The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
පුවත්

මුස්ලිම් දේහ භූමිදානයට අවසර දුන්නද නැද්ද? චමල් හා විමල් ගැටෙති (Video)

T

The Leader Desk

November 13, 2020 • 4:51 AM

මුස්ලිම් දේහ භූමිදානයට අවසර දුන්නද නැද්ද?  චමල් හා විමල් ගැටෙති (Video)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂ ප්‍රදේශයක් වෙන් කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ පවසයි.
  • ඊයේ දින ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුර දෙමින් ඔහු එබව ප්‍රකාශ කොට ඇත.
  • නමුත් කෝවිඩ් මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිර්දේශ කළ සෞඛ්‍ය තාක්ෂණික කමිටුව මීට පෙර නිකුත් කළ නිර්දේශ වල කිසිඳු වෙනසක් සිදු කොට නැතිබව ආණ්ඩුවට පක්ෂපාත Lanka Lead News වාර්තා කර තිබේ. එවැනි තත්වයක් යටතේ ඇමතිවරයා ඒක පාර්ශවීයව ප්‍රකාශ නිකුත් කිරීම හෙළා දකින බව ජාතික සංවිධාන පවසයි.
  • ඒ අතර දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ පවසන්නේ, මුස්ලිම් භක්තිකයකු වූ අලි සබ්රි අධිකරණ ඇමැති වූ පළියට සෞඛ්‍ය නීති රීති ඇතුළුව රටේ නීති වෙනස් කිරීමට ඉඩ ලබා දිය නොහැකි බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

විශේෂ ප්‍රදේශයක් වෙන් කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ පවසයි.

ඊයේ දින ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුර දෙමින් ඔහු එබව ප්‍රකාශ කොට ඇත.

නමුත් කෝවිඩ් මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිර්දේශ කළ සෞඛ්‍ය තාක්ෂණික කමිටුව මීට පෙර නිකුත් කළ නිර්දේශ වල කිසිඳු වෙනසක් සිදු කොට නැතිබව ආණ්ඩුවට පක්ෂපාත  Lanka Lead News වාර්තා කර තිබේ. 

එවැනි තත්වයක් යටතේ ඇමතිවරයා ඒක පාර්ශවීයව ප්‍රකාශ නිකුත් කිරීම හෙළා දකින බව ජාතික සංවිධාන පවසයි.

ඒ අතර දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ පවසන්නේ, මුස්ලිම් භක්තිකයකු වූ අලි සබ්රි අධිකරණ ඇමැති වූ පළියට සෞඛ්‍ය නීති රීති ඇතුළුව රටේ නීති වෙනස් කිරීමට ඉඩ ලබා දිය නොහැකි බවයි.

එහෙයින් කොරෝනා රෝගය නිසා මියැදෙන කිසිදු පුද්ගලයකුගේ මෘතදේහයක් භූමදානය නොකළ යුතු බව ද උන්වහන්සේ අවධාරණය කර සිටිති.

කෙසේවුවද අමාත්‍ය විමල් විරවංශ පවසන්නේ, කෝවිඩ් වසංගතයෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු භූමිදානය සඳහා විශේෂ ප්‍රදේශයක් වෙන් කරන බවට පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දුවක් නොගත් බවයි.

කැබිනට් මණ්ඩලය කොවිඩ් වසංගතයෙන් මියයන කවරෙකු හෝ වළ දැමීම හෝ ආදාහනය කිරීම පිළිබඳව තීන්දු ගන්නා තැනක් නොවන බවත්, එබැවින් මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ වළ දැමීම පිළිබඳ තීන්දුවක් ගන්නේ නම් එය විශේෂඥ දැනුමක් ඇති සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කළ යුතු කටයුත්තක් බවත් එවැන්නක් සිදු කරන්නේ නම් ඊට හේතු රට හමුවේ තැබීම ද ඉහත කී ප්‍රාමාණික විද්වතුන් විසින් සිදුකළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍යවිමල් වීරවංශ පැවසුයේ, ඊයේ ඊයේ (12) කඩුවෙල පැවති ජනහමුවකදීය.

 

'ඩේලි මිරර්' පුවත !

නමුත්, කැබිනට් මණ්ඩල රැස්වීමට පසුදින 'ඩේලි මිරර්' පුවත්පත වාර්තා කර තිබුනේ, කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට සුදුසු භූමියක් සොයන්නැයි ජනපතිගෙන් උපදෙස් දී ඇති බවයි.

 DM

කොරෝනා ආසාදනයෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා රටේ වියළි කලාපයේ පිහිටි භූමියක් ගැන සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන් බව එම පුවත් වාර්තාවේ සඳහන් වේ. 

පසුගිය කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කළ බව ද එම පුවත් වාර්තාවේ දැක්වෙයි. 

මේ වන විට ලොව සෙසු රටවල් කොරෝනා ආසාදිත මරණ සම්බන්ධයෙන් සිදුකරන අවමංගල කටයුතු ගැන එහිදී සාකච්ඡා කර ඇත. 

ඒ අනුව කොරෝනා ආසාදිතයෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීම සඳහා සුදුසු ඉඩම් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු කරනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සහ මුස්ලිම් ආගමික නායකයන් අතර සාකච්ඡා සිදුවී ඇති බවත් එම වාර්තාවේ තවදුරටත් දැක්වේ. 

මේ වන විට රටවල් 189ක කොරෝනා වැළඳීමෙන් මියැදෙන පුද්ගලයන් ගේ සිරුරු භූමදානයට අවසර දී ඇත. 

 

 සබැඳි පුවත් :

වසංගතයෙන් මියයන මුස්ලිම්වරුන් භුමදානයට අවසර දුන් කතාව ප්‍රචාරය කළ අයට එරෙහිව දොලවත්ත ගෙන් පොලිසියට පැමිණිල්ලක්  

ජනාධිපති ඩබල් ගේමක ද? : 'කොරෝනාවෙන් මියගිය අය වැළලීම වැරදියි' -කමිටු සාමාජිකා මහාචාර්ය මෙත්තිකා විදානගේ

මුස්ලිම්වරුන්ගේ කොරෝනා මල සිරුරු පිළිස්සීම නැවැත්වීමට පෙත්සමක් !

වසංගතයෙන් මියයන මුස්ලිම්වරුන් භුමදානයට අවසර දුන් කතා බොරු

කොරෝනා වලින් මියගෙන මුස්ලිම්වරුන්ගේ දේහයන් මන්නාරම දී භූමදාන කිරීමට අනුමැතිය  

දෙවැනි වසංගත රැල්ල සමග මුස්ලිම්වරුන්ගේ භූමදාන අයිතිය ගැන ප්‍රශ්න

කොරෝනා මරණ : 'මුස්ලිම් දේහයන් වලදානවද පුච්චනවද? -සජීත් අසයි ; මැතිසබය උණුසුම් ! 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මුස්ලිම් දේහ භූමිදානයට අවසර දුන්නද නැද්ද? චමල් හා විමල් ගැටෙති (Video) | The Leader