leader s

සමස්ත ලංකා මහජන කෙංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් කිසිඳු ලෙසකින් ආණ්ඩුවට එක්කර නොගන්නා බවත්, විසිවන සංශෝධනයට ඔහුගේ සහයක් අනවශ්‍ය බවත් ජනාධිපතිවරයාගේ වැඩිමල් සොයුරු

අමාත්‍ය චමල් රාජපක්ෂ කියා සිටියි. 

අමාත්‍ය චමල් රාජපක්ෂ එබව සඳහන් කර ඇත්තේ, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් වවුනියාවේ ඊයේ (01) පැවති එම උත්සවයකට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහභාගී කරවා ගනිමින් ඔහුට ඉහලම පිළිගැනීමක් ලබාදීම රාජපක්ෂවාදී ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ බලවත් විරෝධයට හේතුවී තිබිණ.

 එසේම, එම උත්සව සභාව ඇමතු ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් ගුනවර්ණනාවක් සිදු කිරීමද ඇතැම් රාජපක්ෂවාදීන්ගේ නොසතුටට හේතුවී තිබිණ.

වීඩියෝ 


එම තත්වය යටතේ ඇමති චමල් රාජපක්ෂගේ FB නිවේදනයේ මෙසේ සඳහන් වේ.

මා රාජ්‍ය අමාත්‍ය ධූරය දරන අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ අමාත්‍යාංශයේ පරිපාලනයට අදාළ රාජ්‍ය හා මහජන ගැටළු පිළිබඳව උතුරු හා නැගෙනහිර පළාත් වල ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම මහජන නියෝජිතයන් ද සමග වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (01) දින පැවති සාකච්ඡාව අතරතුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අලුතින් ඉදිකළ ශ්‍රවණාගාරය විවෘත කිරීම ද සිදුවුණි.

ඊට එක් වූ හිටපු අමාත්‍ය සහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වන රිෂාඩ් බදූර්දීන් මහතාගේ  සහභාගිත්වය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ යම් කතාබහක් නිර්මාණය වී ඇත.

විපක්ෂය නියෝජනය කරන ප්‍රදේශයේ මන්ත්‍රිවරයා ලෙස එම අවස්ථාවට සහභාගී වුවද එය ආණ්ඩු පක්ෂය සමග එකතු වීමකට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉදිරි සංශෝධනයන් සඳහා එම පක්ෂයේ සහාය ලබා ගැනීමකට හෝ පියවරක් නොවන බව අප රජය කෙරෙහි විශ්වාසය තබා ඡන්දය ලබා දුන් මහජනතාව වෙත දැනුම් දෙනු කැමැත්තෙමි.

Screen Shot 2020 10 02 at 9.21.17 PM

සබැඳි පුවත :
රිෂාඩ්, ආණ්ඩුවට සෙට් වෙයි ද? - විස්ස ගැන සලකාබලන බව කියයි (Photos)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්