අවුල්'' යැයි මාතලේ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පැවසුවාය.
ඇය එම කාරණය සඳහන් කර සිටියේ, සමගි ජන බලවේගයේ ‘දිනමු‘ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා රත්තොට, කයිකාවල පැවති රැස්වීමක් අමතමිනි.
''ලියපු කෙනෙක් නැති 20 සංශෝධනය, ලංකා ඉතිහාසයේ ලොකුම ව්‍යවස්ථා විහිළුව බවට පත් වෙලා තියෙනවා. මුල් සංශෝධනයේ තිබුණේ වගන්ති 57 යි. දැන් එකෙන් 32 ක් වෙනස් කරලා තියෙනවා. පේළි 51 ක් වෙනස් කරලා තියෙනවා. ඔන්න ඔහොමයි ‘වියත්මගේ ව්‍යවස්ථා හැදිල්ල‘ යැයි ද ඇය එහිදී පැවසුවාය.
''විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ළමයෙකුට දුන්නා නම් වීට වැඩිය හොඳට 20 සංශෝධනය ලියලා දෙනවා. ලියපු කෙනා නෙවෙයි දැන්, මේක සංස්කරණය කරන කෙනා හොයාගන්න ඕනි.
විධායක ජනාධිපතිවරයෙකුගේ කටින් පිටවෙන වචන ‘සර්කියුලර්‘ කරන්න හදන්නේ, ලියලා ගහපු ගැසට් එකේ වගන්ති 57 න් 32 ක් සංශෝධනය කරන ආණ්ඩුවක්'' යැයි ද කවිරත්න මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසුවාය.







